2017 අගෝස්‌තු 13 ඉරිදා
 

 
 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

 


යහපාලන ආණ්‌ඩුවේ සිය පාර්ශ්වකරුවා වන ශ්‍රී ල නි ප යෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.


රවී බිල්ලක්‌ විතරයි අනිත් හොරු කෝ?
- විජිත අසයි

නිධානයට දුන්න නර බිල්ල තමයි රවි කරුණානායක. නමුත් නිධානය තවම හසු වී නැහැ. එය ගත්තේ කවුද කියලා තවම හෙළි දරව් වෙලා නැහැ. අපි බල කරන්නේ චූදිතයන්ට නීතියෙන් දඬුවම් දෙන්න. බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව නැවත ඔවුන් ගෙන් අයකරගෙන රටට....


මොන අභියෝගය ආවත් හම්බන්තොට
වරාය නැවත පවරා ගන්නවා...
- ආණ්‌ඩුවේ දෝෂාභියෝගයට ලක්‌වීමට නියමිත ඇමැති විඡේදාස

මේ ගිවිසුම වැරදියි කියන අදහස නීති ක්‍ෂේත්‍රවල යනවා. වරායට පුළුවන් ඊට අයත් දේපළක්‌ වරායේ උන්නතිය සඳහා විකුණා ගන්න. නමුත් වරායට පුළුවන් ද වරාය විකුණන්න. ඒකයි තර්කය.


ශ්‍රි ලංකා මහජන පක්‌ෂයේ 141 ක්‌ ජවිපෙන් මරා දැමූ හැටි

ජවිපෙ ප්‍රහාර යන් ප්‍රථම වරට මහජන පක්‌ෂ යට එල්ල වූයේ 1986 දී විජය යාපනයට සහ ඉන්දියාවට දෙවරක්‌ම ගොස්‌ දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ සාකච්ඡා කිරීමත් සමඟය. මේවාට මුහුණදීමට මහජන පක්‌ෂයේ 31  කට වව්නියාවේ ප්ලොට්‌ කඳවුරුවලදී පුහුණුව ලබාදෙන ලදී.


ආවා කල්ලියේ
රහස මෙන්න...

යාපනයේ සාමාන්‍ය දෙමළ තරුණයකු වූ කුමරේෂන් රත්නම් ආවා කල්ලියේ මුල්ම නායකයා වුණේය. 'ආවා' යනු කුමරේෂන්ට පාසල් වියේදී පටබැඳුණු නමකි. පසු කලෙක ඔහු විසින් බිහිකළ කල්ලිය 'ආවා' කල්ලිය ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය.


ඇසළ පෙරහැර
අස්‌සේ හැංගුණු
කසළ සැණකෙළිය..

උඩරට ව්‍යාපාරිකයා පෙරහැර සමයේ, මාන බලන්නේ හැකි තරම් මුදල් කුට්‌ටි ගොඩගසා ගැනීමටය. එහෙයිනි මෙවර රන්දෝලි පෙරහැර වන විට එක්‌ අසුනක්‌ 15000/- පමණ සහ ඊට ද වැඩි මිලකට අලෙවි වූයේ.


ප්ලාස්‌ටික්‌ හෝ පොලිතීන් කසළ ද්‍රව්‍යයක්‌ නෙමෙයි
මහාචාර්ය සුදන්ත ලියනගේ

මැලේසියාව වැනි රටවලින් පිරිසිදු ප්ලාස්‌ටික්‌ අඩුමුදලට ගෙන ඒම නිසා භාවිත කරන ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය කරන්නෙ නැතිව කසළ විදිහට ගොඩගහනවා. එමනිසා මුලින්ම කළ යුත්තේ අඩු මුදලට පිරිසිදු ප්ලාස්‌ටික්‌ පිටරටින් ගෙන්වීම නතර කරන්න ඕන.


රුසියානුවෝ ලෙනින්ට වගේම පුටින්ටත් ආදරෙයි

පිට පිට තෙවැනි වරටත් ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පත්කිරීමට ෆොaබ් ව්‍යාපාරික සගරාව තීරණය කළේය. ඔවුන් ඊට හේතුපාඨ වශයෙන් සඳහන් කර තිබුණේ - කොතරම් බලපෑම් එල්ල වුවත් තමන්ට රිසි දේ කීරීමට තරම් ලොව සිටින එකම තැනැත්තා පුටින් බවයි.


ගාන්ධි, මනු සමඟ නිරුවතින් !

1947 දී ශූෂිලා ගේ වයස අවුරුදු 33 ක්‌ විය. එවිට ගාන්ධි ගේ වයස අවුරුදු 77 ක්‌ විය. 1947 දී ශූෂිලා ඉවත් වීමෙන් පසු 18 හැවිරිදි මනු ,ගාන්ධිගේ යහනේ සැතපුණු ස්‌ත්‍රිය විය.

බැඳුම්කර කොමිසමෙන් රටම හොල්ලන කවුද මේ දප්පුල ද ලිවේරා?

ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම නීතිඥ මණ්‌ඩලයට නිසි නායකත්වය සපයමින් රට වෙනුවෙන් විශිෂ්ට වෘත්තීය මෙහෙවරක්‌ ඉටු කරමින් සිටීම ගැන යහපාලනය අගයන මුළු මහත් රටවැසියාගේම ගෞරවාදරය හිමිවිය යුතුව තිබේ.


කරවෙන වැලිඔයේ
තිබහට කඳුළු වතුර
බොන මිනිස්‌සු


දැන් අවුරුදු දෙකකින් විතර වැස්‌ස නෑ. නළ ළිනුත් හිඳිලා. නළ ළිඳකින් වතුර ටිකක්‌ ගන්නත් හැතැක්‌ම ගානක්‌ පයින් යන්න ඕනෑ. බොන්න වතුර නෑ.  දැනටත් හැම පවුලකම වගේ වකුගඩු රෝගීන් ඉන්නවා...


නගරයේ පන්සලට ආ ගමරාල; රටේ අගමැති
තමා බව කියයි

එතුමා වාසය කරන්නෙ දැන් මේ පාරෙන් එහා පැත්තෙ අරලියගහ වලව් වෙනෙ. ඉතින් විවේක වෙලාවක මෙතුමා ලොකු කමක්‌ නොබලා සරමක්‌ බැනියමක්‌ ඇඳලා අරලියගහ වලව්වේ පිටිපස්‌සේ ගේට්‌ටුව ඇරගෙන මාව බලන්න මෙහෙම එන එක සිරිතක්‌ වෙලා"


පනින පිමි ගහන කරනම් පාරේ නොදා ක්‍රීඩාවක්‌ බවට පත් කරන්න "අයිඩියල්" අතහිත

ලංකාවේ වාහන ලක්‌ෂ 65 ක්‌ පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ලක්‌ෂ 36 ක්‌ තියෙන්නෙ යතුරුපැදි. ඒකෙන්ම පේනවා යතුරුපැදි සඳහා මෙරට ජනතාවගේ ඉල්ලුම මොන වගේද කියන කාරණය. අපි කල්පනා කළා යතුරුපැදි ආශ්‍රිතව කරන ක්‍රීඩාවක්‌ ලෙස Stunt සඳහා යමක්‌ කළ යුතුයි කියන දෙය.


ආප්ප මැලේ ආහාරයක්‌ද?

මැලේ වරුන් හට තම නිජබිම් කරා යැමට ඉංග්‍රීසි ආණ්‌ඩුව අවකාශ ලබා දුන්නද බහුතරයක්‌ මැලේවරු ඊට එකඟ නොවූහ. ඒ ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ස්‌ථීර පදිංචිය දැරීමට වැඩි කැමැත්තක්‌ දැක්‌ වූ බැවිනි.


ශරීරයේ ඉන්ද්‍රියයන් සිහි ගන්වන එළවළු පලතුරු


තක්‌කාලි ගෙඩියක්‌ දික්‌ අතට පලා නිරීක්‌ෂණය කළහොත් එය කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින් සැදුම්ලත් අපගේ හදවතේ අභ්‍යන්තරය සිහි ගන්වයි. තක්‌කාලි වනාහි හදවතේ නීරෝගිකම සහ හදවත් රෝග වලින් වළකින්නට ඉවහල් වන ලයිකොපීන් (Lycopene)......


හික්‌කඩුවට මොකද වෙන්නේ?

සංචාරක කාල සීමාවේදී (Season) දිනකට බෝට්‌ටු වාර 100 ක්‌ පමණ ක්‍රියාත්මක වන අතර එම කාලසීමාවේදී හා රජයේ නිවාඩු දිනවලදී කොරල්පර සැලකිය යුතු ලෙස විනාශයට ලක්‌වේ. ඇතැම් විටෙක සංචාරකයෝ කොරල්පර මත ඇවිදිති- සංචාරයේ ස්‌මාරකයක්‌ ලෙස කොරල්පර කොටසක්‌ කඩා ගනිති.


ලෝකයේ සිවුවැනි වැඩිම බර දරු උපත ශ්‍රී ලංකාවේ
බර කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 980ක්‌

අපි අම්මාත් දරුවාත් පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌වූවා. ඒ නිසාම දරුවාට සති 38 ක්‌ පිරෙද්දී සිසේරියන් සැත්කමකින් අපි දරුවා එළියට ගන්න තීන්දු කළා. ඒ සියලු කාරණා මේ වන විට ඉතාම සාර්ථක වෙලා තිබෙනවා.


වයස 16යි; ගාණ පහලොස්‌දාහයි

ඉකුත් වසර අ. පො. ස. සා. පෙළ සඳහා පෙනී සිටි ඇති මෙම තරුණියගෙන් හෙළිවී ඇති කරුණක්‌ වන්නේ ඇය සල්ලාලයන් සමඟ යහන්ගතවී ඇත්තේ ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට මුදල් ඉපයීම පිණිස බවය.


සත්‍ය රස කතාවක්‌
සොරුන් ගල්කළ බරම්පොල කෝරාළ


යන කරත්තය වහා නැවැත්වූ ඔවුන් බරම්පොල කෝරාළ දෙසට කඩාපැනීමට තැත් කරත්ම තම අත්ලට මතුරා ඔවුන් දෙසට අත දිගුකළ බරම්පොල කෝරාළ ජඃ ජඃ කියා ගොනාට අණකරමින් තම කරත්තය දක්‌කාගෙන ගියේ කිසිම හැලහොල්මනක්‌ නොමැතිවය.


 
  • රාජපක්‌ෂ පවුලේ සහ ඒකාබද්ධයේ
    දූෂණ සෙවීමට අධිකරණ යාන්ත්‍රණයක්‌

    එජාප මන්ත්‍රී පිරිසක්‌ ඉල්ලති

    හිටපු ජනාධිපති ඇතුළු රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයන්ට විරුද්ධව එල්ල වී ඇති මහා පරිමාණ වංචා දූෂණ චෝදනා පිළිබඳව කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක්‌ සකස්‌ කරන ලෙස අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට බලකිරීමට....

  • සාකච්ඡා කර මාසයයි ජනපති නිහඬයි...
    - මැදගම ධම්මානන්ද නාහිමි

     

    මිල මුදල් යාන වාහන සපයමින් සංඝරත්නය සතුටු කිරීමට කටයුතු කිරීම පසෙක තබා රට ජාතිය ආරක්‌ෂා කිරීම උදෙසා අභ්‍යන්තර හරය රැක ගැනීමට ක්‍රියා කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ෙත්‍රෙනිකායික සංඝරත්නය යළි සිහි කරන බව අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

  • වී අස්‌වැන්න හරි අඩකින් අඩුවෙයි...

    සාමාන්‍යයෙන් වී වගාව හෙක්‌ටයාර් ලක්‍ෂ හතරක්‌ පමණ වගා කරන බවත්, එය මෙවර ලක්‍ෂ දෙක දක්‌වා අඩුවී ඇති බවත්  වී අස්‌වැන්න ඉදිරි මස සඳහා පමණක්‌ ප්‍රමාණවත් වනු ඇති බවත්, එබැවින් සහල් හිඟයක්‌ ඇතිවිය හැකි බවත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආර්. ආර්. ඒ. විඡේකෝන් මහත පැවසීය.

  • යාපනයේ බුද්ධි අංශ ශක්‌තිමත් කරයි...

    යාපනය නගරයේ විශේෂ කාර්ය බළකායට අමතරව ගුවන් සංක්‍රමණික බළකායට අයත් හමුදා භටයන්ද ආරක්‌ෂාවට කැඳවා තිබේ. කෙසේ නමුත් සිවිල් පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාවට පවරා නැත.
     

  • ආණ්‌ඩුවේ රැවුලත් බේරාගෙන කැඳත් පානය කළ රවිගේ ඉල්ලා අස්‌වීමේ මෙහෙයුම

    පසුගිය බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ එක්‌තරා භෝජන සංග්‍රහයකදී ජනාධිපතිවරයා විසින් රවි කරුණානායකට අවවාද කරමින් වහාම ඉල්ලා අස්‌වෙන්නැයි දැනුම් දුන් බව අපට ආරංචි වුණේ ජනාධිපති කාර්යාලයීය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකිනි. එහෙත් සිය ලැඡ්ජාව වළකන්නට දොa රවි කරුණානායක එවන් සිදුවීමක්‌ වූයේ නැති බව ප්‍රකාශ කර ඇත.

  • ඡන්ද නැති රටේ වරිපනම් ගෙවන්නේ මොකටද?

    ඔය දේශප්‍රිය මහත්තයාම මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක්‌ සේවය කරලා තියෙනවා. ඔය කොට්‌ඨාසයක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම්, එයාට ඒක බලාත්මක කිරීමට සම්පූර්ණ බලය තියෙනවා. නීතිය අබිබවා හෝ ඡන්දය බලාත්මක කිරීම සඳහා කොමිසමට බලයක්‌ තිබෙනවා. ඒක කරන්නේ නැතුව එයාලා, ඡන්දය කල් දානවා.

  • මෙන්න ඇත්ත...
    ස්‌විස්‌ ඩයස්‌පෝරාවේ යාපනය මෙහෙයුම

    අද කොටි ඩයස්‌පෝරාවේ ප්‍රබලම ක්‍රියාකාරිත්වය දියත් වන්නේ ස්‌විස්‌ටර්ලන්තය තුළය. එහෙත් ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව ගැන රජයේ යාන්ත්‍රණය නිසි විමර්ශනයක්‌ කර නොමැත. අඩු වශයෙන් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියෙක්‌ද නැත. ස්‌විස්‌ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නොවීම නිසා කොටින්ට ඕනෑම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ මෙහෙයවීමේ අවකාශ ලැබී ඇත.

  • හිල් වූ ක්‍රිකට්‌ බැලුමට හුළං ගැසීම...

    තිලංග සුමතිපාල දැන්වත් ඡන්ද අහේනිය පසෙක දමා ක්‍රිකට්‌ සැලැස්‌ම වෙනස්‌ කරමින් මෙරට ක්‍රිකට්‌ ඔසවා තැබීමේ මෙහෙයුමක නිරත විය යුතුය. නැතිනම් එසේ කළ හැක්‌කෙකුට ක්‍රිකට්‌ කරවන්නට රජය මැදිහත් විය යුතුය. මේ දෙකම සිදුවන බවක්‌ තවමත් පෙනෙන්නට නැත. එeවින් ක්‍රිකට්‌ 'සම්බෝල' වන තෙක්‌ අපි බලා සිටිමුද?

  • අයියෝ ක්‍රිකට්‌... ඩිස්‌කි ඩිස්‌කාඩේ...

    'සෑර් දන්නවද සනා බෝයි ගුරාගෙ සිලෙක්‌ෂන් වලට අප්සැට්‌ කියල මට ආරංචි වුණා. ගුරා දන්න ක්‍රිකට්‌ එකක්‌ලු. සනා ගහපු ක්‍රිකට්‌ එකක්‌ලු. හේරා අයියත් එක්‌ක අලුත් එකෙක්‌ව දැම්මනෙ ඇස්‌.ඇස්‌.සී ගේම් එකට. ඒකට සනා බෝයිස්‌ට මල පැනලා. ගුරායි පොතායි කස්‌ටිය තමා එහෙම සිලෙක්‌ කොරල තියෙන්නෙ.'


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.