උමා ඔය ව්‍යාපෘතියෙන්
නිවෙස්‌ අහිමිවූවන්ට
ගෙවල් කුලී දීමනාවක්‌


රනිල් ධර්මසේන

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක්‌ව පදිංචි නිවාසවලින් ඉවත් කරනු ලැබූ පවුල්වලට රජයේ තක්‌සේරුව අනුව රුපියල් දස දහසේ සිට විසිපන්දහසක්‌ දක්‌වා මාසිකව නිවාස කුලී දීමනාවක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.

මෙම පවුල් විකල්ප ඉඩම්වල නැවත පදිංචි කරන තෙක්‌ මාස 06 ක උපරිම කාල සීමාවකට යටත්ව නිවාස කුලී දීමනාව ලබාදෙනු ඇත.

එමෙන්ම විපතට පත් වූ පවුල් සඳහා දැනට ලබාදෙන වියළි සලාක තවත් මාස 06 ක කාලයක්‌ සඳහා ලබාදීමට ද ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් ආපදාවට ලක්‌ වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධව සොයා බැලීමට පත් කළ කැබිනට්‌ අනු කමිටුවේ නිර්දේශ පරිදි මෙම දීමනා ලබාදීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.