බාර්සිලෝනා ත්‍රස්‌තයා මරාදැමීම සඳහා තොරතුරු
ලබාදුන්නේ මිදි වත්තක හිමිකරුවෙක්‌

- ස්‌පාඤ්ඤ පොලිසිය කියයි

බාර්සිලෝනා ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ යුනුස්‌ අඹුයකුබ් නැමැති අයිසිස්‌ ත්‍රස්‌තයා වෙඩි තබා මරාදැමීම සඳහා ස්‌පාඤ්ඤ පොලිසියට සහය වී ඇත්තේ මිදි වත්තක හිමිකරුවකු බව හෙළි වී ඇත.

සිය මිදි වත්ත හරහා වේගයෙන් ධාවනය වන වෑන් රියක්‌ දුටු ඔහු විගස ඒ බව පොලිසියට දන්වා තිබේ.

මෙම පණිවුඩය ලැබුණු වහාම සන්නද්ධ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මිදි වත්ත පීරා යුනුස්‌ අඹුයකුබ් වෙඩි තබා මරා දමා ඇත. මෙම තොරතුරු ලබාදුන් මිදි වත්ත හිමිකරු පොලිසියේ ඇඟයීමට ලක්‌ වී ඇත. ඔහුගේ ආරක්‍ෂාව සඳහා අනන්‍යතාවය හෙළි කර නැත. 22 හැවිරිදි යුනුස්‌ අඹුයකුබ් මොරොක්‌කෝ ජාතිකයෙක්‌ බව අනාවරණය වේ. ඝාතනය වීමට පෙර යුනුස්‌ අඹුයකුබ් පොලිස්‌ මාර්ග බාධක දෙකකින් ගැල වී ඇත.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.