ඉතාලියේ විවාහක රූ රැජන අභිෂේක ලැබූ දා...

ලඳුන්ගේ රූ සපුවට සමාජයෙන් ගරු බුහුමන් ලැබුණේ අද ඊයේ පටන් නොවේ. සමාජය ස්‌ත්‍රී ලාලිත්‍ය වර්ණනාවට නැඟුවේද බොහෝ අතීතයේ පටන්. සැළලිහිණියේ ද ස්‌ත්‍රී රූ සපුව වර්ණනාවට නඟන විට ඊටත් එහා අතීතයෙ යුරෝපයේදී ක්‌ලියොපැට්‍රාගේ රූසපුව උත්කර්ෂයට නැඟූ අයුරු අපට හමුවෙනවා. හැබැයි යුරෝපීය රටවල් අතරිනුත් ඉතාලිය කියන්නෙ මෝස්‌තර නිරූපණය වැනි කලාවන්ට වැඩි වටිනාකමක්‌ ලබාදෙන මිනිසුන් ජීවත් වන රටක්‌. ඒ නිසාමදොa ඒ රටේ ජීවත් වන අපේම පිරිසක්‌ පසුගියදා ඉතාලියේ ජීවත් වන කාන්තාවන්ට සතුටු විය හැකි දිනයක්‌ උදාකර තිබුණා. ඒ ඉතාලියේ වෙසෙන විවාහක ලඳුන් අතුරින් රූ සපුවෙන් අගතැන්පත් කාන්තාව තේරීමේ ඉතාලියේ "ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ 2017" තරගය පැවැත්වීම නිසා.

කාලයක සිට ඉතාලියේ මිලානොහි වාසය කරමින් රූපලාවන්‍ය පිළිබඳ එහිද කීර්තිමත් නමක්‌ දිනා සිටින සුරේඛා ෆනෑන්ඩු විසින් සංවිධානය කර තිබූ මෙම විවාහක රූ රැජිණ තේරීමේ තරගය පැවතියේ මිලානෝ අගනුවර මේලියා හෝටලේදී. වෙරොනා, මිලානෝ වෙරන්සි, නාපොලි, රෝමය ආදී ඉතාලියේ විවිධ පළාත්වල ජීවත් වන ශ්‍රී ලාංකීය විවාහක සුරූපිනියන් අතරින් රූ සපුවෙන් අගතැන්පත් කාන්තාව තෝරා ගැනීමේ විනිශ්චය මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස මෙවර කටයුතු කළේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු දරා සිටි රෝසි සේනානායකයි. ඇය ප්‍රධානත්වයෙන් පැවැති විනිශ්චයේදී හර්ෂනී චතුරංගි සහ නදීශා ෆනෑන්ඩෝ පිළිවෙළින් මෙවර තරගයේ තෙවැනි සහ දෙවැනි ස්‌ථාන හිමිකරගත් අතර 2017 වසරේ විවාහක රූ රැජිණ ලෙස අභිෂේක ලැබුවේ පූජා කපුරුආරච්චිගේ මහත්මියයි. මේ සටහන සමග පළවන්නේ එදින රාත්‍රිය වර්ණවත් කළ අයුරු අවස්‌ථා කිහිපයක්‌.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.