හෝටලයෙන් වැල්ලට වැල්ලෙන් ගමට
ගිය මොකක්‌ද මේ BEACH PARTY...


*මත්ද්‍රව්‍ය සමග ඇමැති ලේකම් අසුවුණු
  සිද්ධියේ ඇතුල කතාව



ඉන්දියන් සාගරය හතරවටින් දිස්‌වන අපේ රට කුරුළු ඇසකට අපූරුවට පෙනෙයි. අපේ වෙරළ ලස්‌සනය. ඒ ගැන විවාද නැත. නැවතිල්ලක්‌ නැතුව රළ නඟන ඉන්දියන් සාගරය දෙස බලා සිටියාට ඇති වන්නේ නැත. ඒත් රටේත් ජාතියේත් අහේතුවට ඒ සුන්දර වෙරළ අසුන්දර කරන නහුතයක්‌ බහු බූත මේ රටේ වෙයි. සමාජ ජාල මාධ්‍ය විසින් බෝකළ රෝගයක්‌ වු BEACH PARTY සුන්දර වෙරළ අසුන්දර කරන තවත් එක්‌ විකාරයකි.

නිල්වන් සාගරයකිනුත් රිදීවන් වෙරළ තීරයකිනුත් වට වූ අපේ රට සැබෑ සුන්දරත්වයෙන් පිරි රමණීය දිවයිනකි. සොබාදහම් මාතාව ලංකාව වෙනුවෙන් මැවූ වෙරළ තීරය වෙන කිසිදු රටක්‌ වෙනුවෙන් මවන්නට සිතා නැත. අපේ වෙරළ සුන්දරය. ඒ ගැන සැකයක්‌ නැත. එනමුත් රටේත් ජාතියෙත් අහේතුවට මේ සුන්දර වෙරළ භාවිත වන්නේ අසුන්දර දේ වෙනුවෙන්ය. මෑත යුගයේ ඉපදී අද වන විට හැම තැනම ඔඩුදුවා ඇති BEACH PARTY වසංගතය අපේ සුන්දර වෙරළ අසුන්දර කරන තවත් එක්‌ විකාරයකි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩල නිලධාරියෙක්‌ වන සමීර මනහර මහතා පසුගිය 5 වැනිදා ගල්කිස්‌ස හෝටල් පාරේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදටය. ගල්කිස්‌ස වෙරළට වෙනදාට නැති තරම් තරුණ තරුණියන් පිරිසක්‌ පැමිණීම ගැන සැකසිතී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කළ සොයා ගැනීමේදී FACE BOOK මගින් හඳුනාගත් තරුණ තරුණියන්ගේ BEACH PARTY එකක්‌ එහි පැවැත්වෙන බව හෙළිදරවු වී ඇත.

මෙම සාදයේ සංවිධායකයා ගැන කරුණු සොයා බැලීම්වලින් පසු ගල්කිස්‌ස රෝහල් පාරේ ගමන් කළ පැඡරෝ රියක සිටියදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නිලධාරියා මේ වන විට ඉල්ලා අස්‌ වී ඇතිමුත් BEACH PARTY ගැන සමාජ අර්බුදය ඉන් නවතින්නේ නැත.

ලංකාවේ BEACH PARTY STAMP PARTY අද වන විට සාමාන්‍ය කරනය වී හමාරය. පාසල් ශිෂ්‍යයන්ගේ සිට සාමාන්‍යයෙන් අවුරුදු 30 පම ණ වන තෙක්‌ තරුණ තරුණියන් මේවාට සහභාගී වේ. විශේෂයෙන්ම ගල්කිස්‌ස, මීගමුව, හික්‌කඩුව වැනි ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයේ එක්‌ අංගයක්‌ පමණක්‌ වන තරමටම BEACH PARTY සාමාන්‍ය දෙයකි. ඒත් මේ BEACH PARTY වලට සහභාගී වන්නේ එකී ප්‍රදේශවල තරුණ තරුණියන් පමණක්‌ යෑයි මින් අදහස්‌ නොවේ. BEACH PARTY වලට ලංකාවේ හතර දිග්බාගයෙන්ම තරුණ තරුණියන් ඇදී එයි. මේ සඳහා කපුකම දෙන්නේ FACE BOOK ය. BEACH PARTY වල උපත ඇති වන්නේ ලක්‌සමාජයේ සමාජ ජාල මාධ්‍ය භාවිතය අතුරු සිදුරු නැතිව විසිරී ගිය පසුය. වෙරළබඩ සංචාරක පුරවරයන් ආශ්‍රීතව ඇති සමාජ විපර්යාසයන්ට පත් වූ නගර BEACH PARTY වල තිඹිරිගෙය විය. විශේෂයෙන්ම මීගමුව, හික්‌කඩුව වැනි ප්‍රදේශ මේ සඳහා මූලිකත්වය දැරීය. භෂඨ්‍යඔ Cඛඹඊ ජීවිතයට එහා ගිය වෙනස්‌ ආකාරයක වින්දනයක්‌ සොයා ගිය පිරිස්‌ BEACH PARTY වටා එක්‌රොක්‌ විය. මුල් යුගයේ තරුණයන් විශේෂයෙන්ම BEACH BOY ලා එක්‌ වී වෙරළේ සිංදු කියමින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් PARTY දැමීමට විය. මේ ආකාරයෙන් වෙරළාසන්නයේ ඇති වින්දනීය පරිසරයත්, වෙනස්‌ ආකාරයක අත්දැකීමුත් නිසා මේ PARTY වලට වෙනත් තරුණයන්ද තරුණියන් ද එකතු විය. මෙය මඩිය තර කර ගැනීමට කදිම අවස්‌ථාවක්‌ බව වටහාගත් අය මුලින් මුලින් එම ප්‍රදේශවලට තරුණ තරුණියන් එක්‌ කොටගෙන BEACH PARTY දැමීමට පටන් ගත්තේය. මුල් කාලයේ මේවා ආශ්‍රීතව හෙරොයින්, හෂීස්‌, ඈෂ් ආදී මත් ද්‍රව්‍ය පමණක්‌ තිබුණද වැඩි කල් නොගොස්‌ ඒවාට DAY RAPE DRUGS ( DANCING TABLET අයත් වන්නේ මේ වර්ගීකරණයටය. FACE BOOK වැනි සමාජ ජාල භාවිතය සමාජයේ සාමාන්‍යකරණය වූ පසු මෙම PARTY. වල පිංතූර හා වීඩියෝ දර්ශන FACE BOOK හරහා සංසරණය විය. පසුව BEACH PARTY පිළිබඳව FACE BOOK හරහා තොරතුරු සංසරණය විය. මේ තොරතුරු සංසරණය වන්නේ මිතුරු පිරිස සමඟ පමණක්‌ නිසා අන් අයට මේ ගැන සොයා බැලීම මදක්‌ අපහසු විය.

BEACH PARTY සමාජයේ හැම මට්‌ටමක දැකිය හැකිය. කාලයකට ඉහත එක්‌ එක්‌ සමාජ පංති උදෙසා වෙන වෙනම BEACH PARTY තිබුවද අද වන විට OPEN BEACH PARTY දැකිය හැකිය. මෙම OPEN BEACH PARTY වලට ඕනෑම අයෙක්‌ට පැමිණිය හැකිය. මේ BEACH PARTY වලදී PACKAGE ක්‍රමය සේවාව ලබාගත හැකිය. ඇතුළු වීමේ ගාස්‌තුව 2500 සිට 15,000 වන තෙක්‌ විවිධ PACKAGE ඇත. ඇතුල් වන විට ගෙවූ මුදල් ප්‍රමාණය අනුව විවිධ පාටවල් වලින් අත්පටි අතේ බඳියි. ඔවුන්ට FREE DRUGS හා අනෙක්‌ සේවාවන් ද ලැබෙන්නේ මේ හරහාය.

OPEN BEACH PARTY පැවැත්වීමට ඇති ප්‍රමුඛම හේතුව වෙනම කථාවකි. සාමාන්‍යයෙන් රුපියල් 2500 යේ BAND එකකින් එන්නේ පහළ මධ්‍යම පංතියේ හා තුන්වන පංතියේ අයයි. මෙහිදී ඉහළ මධ්‍යම පන්තියේ හා සුපිරි පැලැන්තියේ පිරිස්‌ හටත් පහළ මධ්‍යම පන්තියේ හා 3 වන පංතියේ පිරිස්‌ හටත් ඔවුනොවුන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එහිදී සල්ලිකාර තරුණ තරුණියන් හට තමන් කැමති තරුණ තරුණියන් අන් අය අතුරින් සොයා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙකී දෙපිරිසටම එකිනෙකා හමුවන්නට අවස්‌ථාව හමුවන්නේ කලාතුරකිනි. ඒත් BEACH PARTY වලදී ඔවුන් ලද අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දෙපිරිසම උත්සුක වේ. මෙහිදී සල්ලිකාර තරුණයන්ගේ බලාපොරොත්තුව ඕනෑම දේකට එකඟ වන ලිංගික සහයකයෙක්‌ හෝ සහයිකාවක්‌ මෙන්ම මිතුරෙක්‌ හෝ මිතුරියක්‌ව සොයා ගැනීමය. දුප්පතාගේ බලාපොරොත්තුව මොනම කෙහෙල්මලක්‌ කර දී හෝ මුදල් ලබා ගැනීමටය. මීට අමතරව හොඳම මත්ද්‍රව්‍ය, රසවත් ආහාර දේශීය හා විදේශීය සංචාර, විනෝදය ආදියද මේ ලයිස්‌තුවේ දැකිය හැකිය.

BEACH PARTY ගැන සොයා ගිය ගමනේදී අපට එක්‌ විශේෂ චරිතයක්‌ හමුවිය. ඔහු ඔහුගේ මිතුරා මුණගැසී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර BEACH PARTY එකකදීය. පියා නොමැතිව මවගේ යටතේ හැදී වැඩුණු ඔහුට අවශ්‍ය වූයේ උසස්‌ පෙළ විභාගයට අවශ්‍ය මුදල් සොයා ගැනීමටය. ඉගනීමට ඉතා දක්‍ෂ වූ ඔහු අවසානයේ ජීවත් වී ඇත්තේ ද ඔහුගේ මිතුරාගේ නිවසේය. මිතුරාවත් හවුල් කරගෙන ඉගනීම් කටයුතු කළ ඔහු පසුගිය වසරේ විශිෂ්ට ලෙස සරසවි වරම් ලබා තිබුණි. සරසවි වරම් නොලද ඔහුගේ මිතුරා ද උසස්‌ පෙළ සමත් වී සිටියේය. සල්ලිකාර මිතුරාට අවශ්‍ය ලිංගික සහය දීමෙන් ඔහුට මුදල් ලැබුණි. ඔහු ඔහුගේ මිතුරා ද අයිති වන්නේ මේ රටේ ශිෂ්‍යයන් යන කුලකයටය. සල්ලි මැවුව වෙනසක අරුමය කොපමණද?

BEACH PARTY වල භාවිතයට ගන්න මත්ද්‍රව්‍ය අතර "DRD" නැතිනම් DAY RAPE DRUGS වර්ග ඉතා ප්‍රසිද්ධය. ROHYPNOL, ECSTASY හා KETAMENE මේ අතර ප්‍රධාන තැනක්‌ ගනියි. ECSTASY හා ROHYPNOL පෙති බොහෝ විට හඳුන්වන්නේ DANCING TABLET ලෙසය.

ROHYPNOL වලට වීදි නම් රැසකි. FORGET PIUSR-2 ROACH 2, ROPE, MIND ERASER, FORGET PILLS ඒ අතරින් සමහරකි. විවිධ හැඩයන්ගෙන් විවිධ පැහැයන්ගෙන් මෙම පෙති දැකිය හැකිය. එමෙන්ම තවත් විටක මේවා ශරීරයට එන්නත් කර ගැනීමට හැකි අයුරින් නිපද වු ROHYPNOL ප්‍රභේද ද දැකිය හැකිය. මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මතකය මකා දමා සංගීතය මත් කරයි. ROHYPNOL වලට මත් වූ විට දැනෙන හැඟෙන එකම දෙය සංගීතයයි. විශේෂයෙන්ම BEACH PARTYවල භාවිතා වන වේග රිද්ම DJ MUSIC මෙහිදී ඉතා වැදගත්ය. එය භාවිතා කළවිට ශරීරය මනසේ පාලනයෙන් ගිලිහෙයි. එවිට තමන්ට සිදුවන දේ මත් වූ පුද්ගලයාට වැටහෙන්නේ නැති අතර බොහෝ විට මෙහිදී ලිංගික අපයෝජන හා අපචාර පවා සිදුවේ. මීට අමතරව වමනය, අඩු රුධිර පීඩනය කරකැවිල්ල වැනි අතුරුඵල ROHYPNOL භාවිතයෙන් ඇති විය හැකිය.

ලංකාවේ සුප්‍රසිද්ධ DANCING TABLET එකක්‌ නැතිනම් DAY RAPE DRUG එකක්‌ ලෙසට ECSTASY නැතිනම් GHB හඳුන්වා දිය හැකිය. ඇමරිකානු නිෂ්පාදනයක්‌ වන ECSTASY පෙති, කරල් කුඩු මෙන්ම එන්නත් ලෙසින් දැකිය හැකිය. විවිධ හැඩයන්ගෙන් පැහැයන්ගෙන් පමණක්‌ නොව විවිධ ප්‍රභේදයන්ගෙන් දැකිය හැකි ECSTASY ENERGY DAINK GAMA 10 VITA - GOOD, SALT WATER, SOAP, BLUE
WATER, BLUE NINO, BLUE MONSTER ලෙසත් හඳුන්වයි. සිහිනයක්‌ තුළ ජීවත් වනවා වැනි හැඟêමක්‌ ලබාදෙන ECSTASY ලොව ඇති භයානකම DAY RAPE DRUG වර්ගයක්‌ ලෙස හැඳින්වූවාට වරදක්‌ නැත. විශේෂයෙන්ම ගෙම්බා, ටික්‌ ටික්‌, මෙරූ, නීල්, ට්‍රැම් වැනි නම්වලින් හඳුන්වන මත් පෙති වර්ග ECSTASY මත්ද්‍රව්‍යයේ විවිධ මුහුණුවරයන් වේ.

ලංකා BEACH PARTY වල දැකිය හැකි තවත් එක්‌ DAY RAPE DRUG එකක්‌ ලෙසට KETAMENE හඳුන්වා දිය හැකිය. GREEN, JET, K, K HOLE , KIT KAT, SPECIAC K
BABY FOOD වැනි වීදි නම් වලින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය (HEROIN) හෙරොයින් රාජධානියේ සාමාජිකයෙකි. මේවා භාවිතයෙන් අධි රුධිර පීඩනය ඇති වන අතර හැඟêම්වලද ශරීරයේද පාලනය නැතිවේ.

මෙම මත්ද්‍රව්‍යවලට DAY RAPE DRUGS ලෙස මෙම BEACH PARTY වලට එන ඕනෑම සල්ලි කාරයෙක්‌ට තමන් කැමති ඕනෑම තරුණයෙක්‌ හෝ තරුණියක්‌ සමඟ හැසිරීමට ඉඩ ලබා දෙන බවට එහි සංවිධායකයන් පොරොන්දු දෙන්නේ හේතුවක්‌ ඇතිවය. මේවා යම් කිසි පානයකට එක්‌ කළ විට ඒ පිළිබඳ එය පානය කරන තැනැත්තා දන්නේ නැත. ඒ එහි කිසිම වර්ණයක්‌, සුවඳක්‌ හෝ රසයක්‌ නැති නිසාය. එම මත්ද්‍රව්‍ය යමෙක්‌ගේ ශරීර ගත වූ විට සිදු වන දේ ගැනවත් සිදු වූ දෙය ගැනවත් ඔවුන්ට වැටහීමක්‌ වත් මතකයක්‌වත් නැත. තමාම මෙම මත්ද්‍රව්‍ය භාවිතා කළත් වෙනත් අයෙක්‌ හොරෙන් ශරීර ගත කළත් ඉන් ඇතිවන වෙනසක්‌ නැත. මේවා භාවිතයෙන් වන කාම අපරාධ හොයන්නට ජනාධිපති කොමිසමක්‌ පත් කරන්නට වන බවට සැකයක්‌ නැත.

තූල්, හෙරොයින් KG (කේරල ගංජ), හෑෂ් (ඈෂ්) ආදී මත්ද්‍රව්‍යද මෙම BEACH PARTY වල දැකිය හැකිය. විශේෂයෙන්ම තරුණියන් සඳහාම විශේෂයෙන් නිෂ්පාදිත STICKER STAMP වර්ගද දැකිය හැකිය.

පොඩි ඩිජිටල් කැමරා බැටරි පෙට්‌ටියක්‌ වැනි කුඩා ප්ලාස්‌ටික්‌ පෙට්‌ටියක STICKER 10 ක්‌ පමණ ඇත. සාමානයෙන් මෙම STICKER රුපියල් 1000/1500 ක සිට ඉහළ මුදලකට අලෙවි වෙයි. මේ STICKER එක්‌ සාමාන්‍යයෙන් හතර දෙනෙක්‌ එකතු වී හතරකට කඩා භාවිතා කරයි. (STCKER කථාව) එසේමය.

DRD, STAMP STICE SRTCKER ආදියෙන් සමහරක්‌ භාවිතා කළ පසු දැඩි පිපාසයක්‌ ඇති වෙයි. මේ PARTY වලට පිටින් කිසිවක්‌ ගෙන ඒම තහනම්ය. ඇතුළේ අවශ්‍ය සියලුම දේ ඇත. ඒත් මිලි ලීටර් 500 යේ වතුර බෝතලය අලෙවි වන්නේ රුපියල් 500 ක්‌ වැනි මුදලකටය. BEACH PARTY වලින් සමාජානුයෝජනය වන පාසල් සිසුන් තරුණ තරුණියන් ගැන කියන්ට ඇත්තේ ඔවුන්ට ඇත්තේ අබසරණ පමණක්‌ කියා පමණි. BEACH PARTY යනු ලංකාවේ මත්ද්‍රව්‍ය කලඑළි බසින රන් දොරකි. ලංකාවේ මීට පෙර නොතිබුණු මත්ද්‍රව්‍ය සමාජගත කිරීමට BEACH PARTY යොදා ගැනීම හැම අතින්ම පහසු හා ආරක්‍ෂිත බව ඒවා සංවිධානය කරන්නෝ හොඳින්ම දනියි. මේ සංවිධායකයන්ගෙන් වැඩි දෙනෙක්‌ පාතාලයට හෝ දේශපාලනයට නම ඈඳුනු අයගේ අතකොළුය. පාතාලයේ දේශපාලනයේත් අතර වෙනස වෙනම මාතෘකාවකි. BEACH PARTY වල ඇති මත්ද්‍රව්‍ය දෙස විමසිලිමත්ව බැලූ විට පැහැදිලි වන දෙයක්‌ ඇත. මේ මත්ද්‍රව්‍යවලින් බොහෝමයක්‌ ඉහත කී දෙපිරිසෙන් උදවු නැතුව ගෙන්විය නොහැකිය. DRD හෙරොයින්. හෂීස්‌ යනු හොර ගල් අරක්‌කු නොවේ. ඒවා ලංකාවේ නිපදවිය නොහැක. ඒවා ලංකාවේ නිපදවනවා නම් එම ගැටලුව පොලිසියට අයත් ප්‍රශ්නයකි.

BEACH PARTY වල කතාව එසේය. ඒවා සාමාන්‍ය කරණය වූ වේගය දෙස බැලූ විට නොදුරුම දිනක ලංකාවේ අපට BIRTHDAY එක BEACH PARTY එකකින් STAMP PARTY එකකින් සමරන එක විලාසිතාවක්‌ වන හැටි අපිට බලාගන්නට හැකිය. මෙතෙක්‌ ලංකාව නොදුටු මත්ද්‍රව්‍යවලට සමාජානුයෝජනය කරන BEACH PARTY එතරම් දුර යනතෙක්‌ නොසිට වැසීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අයිති මේ රටේ මහ තැනටය.

මධුෂාණී කොඩිතුවක්‌කු
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.