නිවස පුරා කූඹි පිරිලද?
මෙන්න හේතුව

සුභ මොහොතින් වැඩ අරඹා වාස්‌තු දොaෂ සියල්ල මඟහරවා සෑදු ඔබේ නිවස හෝ පරම්පරාවෙන් ඔබට උරුම වූ නිවස එසේ නොමැතිනම් මංගල මුදුව පළ¹ සහකාරිය ගෙන ආ දා ඔබට උරුම වූ ඔබේ බිරිඳගේ නිවහන දැන් දැන් ඔබට එපා වීගෙන යනවා විය හැක. ගේ පුරා කළු කුඹී, නයි කුඹී, තෙල් කුඹී, පිරී ඇත. එපමණක්‌ නොව කුස්‌සියේ කෑම කාමරයේ කැරපොත්තන්ගේ රජ දහනය. වෙළඳපොළෙන් ගෙනා ''බෙහෙත්'' ජාති කොපමණ ඉස්‌සද ඔවුන් වඳ කරගන්නට ලැබුණේ නැද්ද. මීයෝ නිදියන කාමරෙත් ගුල් හාරගෙන හරිම වදේ නේද?

කෑම කන්නට ගියාම ඒවා පිළුණු ගඳයි. එහෙම නැත්නම් ගෙනා පලතුරු එළවළු කුණු වෙලා බාගෙට බාගයක්‌ විසි කරන්න වෙනවා. කන්නට ගන්නා මොනවා දෙයක්‌වත් ඉවරයක්‌ කරගන්න අමාරුයි මිදුල පුරා වල්වැවිලා. බිත්තිවල දිය සෙවෙල. වහලෙන් වතුර කාන්දු වෙනවා. වතුර කරාමය කොපමන සවිකළත් වතුර බිංදු බිංදු එතනින් කාන්දු වෙනවා. හැන්දැවෙන කොට විදුලි බුබුළු දැල්වුවත් නිවසේ ඇති අඳුර ඒකෙන් අඩුවෙන්නේ නෑ. ඒ විතරක්‌ නොවෙයි. උන් හිටි ගමන් අර්තාපල් අල තැම්බෙන සුවඳක්‌ ගේ පුරා හමාගෙන යනවා. සමහර වෙලාවට වහල උඩ - ගේ ඇතුලේ කවුද ඇවිදගෙන යනවා වගෙත් දැනෙනවා. මේ නිසා ගෙදර එපා වෙලා. දෙන්නා දෙමල්ලෝ විතරක්‌ නොවේ දරුවොත් මුරණ්‌ඩු වෙලා කොච්චරවත් කෑ ගහනවා. මෙහෙම වුනේ ඇයි? ගෙදර ඉන්නවාට වඩා කොහේ හරි යන එක හොඳයි ඔගඪග එකෙත් සැරෙන් සැරේත් කැඩෙනවා. ඛගෑගෘග කිව්වත් CගFගඛග කිව්වත් විදුලි බුබුළු මාසයක්‌වත් පාවිච්චි කරන්න බැහැ. ජනේල දොරවල් වල අඟුල් සරනේරු ඉබේම ගැලවෙනවා. අලුතින්ම ගෙනා ඇඳුම් ටික දැන් පරණ වෙලා වගේ. මේ වගේ ගැටලු ඔබට මට අපට ඇතිවෙන්න පුළුවන් මෙයට හේතුව කුමක්‌ද? නෝනා කියාවි මහත්තයා රස්‌සාවට යනවා මේවා ගැන හොයලා බලන්නේ නෑ. එයාට ඕනි රස්‌සාව විතරක්‌ කියලා. මහත්තයා කියෑයි නෝනා උදේ ඉඳලා නිදාගන්නවා. නැත්නම් සමාජ සේවයේ කරන්න යනවා එයා කිසිම සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ අපරාදේ මේ මඟුල කරගත්තේ කියලා.

එත් ඔබ සත්‍යයෙන් ඈත්වෙලා. ඉහත කී කරුණු සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම හේතු කාරණා දෙකක්‌ නිසා. ඉන් එකක්‌ තමා තම තමාගේ පෞද්ගලික දුර්වලතා හා අඩුපාඩු. දෙවැන්න තමා ඔබට පාලනය කරගන්නට නොහැකි සිදුවීම් නිවස තුළ රජකරන බව.

අපි පළමුවෙන්ම අපේ අඩුපාඩු සොයා බලමු. එක්‌ අයෙක්‌ හෝ දෙදෙනාම රැකියාවට යන නිසා ගේ දොර පිරිසිදුකම ගැන සොයන්න වෙලාව අඩුය. ඇතැම් විට අපි ඒ දේවල් සේවකයන් ලවා කරවා ගන්නට සිතනවා විය හැක. ඔවුන් ඉන්නේ වැටුප් බලාගෙන. ඒත් කලාතුරකින් හොඳ අයත් ඉන්නවා ඉන්න ගෙදරට ආදරයෙන් සොයා බලන සලකන අය. ඒත් වැඩි දෙනා පළමු කොටසටයි අයිති. සේවකයෙක්‌ සිටියා හෝ නැතිවා හෝ ගෘහ මූලිකයා හා බිරිඳ දෙදෙනාම නිවස ගැන සොයා බැලීම අවශ්‍යයි. මුදල් ඉපයීම අධ්‍යාපන තරගයට ළමුන් දිවවීම ගැන පමණක්‌ නොව නිවසේ අලංකාරය, පිරිසිදුකම ගැනත් සොයන්නට අවශ්‍යයි. බොහෝ නිවෙස්‌වල ඒ කටයුත්ත අනෙකාට පවරා තමා සුවෙන් සිටීමට උත්සාහ ගන්නා පුරුද්ද ඇති නිසා ඉහත කී අඩුපාඩු සිදුවන්නට අවස්‌ථාව ඇත. එහි වරද තමා මිස වෙන අයකු නොවේ.

එසේම ඇතැම් නිවාසවල විහින් කරගන්නා දොaෂ බොහෝය. උදේ ආහාරයට ගත් ඉඳුල් සෝදන්නේ සවසය. සවස නැතහොත් රාත්‍රී ආහාරයේ ඉඳුල් පසුවදා උදේය. එදිනෙදා අඳින ඇඳුම් සති ගණනක්‌ ගේ ඇතුලේ ගොඩගැසී ඇත. ඒවා එදිනෙදා සෝදා දමන්නේ නැත. එසේම ගේ වටා ඉඳුල් විසිකර දමා ඇත. පොඩිදරුවන් මළපහ කිරීම. මුත්‍රා කිරීම ආදිය ගේ වටා හෝ මිදුලේ සිදුවේ. ඒවායේ දුගඳ සහ මැස්‌සන් ගේ පුරා විසිරී ඇත. මේවා අපට හැඟෙන්නේ දොaෂය.

ඒත් ඉහත කී දේවල සියලු දෙනාටම පොදු නැත. කොපමණ උනන්දුවෙන් පිsරිසිදු කිරීම්, ශුද්ධ පවිත්‍ර කිරීම් කළද ගේ පුරා ඇති දුඟඳ අඩු නොවේ. මැසි මදුරු කැරපොත්තන් වඳවන්නේ නැත. එකිනෙකා අතර මත ගැටුම් මුදල් ඉතිරි නොවීම. ගෙදර සිටින්නට එපා වීම ආදී බොහෝ දේ අපට නොදැනුවත්ම සිදුවේ. මුලින් 'සීදේවී' විසූ නිවසේ දැන් වසන්නේ 'මූ දේවිය' මෙය අප සිතාමතා ඇතිකරගත් දෙයක්‌ හෝ නොසැලකිල්ල මත ඇති කරගත් දෙයක්‌ නොවේ. එසේනම් ඒවා කවුරුන් කළ දෙයක්‌ද.

මෙය ඉතාම ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව විස¹ගත යුතු දෙයකි. ඔබගේ නිවසේ මා මුලින් පැවැසූ දොaෂ ඇත්නම් එසේ ඇතිවන්නට හේතුවන කාරණා කිහිපයකි එනම්,

අණවිණ දොaෂ

ඇස්‌වහ කටවහ දොaෂ

ප්‍රේත දොaෂ

කෙනෙකුට බැලූ බැල්මට මෙම දොaෂ හඳුනාගැනීම අපහසුය. පුරුද්දට මෙන් ''අපිට ඇස්‌වහ'' යනුවෙන් පැවැසුවද එය ඇස්‌වහ කටවහම නොවිය හැක. බොහෝ දෙනා ඇස්‌වහ කටවහ අණවිණ දොaෂ අඩුකරගන්නට වෙළඳපොලෙන් කිසිදු තේරුමක්‌ නැත. 'කයිසෝරු තෛලය' පැළඳ ගැනීමට පුරුදුව ඇත. එය කිසිදු තේරුමක්‌ නැත. ''කයිසෝරු තෛලය'' සින්දවීම පහසු කාර්යයක්‌ නොවේ. එය නියමිත පරිදි සිඳුවා ජීවම් කොට රන් සුරයක පැළඳිය යුතුය. ඒ නිවැරදිව කිරීමට මුදලින් අවම වශයෙන් රුපියල් පහළොස්‌ දහසක්‌ පමණ වැය වේ. එහෙත් වෙළඳපොළේ එම 'කයිසෝරු තෛලය' අවුන්සයේ කුප්පියක්‌ රුපියල් පන්සීයයකට පමණ මුදලකට ලබාගත හැක. ඒ අනුව එය හුදෙක්‌ නාමය පමණක්‌ ඇති ව්‍යාජ තෛලයක්‌ පමණක්‌ නිසා ආරක්‌ෂා වීම වැදගත්ය.

එසේම ඔබට ඔබගේ නිවසට මා මුලින් පැවැසූ දොaෂ ඇති වීමට ප්‍රධානම සාධකය වන්නේ 'මළ ප්‍රේත' දොaෂයයි. මළ ප්‍රේත දොaෂ ඇති ස්‌ථානවල දුර්ගන්ධය ඇතිවීම. කැරපොත්තන්, මීයන්, ගෙම්බන්, කුඹීන් ආදී සතුන් ඇති වීමත් ආහාර ඉක්‌මණින් පිළුණුවීම හෝ නරක්‌ වීම. ආහාර අප්‍රිය බව, අපිරිසිදු බව ඇතිවේ. මේ මළ ප්‍රේත දොaෂ හේතු දෙකක්‌ මත ඇතිවේ.

මියගිය පුද්ගලයකුගේ බැල්ම ඇතිවීම

ප්‍රේත් බන්ධනය

මෙයින් පළමුවැන්න පවුලේ හෝ තමා දන්නා හඳුනන අයකු මියගිය පසු තමාට තමාගේ පවුලේ අයට හෝ නිවසට ඉඩමට ආශාවෙන් එහි ඉපිද දොaෂ ඇති කිරීමයි. ඇතැම්විට එය වැඩි ආදරය නිසා හෝ තරහව හෝ විය හැක. ආදරය හා පළිගැනීම සිදුවිය හැක.

දෙවැන්න නම් අන්‍යයකු විසින් භූමියට හෝ පුද්ගලයන්ට ඇති අමනාපය නිසා දොaෂ ඇති කිරීමයි. මෙහිදී 'ප්‍රේත බන්ධනය'' පහසුවෙන් කළ හැක. මේ සඳහා බොහෝ 'කට්‌ටඩීන්' සූදානම්ය මුදලට ඕනෑම දෙයක්‌ කරන ''කට්‌ටඩීන්'' වර්තමානයේදී ඇති නිසා ඕනෑම ප්‍රේත දොaෂයක්‌ ඇතිකිරීම පහසුය. ඔවුන් ජ්‍යෙdතිෂවේදීන් හෝ ගුප්ත විද්‍යාඥයන් යෑයි හැඳින්වීම නුසුදුසුය. ජ්‍යෙdතිෂවේදීන් සහ ගුප්ත විද්‍යාඥයන් සෑම විටම අනුන්ගේ සෙත සුවය සඳහා කැපවුණු මහත්මා ගුණයෙන් යුත් පිරිසකි.

එවැනි දොaෂ ඇති වූ විට පළමුව කළ යුත්තේ එය හඳුනාගැනීමය. 'අපල''අපල' යෑයි නොසිතා දක්‌ෂ පුද්ලයකු ලවා නිවසේ දොaෂ හඳුනාගත යුතුය. පහසුම ක්‍රමය 'අඳුනකින්' එය බලවා ගැනීමය. නැතහොත් වෙනත් සරල ක්‍රම මගින් ඒ දොaෂ හඳුනාගත යුතුය.

ඉන්පසු ඒ දොaෂ ඉක්‌මණින්ම ඉවත් කරවා ගත යුතුය. කටුවක්‌ ඇනුනු පසු එහි වේදනාව නැති කරගන්නට නම් ඒ කටුව ගලවා ගත යුතුය. ඒ ලෙසම ප්‍රේත දොaෂ පවතී නම් තවත් බලා නොසිට එය ඉවත් කරවා ගත යුතුය. ඇතැම් විට පිරිතේ බලයෙන් ඒ ඉවත් කරගත හැකි අවස්‌ථා ඇත. නමුත් පිරිත් බලයෙන් ඉවත් නොවන දොaෂ අපල පැවතිය හැක. ඒ නිසා ඒ දොaෂ හඳුනාගෙන ගෙවත්තෙන් ඉවත් කර ගැනීම වැදගත්ය. බොහෝ දෙනා මේ සඳහා 'ජලනන්දන' පිරිත යොදා ගනී. එහෙත් එයද සීයයට සියයක්‌ සාර්ථක නැත. ඒ නිසා 'රන් කඟවේන දැහැන' 'මහසොහොන් අලගුව' හෝ බන්ධන කැපීමට යොදා ගන්නා වෙනත් ක්‍රමයක්‌ යොදා ගත යුතුය. නිවැරදිව දොaෂ ඉවත් කරවා ගත් පසු දින දහහතරක්‌ ඇතුළත සාර්ථක ජීවිතයක්‌ උදාකරගත හැක.

වැඩි විස්‌තරලබාගැනීමට 0727430179, 0812085541 අංක අමතන්න

ජ්‍යෙතිෂ විද්‍යා ප්‍රසාදිනී
එස්‌. වීරරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.