සාකච්ඡා කර මාසයයි ජනපති නිහඬයි...
- මැදගම ධම්මානන්ද නාහිමි

සමන්තී වීරසේකර


මිල මුදල් යාන වාහන සපයමින් සංඝරත්නය සතුටු කිරීමට කටයුතු කිරීම පසෙක තබා රට ජාතිය ආරක්‌ෂා කිරීම උදෙසා අභ්‍යන්තර හරය රැක ගැනීමට ක්‍රියා කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ෙත්‍රෙනිකායික සංඝරත්නය යළි සිහි කරන බව අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා පවත්වා මාසයක කාලයක්‌ ගතවී ඇතත් සංඝරත්නය විසින් කළ දැනුම්දීම් සඳහා රජයේ යහපත් ප්‍රතිචාරයක්‌ මෙතෙක්‌ ලැබී නැතැයිද ලේඛකාධිකාරි හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර පවතින සබැඳියාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුකොට සිටින බැවින් පොරොන්දු වූ පරිදි "සත්‍ය ගවේෂණ කමිටු වාර්තාව" මේ වන විට නිකුත් කිරීමට රජය කටයුතු කර තිබිය යුතු බවද ධම්මානන්ද හිමියෝ පැවසූහ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සම්බන්ධ සයිටම් ප්‍රශ්නය, මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය, ඇමැතිවරුන්ගේ පුද්ගලික ප්‍රශ්න, ජාතික ප්‍රශ්න බවට පරිවර්තනය කර ගනිමින් රාජ්‍ය දේපළ විකුණමින් බදු දෙමින් මේ රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි පිළිගැනීමක්‌ නැතැයි කී ලේඛකාධිකාරි හිමියෝ, රට දියුණු කිරීමට සම්මුතිවාදී රජයක්‌ බිහිකළ බවට මුසාබස්‌ දොඩවා ඇති බවද, මේ වන විට සම්මුතිවාදී පාලනයක්‌ දක්‌නට නැති බවද "ඉරිදා දිවයින" ට ප්‍රකාශ කර සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.