පැනය ඔබෙන් පිළිතුර අපෙන්

මෙලොව උපන්දා සිට මැරෙන මොහොත දක්‌වා මිනිසා නමැති සත්ත්වයා ජීවිතයේ නොයෙක්‌ ගැටලුවලට මුහුණ දෙති. සමහරෙක්‌ ඇතිවන එම ගැටලුවලට නිසි පිළියම් යොදා ජීවිතය සාර්ථක කර ගනිති. තවත් සමහරෙක්‌ කිසි දෙයක්‌ කර ගැනීමට නොහැකිව එවැනි ප්‍රශ්නවලින් අන්ත අසරණ වී අවසානයේ ජීවිතය පවා නැතිකර ගැනීමේ තත්ත්වයට පත්වෙති. අන්න එවැනි මිනිසුන් වෙනුවෙන් නොමිලයේ පිහිටවීමට ප්‍රසිද්ධියට අකමැති තරුණ ජ්‍යෙdතිෂවේදියෙක්‌ "දිවයින" නැකැත අතිරේකය හරහා ඉදිරිපත් වී සිටියි.

ඔබ කළ යුත්තේ ජීවිතයේ විස¹ ගැනීමට නොහැකි ගැටලුව කෙටියෙන් පහත කූපනය පුරවා උපන් වෙලාව සහ පැහැදිලි කේන්ද්‍ර කොපියක්‌ සමඟ අප වෙත එවීම පමණි. ප්‍රසිද්ධියට අකමැති එම ජ්‍යෙdතිර්වේදියා ඔබ වෙනුවෙන් පිහිටවීමට කැපවී සිටියි.

ලිපිනය (- නැකත ජ්‍යෙdතිෂ ගැටලු
උපාලි පුවත්පත් සමාගම, අංක 223
බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13

දිල්රුක්‍ෂි තෙන්නකෝන් - නුවර

ප්‍රශ්නය - මා හට විවාහයක්‌ තිබේද? එය කවදා සිදුවේද?

පිළිතුර - ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව, ඔබට නියත වශයෙන්ම විවාහයක්‌ ඇත. නමුත් එය ප්‍රමාද වන අතර ඔබට වයස අවුරුදු 34 දී එය සිදුවේ. එය යෝජිත විවාහයක්‌ වන අතර කාර්මික අංශයට අදාළ රැකියාවක්‌ කරන අයකු සමඟ විවාහ වෙයි. ඔබ හින්දු කෝවිලකට ගොස්‌ දුර්ගා මෑණියන්ට පූජාව දී භාර වන්න.

මනක සඳරුවන් - තිඹිරිගස්‌යාය

ප්‍රශ්නය - මාගේ ප්‍රේමය, විවාහයකින් අවසන් වේද?

පිළිතුර - ඔබට මේ දිනවල ප්‍රේම සබන්ධතා ඇතිවන අතර එහි නොයෙකුත් ගැටලු මතුවිය හැකිය. මීට පෙරද ප්‍රේම සබඳතා කීපයක්‌ තිබී බිඳ වැටී තිබිය යුතුය. ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව, ඔබට කොපමණ ප්‍රේම සබඳතා ඇතිවුවද, එය කෙටි කාලයකින් බිඳ වැටෙනු ඇත. 2018 අවසන් වන විට මේ සියල්ල අතහැර ඔබ විදේශගත වන අතර, විවාහය සිදුවන්නේ 2020 වසර වන විටය.

සචිනි දළුගොඩ ආරච්චි

ප්‍රශ්නය - මා හට දරුඵල තිබේද?

පිළිතුර - මෙම කේන්ද්‍රයට අනුව ඔබට දරුඵල 2 ක්‌ හිමිවේ. පිරිමි දරුඵල උරුම වන අතර 2020.06.20 ට පෙර ඔබට දරුවෙකු ලැබෙයි. පත්තිනි මෑණියන්ට භාර වන්න. සෙනසුරාදා දින 7 ක්‌ බෝධි පූජා තබන්න. රතනසූත්‍රය උදේ හවස භාවිත කරන්න. වැඩිදුර විස්‌තර සඳහා 0710546222.

මොහොන් පීරිස්‌ - බත්තරමුල්ල

ප්‍රශ්නය - මේ දිනවල නිවසක්‌ සෑදීම ආරම්භ කිරීම සුදුසුද?

පිළිතුර - ඔබ නිවසක්‌ සෑදීම ආරම්භ කරන්නේ නම්, මේ දිනවල සිදු නොකරන්න. 2018.05.02 න් පසු ඒ සඳහා යෝග්‍ය කාලය වේ. මෙම කේන්ද්‍රයට අනුව ඔබට නිවාස 2 ක්‌ සඳහා උරුමය ඇත. ඉදිකිරීමේ නැකැත් නිසි ආකාරව යොදා ආරම්භ කරන්න.

කලණි සූරියආරච්චි - හෙයියන්තුඩුව

ප්‍රශ්නය - මාගේ මවගේ රෝගී තත්ත්වය කෙසේ වේද?

පිළිතුර - ඔබගේ මව දැනටමත් ඔත්පල වී සිටිය යුතුය. ඇයට පවතින දශා කාලය සහ අන්තර් දශාව නිසා 2016.06 වන මාසයේ වන සිට ලෙඩ ඇඳට වැටී ඇත. ඇයට කොපමණ ප්‍රතිකාර කළද සුවවන්නේ නැති අතර 2018 වන විට තත්ත්වය තව උග්‍ර අතට හැරෙනු ඇත. 2019 මුල්භාගය වන විට මාරක අපල තත්ත්වයක්‌ද උදාවනු ඇත. විෂ්ණු දෙවියන්ට පූජාව දී භාර වන්න. විෂ්ණු හා ඊෂ්වර දෙවියන්ට සෙත් කවි කියන්න. සෙනසුරාදා දින 7 ක්‌ බෝධි පූජා තබන්න.

ප්‍රබෝදා බාලසූරිය - කිරිබත්ගොඩ

ප්‍රශ්නය - මාගේ පෙම්වතා කෙබඳු කෙනෙක්‌ වේද?

පිළිතුර - මෙම කේන්ද්‍රයට අනුව, ඔබගේ පෙම්වතා ඉතා ගුණයහපත්, අවංක කෙනෙකු වේ. ඔහු තමාගේ කාර්යය කෙසේ හෝ කරගැනීමට දක්‍ෂයකු වේ. ඕනෑම කෙනෙකු සමඟ ජීවත්විය හැකිය. දියුණුවට ආශා කරයි. තවද ඔහු සුරාවට ලොල් කෙනෙකු බැවින්, නොගැළපෙන මිතුරන් ඇසුරු නොකරන්න.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.