ශිෂ්‍යත්වය ජයගන්න
විශේෂ ග්‍රහ පූජාවක්‌


ශිෂ්‍යත්ව විභාගය මෙම මස විසිවැනි ඉරිදා දිනට යෙදී ඇති බැවින් එම විභාගය සාර්ථකව ජය ගැනීම සඳහා විශේෂිත ග්‍රහ පූජාවක්‌ මෙලෙස ඉදිරිපත් කරමි.

අගෝස්‌තු 20 ඉරිදා දිනයක්‌ බැවින් එම දිනය අයිති වන්නේ රවි ග්‍රහයාට බැවින් රවි ග්‍රහයාට හිමි රවි ග්‍රහයාගේ බලය ලබා ගැනීමට පුද සත්කාර කළ යුතු වන්නේ ඊශ්වර දෙවියන් වන අතර ඊශ්වර හෙවත් ශිව දෙවියන්ට සතුටට පත් කළ යුතු අතර, පළමුව ඔබ කළ යුතු වන්නේ පිරිසිදු වී විහාරස්‌ථානයක හෝ ඊශ්වර දේවාලයක්‌ පිහිටි භූමියක බෝධීන් වහන්සේ වැඳීම, බුදුපහන පිරිසිදු තල තෙලින් දල්වා බුදුන් වැඳ එම වතාවත් කර ඊශ්වර දෙවියන් වෙත එළඟිතෙල් පහන් 3 ක්‌ දල්වා, සුදු නෙලුම් මල් 3 ක්‌ හෝ පූජා කර ඊශ්වර දෙවියන්ට හැකි නම් දේව පූජාවක්‌ද තබා ගන්න. ඊළඟට ඉරිදා දිනය රවිට අයත් දිනයක්‌ බැවින් එළඟිතෙල් පහනක්‌ දල්වා තම දරුවා අතට දෙන්න. ඔබටද එළඟිතෙල් පහනක්‌ අත තබා ගැනීමත් කළ හැකිය.

ඊශ්වර දේව ශක්‌තියෙන් මගේ දරුවාට ඇති අපල දුරු වී ඉරිදා දිනය ජය වේවායි· ප්‍රාර්ථනා කරන ගමන් මෙම රවි ග්‍රහයාගේ පුරාතන සූර්ය ජපය 3 වරක්‌ හෝ 7 වරක්‌ කීම ශුභයි.

"ජපා කුසුම සංකාශං - කාශ්‍යපෙයං මහෘද්දුතිම්

තමෝරිං සවÂ පාපඝනං - ප්‍රණ තොස්‌මි දිවා කරම්

මෙම සූර්ය ජපය දරුවා උදේට විභාගයට යන විටද 3 වරක්‌ කියා සූර්ය වන්දනා කිරීම ශුභ වේ.

අනතුරුව කළ යුතු දේ වන්නේ අගෝස්‌තු මාසේ 20 වැනි ඉරිදා දින ළමයා විභාගය සඳහා ගත කරන කාලය තුළදී මෙම වෙලාවේ උදාව පවතින්නේ සෙනසුරු ග්‍රහයාට හිමි පුෂ නැකත බැවින් එම සෙනසුරුගේ යම් දොaෂයක්‌ වේ නම් විෂ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීම කළ යුතු බැවින් ඔබ විසින් විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්‌ටි 3 ක්‌ හෝ 7 ක්‌ පූජා කරන්න. නිල් මල් වට්‌ටිය උඩින් කහමල් 3 ක්‌ තබා ගන්න. කහ පාට කියන්නේ ජය වර්ණයක්‌ වන බැවින් කහ පාට මල් 3 තබා ගැනීමට මතක තබා ගන්න. විෂ්ණු දෙවියන් වෙනුවෙන් එළඟි තෙල් පහන් 7 ක්‌ දල්වා මෙම බලගතු විෂ්ණු ගාථාව විෂ්ණු රූපය ළඟ සිට 3 ක්‌ වරක්‌ හෝ 7 ක්‌ වරක්‌ කීමෙන් ජය ලබා ගැනීමට හැකිය.

බලගතුම විෂ්ණු ගාථා මන්ත්‍රය

ශිරේ මේ බුද්ධ දේවාච - ලලාටේ බ්‍රහ්ම දේවතං

හෘදයේ නාරාය නං චෛව

හස්‌තේසු පරමේශ්වරඃ - පාදේසු විෂ්ණු කඃ චෛව

සව_ කර්මංප - සිද්ධි මේ

ඔබගේ දරුවාගේ පිං බලය මත මෙහි ගුණය අපමණව ලැබෙනු ඇත.

ඊළඟට බෝධිය ළඟදී එළඟිතෙල් පහනක්‌ දරුවා අතට දී හෝ ඔබ අතේ තබාගෙන සෙනසුරු ග්‍රහයාට මෙය පූජා වේවා කියා ප්‍රාර්ථනා කරමින් මෙම සෙනසුරු ජප ස්‌තෝත්‍රය 3 වර හෝ 7 වර ගායනා කරන්න.

පුරාණ ගත ශනි ජපය

නීලාඤ්ජන සමාභාසං - රවිපුත්‍රං යමාග්‍රජම්

චායා මාර්තණ්‌ඩ සම්භූතං - තං නමාමි ගනෛශ්වරම්

මෙය කියන ගමන් සෙනසුරුගේ රූපයක්‌ තිබේ නම් නිල්මල් 7 ක්‌ හෝ මල් වට්‌ටියක්‌ පූජා කරන්න. හැකි අය නිල්මල් වට්‌ටි 3 ක්‌ හෝ 7 ක්‌ පූජා කරන්න. සෙනසුරු රූපයක්‌ නැති නම් බෝධිය ළඟ හෝ විෂ්ණු දේව රූපය ළඟ සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් දැල්වූ එළඟි තෙල් පහන තබා යම් අගුණයක්‌ හෝ අපලයක්‌ වේ නම් දුරු වී යහපත උදා වේවා ප්‍රාර්ථනා කරන්න.

විශේෂයෙන් මතක්‌ කළ යුතු දේ නම් මෙම විභාගයට යන දිනයේ දරුවාට පුළුටු වර්ග මස්‌, මාළු, බිත්තර බැද කෑමට දෙන්න එපා. දේව ආශිර්වාදය ලැබීමට මෙදිනවත් පිළී වර්ගවලින් ඈත්විය යුතුය.

බුදු ගුණ සත්‍ය බලය ඇති බව සිතේ රඳවා ගෙන මෛත්‍රි භාවනාව අඩුqම ගණනේ දරුවාට විනාඩි පහක්‌වත් කිරීමට මේ දිනවල පුරුදු කරන්න.

නිහාල් හේවාබටගොඩගේ
පානදුර - මාලමුල්ල
වැඩි විස්‌තර සදහා - 077 4181943

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.