ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට

නෝමන් පලිහවඩන

සිල් රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්aවරුන් සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට ඊයේ (08 වැනිදා) පැවසීය.

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් බන්ධනාගාර රෝහලේ විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කිරීමෙන් පසු ඔවුන් මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ බන්ධනාගාර ආරක්‌ෂාවක්‌ද ලබාදීමට කටයුතු කර ඇත.
 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.