පංචකර්ම වලින් අංශභාගය සුව කරන්නේ කොහොමද?

පංචකර්ම, කේරලීය පංචකර්ම මෙය අද නිතර අසන්නට ලැබෙන දෙයක්‌ මුලින්ම ඒ ගැන කෙටි හැඳින්වීමක්‌ කළ හැකිද?

ආයුර්වේදයේ පංචකර්ම චිකිත්සාව බොහෝ රෝගවලට ඉතා උසස්‌ ප්‍රතිඵල දෙන්නා වූ ප්‍රධානතම චිකිත්සා ක්‍රම අතරින් එකකි. මෙය රෝග සුව කිරීමටත්, ස්‌වස්‌ථාවය ආරක්‍ෂා කිරීම සඳහාත් භාවිත වන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම චිකිත්සාවේ සුවිශේෂ ලක්‍ෂණය වන්නේ රෝග නිදාන එනම් රෝග හේතුව සම්පූර්ණයෙන්ම ශරීරයෙන්ම උපුටා දැමීමයි.

ආයුර්වේදයට අනුව පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ වමන කර්ම (Emesis), විරේචන කර්ම (Purgation) වස්‌ති කර්ම (Enema therapy) නස්‍ය කර්ම (Errhine therapy) සහ රක්‌තමොක්‍ෂණ යයි (Blood Letting) මේවා ප්‍රධාන කර්මයි.

මෙම ප්‍රධාන කර්ම කිරීමට පෙර රෝගියා සකස්‌ කිරීම සඳහා පූර්වකම කළ යුතුය. එනම් ශරීරයට අභ්‍යන්තර හෝ බාහිරව ස්‌නේහ වර්ග (Unctuous Substances) යෙදීම සහ විවිධ ක්‍රම උපයෝගි කර ගනිමින් ස්‌වේද (Fomentation) යෙදීම සිදුකළ යුතුය.

ප්‍රධාන කර්මවලින් පසු එයට අනුකූලව පශ්චාත් කර්ම සිදුකළ යුතුය. තවද නියමිත ආහාර විහරණ පිළිපැදිය යුතුය.

තවද කේරලීය පංචකර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ද පවතිනවා. එයට ශිරෝධාරා (හිසට තෙල් වැක්‌ කිරීම) පිචිඡිල් (තෙල් නෑවීම) ඥවර කිඡි (ඖෂධීමය කිරිබත් පෙට්‌ටනිවලින් තැවීම) අන්නාලේප (ඖෂධීමය කිරිබත් ඇඟේ ගෑම) සහ ශිරෝලේප (ඖෂධ හිසේ ආලේප කිරීම) අයත්ය.

මීට අමතරව ක්‍ෂුද්‍ර කර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමද භාවිත වේ. මෙම ක්‍රමවලින් බොහෝ ආබාධවලට ඉක්‌මන් වූත් හොඳින් දැනෙන සුවතාවක්‌ සහනයක්‌ ලබාගත හැකියි.

වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන්ම පඤaචකර්ම ප්‍රතිකාර ලබාගන්නා විට පළපුරුදු හොඳ දැනුමක්‌ ඇති දක්‍ෂ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. මන්ද පඤaචකර්ම ප්‍රතිකාර යෙදීමේදී අඩු ලුහුඬු හා වරදීම් ඇති වුවහොත් බොහෝ අතුරු ආබාධ ඇතිවිය හැකි නිසයි.

අතපය වෙවිලීමට (Parkinsonism) ආයුර්වේද ප්‍රතිකාර තිබේද?

ඔව්.. අතපය හා ශරීරය වෙව්ලීමට නිතර දකින හේතුවක්‌ වන්නේ කම්පවාතයයි. මැදි වයස පසු කළ අය අතර මෙය බොහෝ විට දක්‌නට ලැබෙනවා.

මෙම වෙව්ලීම නිසා එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවෙනවා. විවිධ ක්‍රම මගින් හිසට තෙල් යෙදීමෙන්, නස්‍ය කර්ම සහ සුදුසු ඖෂධ යෙදීම මගින් රෝගියාට සෑහෙන සහනයක්‌ ලබාදිය හැකියි. මෙම ප්‍රතිකාර ක්‍රමය දීර්ඝකාලීන ක්‍රමයක්‌ බව මෙහි සඳහන් කළ යුතුයි.

සමහර රෝගීන් ඇවිදින විට විසිවෙන්නට, වැටෙන්නට යනවා මෙන් දැනෙන බව කියනවා. මෙයට ප්‍රතිකාර තිබේද?

ආයුර්වේදයට අනුව මෙය වාත රෝගයක්‌. එසේම ස්‌නායු රෝගයක්‌ නවීන වෛද්‍ය විද්‍යාවේ සඳහන් (Cerebellar degeneration) වෙරි වූ පුද්ගලයෙකු ඇවිදිනවා මෙන් දැනීම, විසිවන ගතිය, එක පැත්තකට වැටෙන්නට යන ගතිය දක්‌නට පුළුවන්.

මෙබඳු රෝගීන් විශේෂිත පඤaකර්ම ප්‍රතිකාර, ශිරෝධාරා ශිරෝවස්‌ති වැනි ක්‍රම මගින් හිසට තෙල් යෙදීම හා විශේෂිත ඖෂධ භාවිතයට සැලැස්‌වීමෙන් විශාල ගුණයක්‌ ලබාගන්න පුළුවන්.

බොහෝ අය අතපයවල හිරිය දැනෙන බව පවසනවා. මේ ගැන ඔබට යමක්‌ කියන්න පුළුවන්ද?

අවයවවල හිරිය බොහෝ රෝග අවස්‌ථාවලදී ඇතිවේ. එන් එක හේතුවක්‌ වන්නේ වාත රෝගයයි. (Neuritis) එම රෝග අවස්‌ථාවේදී විවිධ පංඤaචකර්ම, කේරලීය පඤaචකර්ම, ශරීරයේ තෙල් නෑවීම (සර්වාංගධාරා) වස්‌ති යෙදීම සහ වෙනත් ඖෂධ මගින් මහඟු ප්‍රතිඵල ලබාගත හැක.

මාංශපේශීන්ගේ වැහැරීමට (Myopathy, Muscle Wasting) ආයුර්වේදයෙන් ප්‍රතිකාර කළ හැකිද?

විවිධ ආබාධ තත්ත්වයන් මත මාංශපේශීන්ගේ වැහැරීම ඇතිවෙනවා. මෙය මාංශශෝෂ ඇතිවෙනවා.

මෙම රෝග අවස්‌ථාවලදී මාංශපේශි වැහැරීම, පේශීන්ගේ දුර්වලතාව සහ ක්‍රියාකාරීත්වය අඩුබව ඇතිවෙනවා.

විවිධ පඤaචකර්ම (ආයුර්වේද, කේරලීය හා දේශීය) කෂාය, චූර්ණ වර්ග ආදිය යොදා කෙරෙන ප්‍රතිකාර තුළින් රෝග තවදුරටත් වර්ධනය වීම පාලනය කර මාංශපේශීන්ගේ ශක්‌තිය සහ ක්‍රියාකාරීත්වය වැඩිකළ හැකියි.

පක්‌වාශය ගත වාත (Irritable bowel Syndrome) යනුවෙන් හඳුන්වන්නේ කුමන තත්ත්වයක්‌ද, ඒ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?

එහිදී බඩ පුරවා දැමීම සහ ගත් ආහාරය දිරවන විට බඩ පිපීම ඇතිවේ. විටෙක මලබද්ධයත් තවත් විටක ද්‍රවත්වයෙන් මල පිටවීමත්, සමහර විට හිසරදයක්‌ දක්‌නට ලැබෙනවා.

මෙය සාමාන්‍යයෙන් බහුලව දක්‌නට ලැබෙන නමුත් වැඩි සැලකිල්ලක්‌ යොමු නොකරන අපහසුතාවක්‌ පමණක්‌ ලෙසට සලකන රෝග අවස්‌ථාවක්‌.

විවිධ ක්‍රමවලට උදර ප්‍රදේශයේ තෙල් ගැල්වීම, ශිරෝධාරා, කෂාය, වස්‌තිකර්ම වැනි ප්‍රතිකාර යෙදීම තුළින් මෙයට සුවය ලබාදිය හැකියි.

තවත් බොහෝ වාත රෝග අවස්‌ථාවන් වලදීද ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර මගින් සුවයක්‌ සහ විශාල සහනයක්‌ අනිවාර්යයෙන්ම ලබාගත හැකියි.

1. පක්‌ෂාසාතය (Hemiplegia)

මෙය වාත රෝගයකි. ශරීරයේ වම් හෝ දකුණු අංශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙහිදී දක්‌නට ලැබේ. අධික රුධිර පීඩනය නිසා ඇතිවන මොළයේ අභ්‍යන්තර රුධිර වහනය හෝ රුධිර කැටි හිරවීම මෙයට හේතු විය හැක.

විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර සහ කේරලීය පඤaචකර්ම ප්‍රතිකාර මඟින් විශාල සුවයක්‌ ලැබිය හැක.

විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර සහ කේරලීය පඤaචකර්ම ප්‍රතිකාර මගින් විශාල සුවයක්‌ ලැබිය හැක.

02. අර්දිතය (Facial Paralysis)

මුහුණේ මාංශපේෂීන් ක්‍රියා හානියට ලක්‌වීමයි. පක්‌ෂාසාතය හා සමඟම වුවද ඇතිවිය හැකියි. විශේෂිත අභ්‍යන්තර ප්‍රතිකාර හා කවලග්‍රහ ආදී ක්‌ෂුද්‍රකර්ම මගින් සාර්ථකව සුවකළ හැක. මෙය වාත දොaෂය දූෂණයවීමෙන් ඇතිවේ.

03. කම්පවාත (Parkinsonism) අනිච්ඡානුගතව ඇතිවන අතපය වෙව්ලීම මෙහිදී දක්‌නට ලැබෙනවා. එම නිසා එදිනෙදා කටයුතු කරගැනීම ඉතා අපහසු වේ. දීර්ඝකාලීන ආයුර්වේද ප්‍රතිකාරවලින් විශ්ෂ්ඨ ප්‍රතිඵල ලබාගත හැකි රෝගයකි.

04. හිරිය (Parasthesia)

විවිධ හේතූන් නිසා හිරිය ඇති විය හැක. වාත කෝප්ප, ස්‌නායු ආබාධ, දියවැඩියාව බොහෝ විට හේතුවිය හැක. පඤaචකර්ම ප්‍රතිකාර, සර්වාංග ධාරා ආදිය හිරිය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේ.

05. මාංශකෝෂ (Myopathy, Muscle Wasting)

ශරීරයේ මාංශ පේශි වැහැරීමට ලක්‌වීම මේ නමින් හඳුන්වයි. මෙහිදී වාත දොaෂය ශමනය කරන, ස්‌නායු මෙන්ම මාංශ ධාතුව පෝෂණය කරන චිකිත්සා ක්‍රම යොදාගෙන ඉතා සාර්ථකව ප්‍රතිකාර කළ හැක.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.