දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න

එන්ඩොමෙට්‌රියෝසිස්‌

මුල් ලිපිවල අපි කථා කළා දරුඵල නොමැති වීමට බලපාන කාන්තාවකගේ රෝගී තත්ත්ව මොනවද කියල එයින් පසුගිය සතියේ අපි කතා කළේ දරුඵල නොමැති වීමට ගර්භාෂගත ගෙඩි බලපාන විදියයි. අද අපි මේ සඳහා අන්තෝමාතෘක පටක ප්‍රදාහය හෙවත් Endometriosis බලපාන ආකාරය සොයාබලමු.

මොකක්‌ද මේ Endometriosis

වෛද්‍ය ඉන්දික නුවන් - ගර්භාෂ පටක ගර්භාෂයෙන් පිටත තැන්පත් වී ඔසප් චක්‍රය වෙනස්‌ වීමත් සමඟ එම හෝර්මෝනවලට සංවේදීව අන්තර් ගර්භාෂ පටක හැසිරෙන ආකාරයටම පිටත පටකත් හැසිරීම මෙහිදී සිදු වෙයි.

මෙය ඉතාම වේදනාකාරී තත්ත්වයක්‌ ඇති කරයි. බොහෝ ගැහැනු දරුවන් ඔසප් වීමත් සමඟම ඉතා වේදනාවෙන් සිටින බව අම්මාවරුන් මෙන්ම ගැහැනු දරුවන් වන ඔබ දන්නවා ඇති.

මෙම පටක විවිධ ස්‌ථානවල තැන්පත් වන අතර එහිදී ඇතිවන රෝගී ලක්‍ෂණ ද වෙනස්‌ විය හැක. ළමා වයසේදී වේදනාකාරී ආර්ථවය, විවාහ වීමෙන් පසුව දරුඵල නොමැති වීම, එසේම විවාහ වීමෙන් පසුවත් වේදනාව පැවතීම.

මොනවද මෙම රෝගයේ ලක්‍ෂණ?

වෛද්‍ය ඉන්දික නුවන් -

01. ඔසප්වීමේදී ශ්‍රොaණි ප්‍රදේශයේ ඇතිවන ඉතා තද වේදනාව Dysmenorrhea

02. ඔසප්වීමකදී අධිකව රුධිරය පිටවීම Heavy Bleeding

03. ඔසප් චක්‍රය අතර කාලයේදී රුධිරය පිටවීම

04. ලිංගික එක්‌වීම් වලදී වේදනාව ඇතිවීම ඒ නිසාම ඒ සඳහා අකැමැත්තක්‌ දැක්‌වීම

05. ඔසප් දිනවලදී මළ බද්ධය ඇතිවීම හෝ බුරුල්වී පිටවීම හා අලස බව

06. දරුඵල නොමැති වීම

මේ සඳහා බලපාන හේතු

01. හෝර්මෝන අසමතුලිතතා

02. ඔසප් දිනවලදී උදරය තද කර බොහෝ කාලයක්‌ සිටීමේදී ඔසප් රුධිරය ගර්භාෂය දෙසට ගමන් කිරීම

03. ඇඹුල් හා විදාහී දේවල් අධිකව ගැනීම

04. විවිධ කෘත්‍රිම ආහාර හා බීම වර්ග අධිකව ගැනීම නිසා රුධිරයේ ඇතිවන විෂභාවය

05. ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ දුර්වලතා ඇතිවීම

පසුගිය සතිවල අපි පළ කළ ලිපි කියවීමෙන් පසු රෝගීන්ට පැනනැඟුණු ගැටලු හා ඒවාට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගී තොරතුරුවලින් පෙනෙන්නේ තවමත් ඔබට සුදුසුම ප්‍රතිකාර සඳහා නියම වෛද්‍යවරු සොයාගෙන නැති බවයි. ශල්‍යකර්ම හා වෙනත් ක්‍රම භාවිතයට පෙර ආයුර්වේද ප්‍රතිකාර සදහා සුදුසුකම්ලත් වෛද්‍යවරු පමණක්‌ හමුවන්න.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.