කොටින්ට මුදල් දුන්
ඇමරිකානු කෝටිපතියාට නඩු


කීර්ති වර්ණකුලසූරිය

කොටි සංවිධානයට අරමුදල් සැපයූ රාඡ් රාජරත්නම් නමැති ඇමරිකානු කෝටිපතියාට එරෙහිව ශ්‍රී ලාංකිකයන් 27 ක්‌ පැවරූ නඩුව ඇමරිකාවේ නිව්ජර්සි අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය. රාඡ් රාජරත්නම්ගේ නම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පෙරේදා (10 දා) ප්‍රකාශයට පත්වී තිබුණි.

මහ බැංකුවේ වත්මන් අධිපති කුමාරස්‌වාමි මහතා රාඡ් රාජරත්නම්ගේ සමාගමේ සේවය කළ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

කොටින්ට අරමුදල් සැපයීම හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් චමිලා ක්‍රිෂාන්ති එම නඩුව පවරා තිබේ.

ඇය සහ අනිකුත් පැමිණිලිකරුවන් වෙනුවෙන් ඇමරිකාවේ ප්‍රකට නීතිවේදී එමෙල් එල්ස්‌නර් පෙනී සිටී.

මෙම පැමිණිලිකරුවන් රාජරත්නම්ගෙන් ඩොලර් මිලියන 600 ක්‌ වන්දි ඉල්ලා ඇත.

එම පැමිණිලිකරුවන් අතර වැලිවේරියේ දී මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වූ මැරතන් කරුගේ බිරිය ද වේ.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.