කෝප් සභාවට බැංකු නිලධාරීන් යෑවූ
වාර්තාව ගැන රජයෙන් පරීක්‍ෂණයක්‌


ශ්‍යාම් නුවන් ගනේවත්ත

බැඳුම්කර අක්‍රමිකතා පිළිබඳ කෝaaප් වාර්තාවට ඇතුළත් කර තිබූ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ පාද සටහන්වලට එරෙහිව මහ බැංකු නිලධාරීන් පිරිසක්‌ විසින් සිය නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාවක්‌ සකස්‌ කර එය පාර්ලිමේන්තුවේ කෝප් සභාවට යෑවීම ගැන රජයෙන් පරීක්‍ෂණයක්‌ කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව සාමාජිකයන් තිදෙනකුගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක්‌ මේ සඳහා පත්කර ඇති අතර එම පරීක්‍ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කර තිබිණි. මේ පරීක්‍ෂණ කමිටුව විසින් පාද සටහන්වලට එරෙහිව සකස්‌ කළ මහ බැංකු නිලධාරීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ඉන්පසු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමුකර ඇතැයි ද රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෝaප් වාර්තාවේ පාද සටහන්වලට එරෙහිව මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට වාර්තාවක්‌ යෑවීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්‌ සිදුව තිබේද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම කමිටුව පත්කළ බව ද කියති.

මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ලේකම්වරයා විසින් කෝප් වාර්තාවේ පාද සටහන්වලට අදාළ කරුණු පැහැදිලි කිරීම් සහිත වාර්තාව කෝප් කමිටු සභාපතිවරයා වෙත යවන ලද්දේ 2016 නොවැම්බර් 04 වැනිදාය. ඉන්පසු ඒ පිළිබඳ පුවත්පත් වාර්තා පළවීමෙන් පසු මෙතෙක්‌ අග්‍රාමාත්‍යවරයා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව පත්කරන ලද අතර ඒ සමඟ මහ බැංකුව විසින් කෝප් කමිටුවට යවන ලද ලිපිය ද නැවත කැඳවාගෙන ඇත. මෙය මහ බැංකුව විසින් රජයේ ඉහළ මට්‌ටමකිsන් එල්ල වූ දේශපාලන බලපෑමක්‌ නිසා සිදු වූ දෙයක්‌ බව ද මහ බැංකු ආරංචි මාර්ග හෙළි කරයි.

මෙසේ මෙම වාර්තාව නැවත මහ බැංකුව විසින් කැඳවා නැති නිසා බැඳුම්කර ජනාධිපති කොමිසම විසින් ද එම වාර්තාවේ ඇතුළත් තොරතුරු කොමිසමේ විමර්ශනය සඳහා අදාළ කර නොගත් අතර ඒ තුළ එම දේශපාලන බලපෑම් සිදුකළ අය මහ බැංකුව විසින් කෝප් වාර්තාවේ පාද සටහන් ගැන කෝප් කමිටුවට යවන ලද වාර්තාවේ අන්තර්ගත තොරතුරු බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගයට ඉදිරිපත් වීමට ඉඩ නොදී එම තොරතුරු සැඟවීSමට සමත්a වූ බව ද දැනගන්නට ඇත.

මේ නිසා කෝප් වාර්තාවේ පාද සටහන්වලට කරුණු පැහැදිලි කිරීම් සහිතව මහ බැංකුව විසින් කෝප් සභාවට යෑවූ ලිපිය මහ බැංකුව විසින් නැවත කැඳවා ගැනීමට හේතුව කුමක්‌ද යන්නත් එසේම එම වාර්තාව ගැනත් ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස්‌ කර අගමැතිවරයාට සහ කථානායකවරයාට යවන ලදැයි කියන වාර්තාව ගැනත් බැඳුම්කර ජනාධිපති කොමිසමේ අවධානයට යොමු වීම ඉතා වැදගත් බව ද මහ බැංකු ආරංචි මාර්ග හෙළි කරයි.






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.