ඩිම්බාශ්‍රිත වර්ධනය නැති කිරීමට ගුණ දෙන බෙහෙතක්‌ වැල්මී

ප්‍රශ්නය - ඩිම්බකෝෂ ආශ්‍රිතව හට ගන්නා පිළිකාමය නොවන වර්ධනයක්‌ ගැනත් Ovarian Cyst තත්ත්වයක්‌ ගැනත් පසුගිය සතියේ අප කතා කළා. ඩිම්බය තුළ හට ගන්නා මෙවැනි තත්ත්වයන් පිළිකාවක තත්ත්වයකින් වෙනස්‌ වන හැටි හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්‍ෂණ කළ යුතු බවත් ඔබ පෙන්වා දුන්නා.

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - CA 125 කියලා රුධිර පරීක්‍ෂණයක්‌ තිබෙනවා. මේ මගින් නොවැරදීම බලාගන්න පුළුවන් ඩිම්බය ආශ්‍රිත වර්ධනය පිළිකාවක්‌ ද නැද්ද කියන කාරණය.

ප්‍රශ්නය - පිළිකාමය නොවන වර්ධන හට ගන්නේ කවර වයස්‌ සීමාවේදී ද?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - දරුවන් හදන, ඒ කියන්නේ දරු ගැබක්‌ පිහිටන වයසේ කාන්තාවන්a අතර තමයි මෙය වඩාත් ප්‍රචලිත. අවුරුදු 20 - 30 - 40 - 50 වැනි වයස්‌වල ඉන්න කාන්තාවකට මෙය ඇතිවිය හැකියි. අවුරුදු පනහට වැඩි අය තුළ පිළිකාමය තත්ත්වයක්‌ ඇති වීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මෙවැනි වර්ධනයන් සම්බන්ධයෙන් ආයුර්වේද ප්‍රවේශය කුමක්‌ද?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - ආයුර්වේදය අවුරුදු 5000 කට වැඩි ඉතිහාසයක්‌ තිබෙන විද්‍යාවක්‌. ඒ නිසා ඈත අතීතයේ සිටම මෙවැනි රෝගවලට ප්‍රතිකාර තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් නූතන ඉන්දියාවේ, ආයුර්වේදයට වඩාත් ප්‍රකට කේරළ ප්‍රාන්තය ආයුර්වේද වෛද්‍ය ගුරුකුල මගින් මේ සඳහා ප්‍රතිකාර කරන්නේ මේ විදියටයි. මුලින්ම ඔවුන් කරන්නේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා යටිබඩ ප්‍රදේශයේ පිරිසිදු එඬරු තෙල් ආලේප කරනවා. දිනකට දෙවරක්‌ බැගින් දින 3 ක්‌ මේ ආලේපය සිදු කරනවා. ඊළඟට යටි බඩ තවනවා. මෙසේ උදේ සවස තැවිල්ල සිදු කරගෙන යන විට යටි බඩේ වේදනාව නැතිව යනවා. ප්‍රතිකාරය යන අතරතුර රෝගියාගේ ආහාර පාලනය සිදුවන බව කිව යුතුයි. රෝගියාට මුංඇට කැඳ එක වේලක්‌ දෙනවා. ඉතිරි වේල් දෙක දෙන්නේ ඉතාම සැහැල්ලු ආහාර. මන්ද යත් බර ආහාර දුන්නාම දිරවීම ඉතා දුෂ්කරයි. එවිට යටිබඩේ වේදනාව මතු වෙනවා. කොහොම වුණත් මේ හැම දෙයක්‌ම කරන්නේ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ අනුදැනුම යටතේ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මෙවැනි රෝගවලට ප්‍රතිකාර කරන විට ආයුර්වේදයේ වැඩි වශයෙන් ම කරන්නේ කාන්තා ශරීරය තුළ තිබෙන ඊස්‌ට්‍රජන් සහ ටෙස්‌ටොස්‌ටෙරන් කියන හෝමෝන දෙවර්ගය පාලනය කිරීමයි. දුර්ලභ පැළෑටියක්‌ වන කළුනික ගහේ ගෙඩි වලින් කරන ප්‍රතිකාරය ඉතා ප්‍රබලයි. කාන්තා හෝමෝන පාලනයේදී මේ ශාකය විශාල මෙහෙවරක්‌ කරනවා. ඒ වගේම මී පැණිත් ඉතාම ප්‍රයෝජනවත්. හෝමෝන නිපදවන ඇඩි්‍රනල් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට ලොකු බලපෑමක්‌ කරන්න වැල්මීවලට පුළුවන්.

වැල්මීවලින් හදන එක්‌ බෙහෙතකට හැකියාව තිබෙනවා ඩිම්බාශ්‍රිත වර්ධනයන් ස්‌වභාවිකව දිය කර හරින්න. හාතාවාරිය කුලයට අයත් ඇස්‌පරගස්‌ ශාකයෙන් හදන ඖෂධයකට හැකියාව තිබෙනවා කාන්තා ප්‍රජනන පද්ධතිය ප්‍රතිසංස්‌කරණය කරන්න. කෝමාරිකා ශාකයෙන් හදන ඖෂධයකින් ප්‍රජනන පද්ධතිය අභ්‍යන්තරව පිරිසිදු කිරීමට හැකියි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනවා. නවීන විද්‍යාත්මක ඖෂධ වලින් වගේ ක්‍ෂණික සහනයන් ආයුර්වේද ඖෂධවලින් එන්නේ නැහැ. හැබැයි ඒවායින් ලැබෙන ගුණය ස්‌ථිරසාර ගුණයක්‌. හුඟක්‌ වෙලාවට සමහර ශාකසාරමය ඖෂධ ශරීරයට හඳුන්වා දීමට පටන් ගැනීමෙන් පසු මුල් ප්‍රතිඵලය දෙන්නේ තුන් මාසයකට පසුයි. ඒත් ඒ ප්‍රතිඵලය එනම් එයින් ලැබෙන ගුණය අවුරුදු ගණනාවක්‌ අල්ලා සිටිනවා. විශේෂයෙන් හෝමෝන සමබර කිරීම සඳහා දෙන ශාකසාර ඖෂධ තමයි මේ ආකාරයට ක්‍රියාත්මක වන්නේ. මාස 6 ක්‌ එක ලෙස නිසි විදියට ශරීරයට ආහාර විහරණ කරලා ආයුර්වේද ඖෂධ ගත්තොත් හොඳ ප්‍රතිඵල ස්‌ථිරයි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.