ජන්ම පත්‍රයෙන් කුසල් අකුසල් දැකිය හැකිද?

යම් පුද්ගලයකු මෙලොව උපදින විටම ඔවුන්ගේ කුසල්, අකුසල් බලය ජන්ම පත්‍රය තුළ සටහන්ව තිබේ. ඔහු මෙලොව ලෞකික ජීවිතය ගත කරද්දී තම මවුපියන් තමන්ට නිසි පරිදි දේපළ නොදුන් බවත්, තමා රැකියා කරන ස්‌ථානවල ප්‍රධානීන් තමාව පෙනි පෙනී වෙනත් අයකුට තමාට හිමි උසස්‌ වීම් දුන් බවත් බොහෝ දෙනෙක්‌ ප්‍රකාශ කරන්නේ ඔය හේතුව නිසාය. තමාගේ කුසල් බලය දුබල නම් තමන්ට හිමි, උරුම දේ අහිමි වෙන්ට තිබෙන බලය වැඩි වේ. අපි බැංකුවකට මුදල් නොදා පොලිය ගන්ට බැරි වේ. මුදල් තැන්පත් කර තිබුණා නම් පොලිය ගත හැකි වේ. එසේ නොමැතිනම් මුදල් දැමූ බිරිඳක්‌, දරුවෙක්‌ තම පවුලේ සිටිය යුතුය. යම් පුද්ගලයකුගේ ලග්නාධිපති බලවත් වීම, පුණ්‍යස්‌ථානාධිපති බලවත් වීම, දෙවැන්න ධනස්‌ථානාධිපති බලවත් වීම, සුබ ග්‍රහයන් නීච නොවීම, පංච මහා පුරුෂ යෝග යෙදී තිබීම රවි 11 වැන්නේ බලවත් වීම නිසා කෝටියක්‌ දොaෂ භංග වීම ආදියෙන් ජන්මියාගේ මෙලොව දියුණුව ප්‍රබල ලෙස පෙන්වන සාධක වේ. පෙර භව වලදී අටමහ කුසල්, ගරුක කර්ම සිදුකර තිබුණොත් සැප සම්පත් සහිතව ජන්මියා උපත ලබයි. එසේ නොමැති ජන්ම පත්‍රයක්‌ හිමිකරගෙන තමන්ට නොදුන්, නොසැලකූ අයට දොස්‌ නගා ඵලක්‌ නැත. එය තමන්ගේම කුසල් බල දුබල භාවය යි.

ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන සතර කේන්ද්‍රයෙන් ඕනෑම ස්‌ථානයක ග්‍රහයකු බලවත් වූ විට පංච මහා පුරුෂ යෝග යෙදේ. උතුම් වූ ගුරු හංස යෝගය, රුචක යෝගය, මාලවී යෝගය, උතුම් වූ සස යෝගය, භද්‍රd යෝගය ආදී වටිනා යෝග යෙදුණු විට පුද්ගලයකුගේ දියුණුව වඩාත් ස්‌ථිර හා වේගවත් වේ. මාගේ ජීවිතය තුළ මා විමර්ශනය කළ ධනවත් පවුල් අතර පංච මහා පුරුෂ යෝග යෙදී තිබුණු ජන්ම පත්‍ර කිහිපයක්‌ හිමි පවුල් ධනයෙන්, බලයෙන්, ගුණයෙන්, ශක්‌තියෙන්, උගත්කමෙන් ඉතා ඉහළ තත්ත්වයක සිටින බව අත්දුටු සත්‍යයකි. එම නිසා පංච මහා පුරුෂ යෝගයක්‌ නැති කෙනකු එවැනි වටිනා පංච මහා පුරුෂයෝගයක්‌ තිබෙන කෙනෙකු හා විවාහ වීමට මා නිර්දේශ කරන්නේ එයින් පුද්ගලයකුගේ මෙලොව දියුණුවට කුසල් බලය 33% ක්‌ ද උත්සාහය 34% ක්‌ ද යන්ත්‍ර මන්ත්‍ර මැණික්‌ පැළඳවීම, ආගමික කටයුතුවලින් 33% ක්‌ වශයෙන් ද මේ සියල්ල එක්‌ වූ විට මෙම 100% හිමි වන බැවිනි. කුසල් බලය නොමැති කෙනෙකුට කුමන යන්ත්‍රයක්‌, මැණික්‌ පැළඳුවත් එය හරියට වැඩ නොකරන්නේත් එවැනි අය එම ප්‍රතිකර්ම තමාට ක්‍රියාත්මක නොවූ බව ප්‍රකාශ කරන්නේත් ඔය හේතුව නිසා ය. බුදුන් වැඳ ප්‍රබල දෙවි කෙනෙකුට සමීප වෙමින් උපස්‌ථාන කරමින් එවැනි ප්‍රතිකර්ම කිරීම වඩාත් සුදුසුය. අවිවාහකව සිටින පිsරිස වැඩි පවුල්වල දියුණුව අඩුවන්නේ කුසල් බලය තිබෙන අයකු පවුලට එකතු කර ගැනීම ද ඔවුන්ට අහිමි ව ඇති නිසාය. දක්‌ෂ ජ්‍යෙdaතිර්වේදියකුට ජන්ම පත්‍රයක්‌ අතට ගත් සැණින් එය බහින කේන්ද්‍රයක්‌ ද නගින කේන්ද්‍රයක්‌ ද, එසේ නොමැතිනම් උත්සාහයෙන් නග්ග ගන්න ඕන කේන්ද්‍රයක්‌දැයි එසේ නොමැතිනම් විදේශගතව දියුණුව ලැබිය හැකි කේන්ද්‍රයක්‌ දැයි කීමට හැකියාවක්‌ තිබේ. එපමණක්‌ ද නොව ආගමික පැත්තට බරද, ප්‍රතිපත්ති ගරුක ද, හොඳ පෞරුෂයක්‌ තිබේ ද යන්න තීරණය කළ හැකිය. උතුම් වූ සස යෝගය තිබෙන අය මුලින් දුක්‌ විඳී පසුව සැපවත් ජීවිත ගෙවයි. මාලවී යෝගය තිබෙන අය මුල සිටම සැප සොයයි. රුචක යෝගය තිබෙන අය ධෛර්යයෙන් දියුණුව උදාකර ගනී. භද්‍රd යෝගය තිබෙන අය ලිපි ලේඛන, මුද්‍රණ ආදී කටයුතුවලින් ඉහළ ජය ලබයි. තමන්ම යෝගකාරක සර්ව සුබ ඵල ලබාදෙන ග්‍රහයෝ උපතින්ම බලවත් නොමැති නම් මැණික්‌ ගලක්‌ ජීවම් කර නිසි පරිදි නැකතට පැළඳගැනීමෙන් පසුව දියුණුව උදාකර ගත හැකි වේ. පංච මහා පුරුෂ යෝගයේ ගති තිබෙන පුද්ගලයා තම ක්‌ෂේත්‍රය තුළ ඉක්‌මණින්ම කල එළි වේ. එසේ නොමැති අයට හොඳ හැකියාවක්‌ තිබුණත් ක්‌ෂේත්‍රය තුළ කලඑළිය අඩු වේ. දක්‌ෂ ජ්‍යෙdaතිර්වේදියකු ලවා තම ජන්ම පත්‍රය හොඳින් විමර්ශනය කරවාගෙන කුසල් බල දුබලතාවය ගැන නිවැරදි තක්‌සේරුවක්‌ ලබාගැනීම ප්‍රඥ ගෝචරය. විදේශ ගතවන අය වුවද තමන්ට රාහු මහ දසා රාහු අතුරු දසා රාහු විදසා ගෙවන කාලය තෝරාගෙන තනාපති කාර්යාලවලට විදේශ ගතවන සම්මුඛ පරීක්‌ෂණවලට ගිය විට ඔවුන්ට තමාව මිත්‍රශීලීව පෙනේ. තමාට මාරක බාධක දසාවලදී වීසා ඔµsසර්ට පවා තමා සතුරෙකු ලෙස පෙනීමට ඉඩ තිබේ. මේවා හරියට බලා ගන්නත් පින තිබිය යුතුය. තමන් ලොකු ලොකු තීරණ ගැනීමට පෙර ජන්ම පත්‍රය හොඳින් විමර්ශනය කර ගත යුත්තේ එම නිසාය. සමහරු පවුල් විසින් විදේශගත වී අවුල් වූ පසුබිමක ජන්ම පත්‍රය රැගෙන එන්නේත් අවුල් වූ මානසික තත්ත්වයක්‌ තුළය. කුසල් බලය අඩු ජන්ම පත්‍ර හිමි අයට කළ හැකි හොඳම විකල්ප ක්‍රමවේදය නම් අප දෙමාපියන් නිතර කියූ පණිවුඩයයි. එනම් zz බුදුන්ගේ සරණත් දෙවියන්ගේ පිහිටත් පැතිමZZය.

වැඩිදුර විස්‌තර සඳහා 077-8892039, 0114360127
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී ධර්මාචාර්ය අජිත් ලොකුගේ
සටහන - ධම්මික හේවාවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.