රාජපක්‌ෂ පවුලේ සහ ඒකාබද්ධයේ
දූෂණ සෙවීමට අධිකරණ යාන්ත්‍රණයක්‌

එජාප මන්ත්‍රී පිරිසක්‌ ඉල්ලති

ප්‍රියදර්ශන ලියනගේ

හිටපු ජනාධිපති ඇතුළු රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයන්ට විරුද්ධව එල්ල වී ඇති මහා පරිමාණ වංචා දූෂණ චෝදනා පිළිබඳව කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක්‌ සකස්‌ කරන ලෙස අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට බලකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පියවර ගෙන ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
දැනට සිදුකරගෙන යන පරීක්‌ෂණ කටයුතු සහ අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව කිසිසේත්ම සෑහිමකට පත් විය නොහැකි යෑයිද හෙතෙම පැවසීය.

හොරු ඇල්ලීම සහ හොරුන්ට දඬුවම් දීම දිනෙන් දීම කල්යැම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් හෙතෙම පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.