තානායම් පල්ලාගේ සටහන
ඉලන්චෙලියන්, පූජිත්, ෆොන්ට්‌ මාස්‌ටර් සහ රතූ...

මානික්‌කවාසගර් ඉලන්චෙලියන් විනිසුරුවරයා පිළිබද මතකය නැවත මතු වුණේ දිගු කලක්‌ තිස්‌සේ ඔහුගේ ආරක්‍ෂාවට සිටි පොලිස්‌ සැරයන් (24330) හේමචන්ද්‍ර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මිය යැමෙන් පසුව ඔහුගේ බිරිදට නැවත පොලිසියේ රැකියාව ලබාදීමේ පුවත රූපවාහිනි ප්‍රවෘත්ති තුළ විකාශය වනු දැකීමෙනුයි.

යාපනය නල්ලුර් ප්‍රදේශයේදී කුරිරු පිස්‌තෝල කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය පොලිස්‌ සැරයන්වරයා බලන්නට ඔහුගේ බිරිද යාපනයට පැමිණි අවස්‌ථාවේ ඉලන්ෙච්ලියන් විනිසුරුවරයා හඩා වැටුණු අයුරු මිනිස්‌ හදවත් ඇති සියලු දෙනා කම්පාවට පත්කළ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉලන්ෙච්ලියන් විනිසුරුවරයා ගේ අතීත සිදුවීම් රැසක්‌ ගෙන හැර පාමින් සහෝදර දිවයින මාධ්‍යවේදී දිනසේන රතුගමගේ මහතා මුහුණු පොතේ ඉතා වැදගත් සටහනක්‌ පළකර තිබුණා.

ඒත් ඇතැමුන් මුහුණු පොතේ තැබූ සටහන් පිළිබදව විමසා බලද්දී අපි අද ඉන්නේ කෙතරම් නිර්වින්දිත සමාජයකදැයි පැහැදිලිවම පෙනෙන්නට තිබුණා.

මාධ්‍යවේදියකු වශයෙන් රතුගමගේ මහතා අතීත යුද සමයේ එදා සිට ඉටු කළ මාධ්‍ය මෙහෙවර වගේම විනිසුරුවරයකු ලෙස ඉලන්ෙච්ලියන් චරිතය පිළිබදව ඔහු ගෙන හැර දක්‌වා තිබූ " නිමක්‌ නැති මනුස්‌ස කමින් රටක්‌ හැඩවූ විනිසුරු ඉලන්ෙච්ලියන්" නමැති එම සටහනේ වූ කරුණු සම්භාරය හුදු නඩුකාරයකුගේ වෘත්තියට පමණක්‌ නොව සමාජයට බලපෑමක්‌ කළ හැකි වෘත්තීන්වල යෙදෙනා කාටත් වැදගත් නේදැයි මට හිතුණා.

තානායමක සිට සමාජය දෙස බලනා මගේ හදවතේ ඉලන්ෙච්ලියන් විනිසුරුවරයා වෙත එතෙක්‌ මුල් බැස ගෙන තිබුණේ ඔහු සංවේදී හදවතක්‌ සහිත නඩුකාරයකු ලෙස පමණයි. එහෙත් රතූ ගේ එම සටහනෙන් විනිසුරු වරයා පිළිබද වෘත්තීය තක්‌සේරුව තවත් පුළුල් මානය කට රැගෙන ගිය බව අනිවාර්යයෙන් මෙහි ලිවිය යුතුයි.

ඉලන්ෙච්ලියන් විනිසුරුවරයාට ආරක්‍ෂාව සපයමින් සිටියදී එල්ලවූ පිස්‌තෝල වෙඩිප්‍රහාරයට ලක්‌වී මියගිය පොලිස්‌ සැරයන්වරයාගේ දයාබර බිරිය ද විවාහ වන සමයේ කාන්තා පොලිස්‌ නිලධාරිනියක ලෙස කටයුතු කර තිබුණා.

ඔවුන් හට සිය දෙවෙනි දරු සම්පත හිමිවීමෙන් පසුව අවිවේකී කාන්තා පොලිස්‌ රාජකාරියද එකවර කළ නොහැකි නිසා ඇය පොලිස්‌ සේවයට සමුදී ගෘහණියක ලෙස නිවසේ රාජකාරියට කර ගැසුවා.

ඒ පවුල පෝෂණය කිරීමට බරපැන සෙවීමේ කාරිය සපුරා සිය සැමියාට බාර කරමිනුයි.

එහෙත් ඒ කුරිරු පිස්‌තෝල වෙඩික්‌කරු පිටකළ මූනිස්‌සම් කීපයෙන් කපා බිම හෙලුවේ දරු දෙදෙනෙකුගෙන් යුතු ඒ අහිංසක පවුල පෝෂණය කළ ආර්ථිකයේද මුදුන් මුලයි.

රාජකාරිය අකුරට ඉටුකොට මිය ගිය පොලිස්‌ සැරයන් හේමචන්ද්‍ර මහතාගේ දේහයට ආචාර දැක්‌වීමට වර්තමාන පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා එහි ගිය අවස්‌ථාවේ පැවසුවේ හේමචන්ද්‍ර මහතාගේ බිරිදට ඇයගේ පුරුදු පොලිස්‌ රැකියාව නැවත ලබා දෙන බවයි.

පොරොන්දු ඉහවහා ගිය රටෙක එයද තවත් පොරොන්දුවක්‌ පමණක්‌ වේය සිතුවද හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ශෝක සැරසිලි දිරාපත් වන්නටත් පෙර එම පොරොන්දුව ඉටුවීම ගැන පොලිස්‌පති වරයාට යම් ස්‌තුතියක්‌ හිමිවිය යුතුයෑයි ලිවීම පූජිත්ට කඩේ යැමක්‌ නොවේ.

පූජිත් ජයසුන්දර ගැන කියද්දී මට දැන් නිරතුරු සිහි වන්නේ 'ෆොන්ට්‌ මාස්‌ටර්' ය. තවමත් නොදන්නා අය සිටීනම් ෆොන්ට්‌ මාස්‌ටර් යනු ඉලන්ෙච්ලියන් විනිසුරු වරයා රාජකාරි කළ උතුරේ, එදා අවිය ගැන විශ්වාසය තැබූ 'දයා මාස්‌ටර්' වැන්නකු නොවේ.

පරිගණකයට සිංහල අකුරු හදුන්වාදීමේ පුරෝගාමියකු ලෙස ඉතිහාසයට එක්‌වන පුෂ්පානන්ද ඒකනායක මහතා විසින් නොබෝදා තමාම නිපදවූ එෆ්. එම්. පරිගණක අකුරින් එළිදැක්‌වූ "හොස්‌ටල් කොලම" කෘතියේ වත්මන් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පිළිබද තැබූ සටහන මට මේ වෙලාවේ මතකයට නැෙගන්නේ ඉලන්ෙච්ලියන් විනිසුරුවරයා ගැන දිනසේන රතුගමගේ ලියා තිබූ දෙයට සමගාමීවයි.

"හොස්‌ටල් කොලම" කෘතියේ අන්තර්ගත වන්නේ පුෂ්පානන්ද මහතාගේ පාසල් ජිවිතයේ මහනුවර ධර්මරාජයේ ගත කළ හොස්‌ටල් ජීවිතය ගැනයි. එහි එක්‌ පරිච්ඡේදයක පුෂ්පානන්ද මහතා සමඟ එකම පාසල් නේවාසිකාගරයේ විසූ සිසුවකු ගේ අබිරහස්‌ මරණයක්‌ ගැනත් සදහන් වනවා.

එක්‌තරා උදෑසනක හොස්‌ටල් සිසුන් සියල්ල සීනු හඩින් පිබිදෙද්දී එක්‌ සිසුවෙක්‌ පමණක්‌ පිබිදී නැහැ.

බලද්දී ඔහු නිදි ඇෙද්ම මිය ගිහින්.

එදා පැවති පාසල් විනය තුළ ඉතාම සීරුවෙන් හොස්‌ටල් එක තුළ සිසුවකු මියයැමේ සිද්ධිය පාසල් පරිපාලනය කළමනාකරණය කළ ආකාරය වගේම එදා පැවැති සන්සුන් මාධ්‍ය සදාචාරය තුළ මියගිය සිසුවාටත්, පාසලේ කීර්ති නාමයටත් ඔහු සමඟ එදා රාත්‍රිය පාසල් නේවාසිකාගාරයේ ගත කළ අනිකුත් සිසුන් සමග එදා පොලිසිය කටයුතු කළ ආකාරයත් ඉතා පරිස්‌සමට පුෂ්පා එහි සදහන් කර තිබුණා.

පොත එළිදැක්‌වීමේ උත්සවය කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවතුනා. එහිදී ග්‍රන්ථය විමර්ශණය කරමින් අදහස්‌ දැක්‌වූයේ සරත් විඡේසූරිය මහතායි.

සභාව සිනා ගස්‌වමින් එදා විඡේසූරියයන් මෙසේ පැවසුවා.

"...අද වගේ කාලෙක නම් ඒ මියගිය සිසුවා සිටි ඇදට අල්ලපු ඇෙද් ඉදපු සිසුවාට ආණ්‌ඩුවේ රස්‌සාවක්‌ කරන්න ලැබෙන්නේ නෑ.

ඒකට හේතුව පුෂ්පානන්ද මෙහි දක්‌වා තියෙන ආකාරයට අද නම් යාබද ඇෙද් ඉදපු සිසුවා කරපු ප්‍රකාශ ආදිය ගැන පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්‌ ලැබෙන නිසා ඔහු ගැන වපර ඇසින් බැලීම ඔහුට ආණ්‌ඩුවේ රැකියාවකට යන්නට ලබාගත යුතු චරිත සහතිකයට පවා බලපාන බවයි.

ඒ අනුව අද පවතින මාධ්‍ය ප්‍රවෘත්ති හඹා යැම එදත් තිබුණා නම් අද මේ ඉස්‌සරහින් වාඩිවෙලා ඉන්න, එදා ඒ අබිරහස්‌ ලෙස මියගිය සිසුවාගේ අල්ලපු ඇෙද් නිදාගත් සිසුවා ලෙසින් එදා පොලිසියට කටඋත්තර දුන් ධර්මරාජ ආදිශිෂ්‍ය පූජිත් ජයසුන්දරට බස්‌නාහිර ප්‍රදේශය භාර පොලිස්‌පති වෙන්න තියා ආණ්‌ඩුවේ රැකියාවක්‌ ගන්න ලැබෙන්නේ නෑ...."

කියායි. (ඒ වන විට පූජිත් ජයසුන්දර මහතා වත්මන් පොලිස්‌පති තනතුරට උසස්‌වීම් ලබා තිබුණේ නැහැ)

ඒ අනුව පුද්ගලයකුගේ ඉතිහාසය හුවා දැක්‌වීම හරහා රටේ ඉතිහාසය හෙළිදරව් කිරීමට වෑයම් කළ දිනසේන රතුගමගේ, පුෂ්පානන්ද ඒකනායක වැන්නන්ගේ සේවයත් රටකට වැදගත් නේදැයි මට හිතුණා.

මේ සටහන මගේ පරිගණකයේ ටයිප් කර තිබෙනු දුටු මගේ මිතුරෙක්‌ මටත් හොරා මේ සටහන කියවා බලා

"...කෝ බං අදාල නෑ නේ... තානායම නැහැ නේ..." කීවා.

මම ඇත්තටම මොහොතකට ගල් ගැහුණා.

එදා ඉලන්ෙච්ලියන් විනිසුරු වරයා මවක්‌ ඉදිරියේ වරදකට හඩා වැටෙනා දරුවෙක්‌ වගේ තම ආරක්‍ෂකයා තමා වෙනුවෙන් දිවිදුන් දුකට හඩා වැටෙනා දසුන රැගත් වීඩියෝව නැරඹූ එක්‌ ෆේස්‌ බුක්‌ සගයෙකුත්

"..ඉතින් ඇයි එයා අඩන්නේ..?.."

යනුවෙන් විමසා තිබුණා.

ඊට අනුව මගේ මිතුරාත් නිවැරදි දෝ යි මට හිතුණා...

රන්ජන් ගාමිණි ජයවර්ධන
ranjangamedia@gmail.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.