තුන්සිත පහදා තෙරුවන් නමදිමු

ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා මධුර වූ අරුතක්‌ ඇති මෙම ගාථා ත්‍රිත්වය දිනපතා උදේ සවස නිවසේදී ආගමික වතාවත්a සිදුකරන අවස්‌ථාවන්හිදී ගායනා කිරීම තුළ මෙම වචනවල ඇති බලමහිමයේ ප්‍රබලත්වය මත ඔබට යහපතක්‌ම උදාවනු ඇත. තුන්සිත පහදා සඡ්ජායනයෙන් සතුට සැනසුම උදාවනු ඇත.

සතත විතත කිත්තිං ධස්‌ත කන්දප්ප දප්පං
තිභව හිත විධානං සබ්බ ලෝකේක කේතුං
අමිත මති මහග්ඝං - සන්තිදං මේරු සාරං
සුගත මහමුදාරං රූප සාරං නමාමි

නිරන්තයෙන්a පැතිර පවත්නා කීර්ති රාවයක්‌ ඇති. කාම දේවයාගේ දර්පය නැසූ කාම, රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයට හිත වැඩ සලසන්නා වූ සකල ලෝකයාට එකම කේතුවක්‌ වූ අප්‍රමාණ ප්‍රඥ සම්පත්තියක්‌ ඇති, මහාමේරුව මෙන් ස්‌ථිර සාරවූ, දෙතිස්‌aa මහා පුරුෂ ලක්‌ෂණයෙන් යුත් රූප ශෝභාවෙන් සාරවූ, සුගත තථාගතයන් වහන්සේ වඳිමි.

හත දුරිත තුසාරං මෝහ සංකෝප කාපං
මන කමල විකාසං ඡන්තුනං සේස කානං
කුමති කුමුද නාසං බුද්ධ පුබ්බාවලග්ගා
උදිත මහමුදාරං ධම්ම භානුං නමාමි

පාප නමැති ගින්න වියළා නැසුවාවූ, මෝහ නමැති මඩවතුර වියළා දැමූ, සකල සත්වයන්ගේ සිත් නමැති පියුම් පුබුදු කරන්නා වූ, දුර්මත නමැති කුමුදයන් නසන්නා වූ, බුදුරජාණන්වහන්සේ නමැති උදයගිරි පර්වතයෙන් නැඟී ආ උදාරෝත්තම ධර්මය නමැති සූර්ය දිවාකාරයා වඳිමි.

සකල විමල සීලං ධූත පාපරි ජාලං
සුර නර මහනීයං පාහුනෙය හුෙන්‍යං
උජුපථ පටිපන්නා පුඤ්ඤඛෙත්තං ජනානං
ගන මහ මභි වන්දේ සාරදං සාදරේන

සර්වාකාරයෙන් වූ පවිත්‍ර වූ සීලස්‌කන්ධ ඇති, පාප නමැති සතුරු සමූහයා පලවා හැරියා වූ, දෙව් මිනිසුන්ගේ පුද පූජාවන්ට සුදුසු වූ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දේ වුවද දීමට සුදුසු වන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෘජු මාර්ගයට පිළිපන්නා වූ, සත්ත්වයාට පින්කෙතක්‌ වූ වැඳුම්, පිදුම් කරන්නවූන්ට සාරඵල ප්‍රදානය කරන්නා වූ මහා සංඝරත්නය වඳිමි.

වැඩිදුර විස්‌තර සඳහා 072-3559768 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.