ධර්මකීර්ති නම් මහතෙරුන් වහන්සේ
වැඩ සිටි අලවතුරේ ගණේගොඩ විහාරය


එම්. ඒ. සමන් චන්දන දයාරත්න
මධ්‍යම සංස්‌කෘතික අරමුදල


ගනේගොඩ විහාරය
කෑගල්ල දිස්‌ත්‍රික්‌කය අතීත මානවයාගේ සිට විවිධ යුගයන්ට අයත් සාධක රැසක්‌ ස`ගවාගෙන සිටින වටිනා පුණ්‍ය භූමියක්‌ වැනිය. විවිධ අවස්‌ථාවන්හි කෑගල්ල දිස්‌ත්‍රික්‌කයෙන් හමුවන සාධක අප මවිත කිරීමටත් අතීතයට අයත් ගැටලු රැසක්‌ නිරාකරණය කර ගැනීමටත් උපකාරී වී ඇත. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ කාංචිවරම් සම්ප්‍රදායට අයත් කෝවිලක්‌ අනුව ඉදිවූ විහාරස්‌ථානයක්‌ ඇතැයි පැවසුවහොත් එය බොහෝ දෙනකුගේ සැකයට බඳුන්වන කරුණකි. දමිළ නිර්මාණයක්‌ යෑයි කිවූ සැණින් සිහියට නැගෙනුයේ පොළොන්නරු යුගය නැතහොත් එම යුගයට අයත් වූ නිර්මාණයි. සීතාවක බැරැණ්‌ඩි කෝවිල මීට ආසන්නතම දමිළ හුරුවට තැණුන නිර්මාණයක්‌ ලෙස ජනප්‍රිය වුවද බොහෝ දෙනකු අලවතුර ග්‍රාමයේ ඇති මෙම විශ්වකර්ම නිර්මාණයෙහි තතු දන්නේ අල්පමාත්‍රවය. මෙම විහාරය කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ බෙලිගල් කෝරළයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් අලවතුර 61/ඒ ග්‍රාම නිලධාරී වසමට අයත්ව පිහිටා ඇත.

කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ කිලෝ මීටර් විසි අටක්‌ පමණ බුලත්කොහුපිටිය දෙසට පැමිණ අලවතුරේ කිරිවානා වංගුවේදී හමුවන කෙටි පාලමෙන් වමට හැරී රංගලු ඔයට සමාන්තරව දිවෙන පටු මාර්ගයේ මීටර් පන්සියක්‌ පමණ ගමන් කළ පසු මෙම විහාරයට නගින පියගැටපෙළ හමුවේ. රංගලු ඔයේ සිසිල් දියෙන් දෙපා දොවා එක එල්ලේ ඉහළට පියගැට දෙසිය පනහක්‌ පමණ තරණය කළපසු ගණේගොඩ විහාරයේ මළුවට පිවිසිය හැක. ඉහළට දිස්‌වන කෙත්යාය සහ කඳු යාය නෙත`ගට එක්‌ කරන්නේ සුන්දරත්වයකි. නා, කොස්‌, පොල්, පුවක්‌ ආදී වූ රුප්පාවන් පිසගෙන එන සුළ`ග නිසා ගතට විඩාවක්‌ නොදෙන තරමේ සැනසිලිදායක මනසක්‌ ඉහළට ගමන් කළ අයෙකු තුළ ඇතිවන්නේ නිතැතිනි.

මෙහි පර්වතයේ කටාරම් කොටා ඇති අතර මෙම ලෙන ලංකාවේ අනෙක්‌ ලෙන් විහාර හා සැසඳීමේ දී පර්වතය තුළට විහිදී ගිය ලෙනක්‌ නොවේ. පර්වතයේ යෝග්‍ය ස්‌ථානයක්‌ තෝරාගෙන ඉන්පසු කෘත්‍රිම ලෙස මාලක ගොඩනන්වා විහාර ගෙයක්‌ කරවා ඇත. මෙයට ඉහළින් තවත් ලෙන් කිහිපයක්‌ හා විහාර සංකීර්ණයක්‌ පැවති බව ප්‍රදේශයේ ගැමියන් විශ්වාස කරනු ලබයි. එයට හේතුව වන්නේ ඔවුන් යම් යම් අවස්‌ථාවල සිය අවශ්‍යතා ස`දහා පොළව කැණීමේදී ඔවුන්ට පැරණි ගඩොල්, මැටි භාණ්‌ඩ හා හැඩගන්වන ලද ගල්කැබලි හමුවීමයි.

ගණේගොඩ ආගමික මෙන්ම ආරක්‌ෂිත ස්‌ථානයක්‌ ලෙස ද වැදගත් ස්‌ථානයක්‌ වී ඇත. උඩරට සිට සීතාවකට ගමන්ගන්නා මාර්ගය අලවතුර හරහා වැටී ඇත. එසේම අරන්දර හරහා අලවතුරට පැමිණීමෙන් පළාබත්ගල හා ශ්‍රී පාදය යා කරන මාර්ගයට ද අලවතුරේ දී එක්‌වීමේ හැකියාව ඇත. පැරණි සිංහලයන්ගේ ගමන් මාර්ගය සේම ඉංග්‍රීසි පාලන සමයේ ඔවුන්ගේ ගමන් මාර්ගයන් දෙස බැලීමේ දී ද අලවතුර ගමන් මගේ ප්‍රධාන මංසන්ධියක්‌ ලෙස හ`දුනාගත හැක. පැරණි මූලාශ්‍ර විමර්ශනය කිරීමේ දී ගණේගොඩ යන්න ගණගොඩ හෙවත් ගණින්නාන්සේලා රැස යන්න අර්ථවත් කරයි. අතීතයේ ශාසනය පිරිහී ගිය සමයේ ගණින්නාන්සේලා රැස්‌වූ තැනක්‌ ලෙසට ද මෙම ස්‌ථානය ගැන මතයක්‌ පවතී. එසේම පෙර අලවතුර යන්න අලවත්ත, වලයතුර, කදෝඝ යන නාමයන්ගෙන් ද හැඳින්වූ බව සාහිත්‍ය විමර්ශනයේ දී අපට හමුවේ. මෙහි ඉතිහාසය පිළිබ`දව විමසා බැලීමේ දී මෙය වළගම්බා රාජ්‍ය සමය දක්‌වා දිවෙන බව ජනශ්‍රැතිගත කථා තුළින් අනාවරණය වේ. වළගම්බා රජු වනගතව සේනා සංවිධානය කරන සමයේ මෙම ප්‍රදේශයෙහි ද සැ`ගව සිට ඇත. ගණේගොඩ විහාරයේ සිට රංගල්ල විහාරය දක්‌වා උම`ගක්‌ හාරා තිබූ බවත් පොළව අභ්‍යන්තරයේ කළ බුදුමැඳුරක්‌ සේම වැදගත් පොත්පත් සහ වටිනා තෙල් බෙහෙත් ගබඩා කළ ගබඩාවක්‌ ද තිබූ බව කියවේ. එකල කෑගල්ලේ යෝධයා ලෙස සැලකෙන දෙබත්ගම යෝධයා මෙහි වූ උමගට බැස ඇතුල් විහාරය නැරඔQ බව ජනප්‍රවාදයේ පවතී. මේ උමග පිළිබ`දව කියවෙන ප්‍රචලිත කවියක මෙසේ මෙම විහාරය ගැන ස`දහන් වේ.

අලවතුරේ වලගම්බා රජ කුළුණූ
පොළවතුරේ උම`ගක්‌ හාරා තිබුණූ
එම අතුරේ බුදුරුව කළු ගලින් තැණූ
වඳු මිතුරේ තෙරුවන් සිහිකර දෙවණූ

යනුවෙනි.

මෙම විහාරයේ ඉහළ කන්දේ සිට ලෝකඩ තම්මැට්‌ටම ගැසූ විට ඇසෙන සීමාව මෙම විහාරයට අයත් නින්දගම් ලෙස පිදූ බව ජනප්‍රවාදයේ පවතී. එසේ ඇසෙන සීමාවේ පහනක සලකුණ ගල්වල කොටා ඇත. ඒ ස්‌ථාන නම් කළුපහන, ලක්‌පහන, බල්ලපාන, ඉද්දමල්පහන යන ස්‌ථානයි. මෙම විහාරය කලක්‌ ප්‍රකට ආගමික ස්‌ථානයක්‌ වූව ද කාලයාගේ ඇවෑමෙන් වල්වැදී ඇත. මෙය බොහෝ කාලයක්‌ ඉතිහාසයෙන් වසන්වීමට ද එය හේතුවක්‌ වන්නට ඇත. පසුව මෙම විහාරය කිහිප දෙනකුට නවාතැන් සපයන ස්‌ථානයක්‌ පමණක්‌ වන්නට ඇත. පසු කාලය තුළ විහාරය පිළිබ`දව ස`දහන් නොවීමට ද මෙය හේතු වන්නට ඇත. කුරුණෑගල යුගයේ පසු යුගය සහ ගම්පොළ යුගය තුළ මෙම ස්‌ථානය නැවත ජනතා ප්‍රසාදය ලබාගත් ස්‌ථානයක්‌ බවට පත් විය. ඒ ගණවැසි ශීලවංශ ධර්මකීර්ති හිමියන්ගේ ශාසන කාර්යයත් සම`ගය. එම හිමියන් ලංකාවට පැමිණෙන්නට පෙර වැඩවාසය කර ඇත්තේ ඉන්දියාවෙහිය. චෝල තෙරවරයකු යටතේ ඉගෙනගෙන භාරතයට වැඩමකරවා එහි ධාන්‍ය කටකයේ (අමරාවතිය) විහාරයක්‌ ප්‍රතිසංස්‌කරණය කර එහි සිල්වත් තෙරනමක ලෙස ශාසනයට මහත් මෙහෙයක්‌ සිදුකරමින් වැඩවාසය කර ඇත. එම හිමියන් පිළිබ`දව යශෝරාවය සහ මහිමය ලංකාවේ රජුන්ට ද දැන ගැනීමට ලැබීමෙන් පසු රජතුමා ක්‍රියා කළ ආකාරය වංශකථාකරුවන් ස`දහන් කරන්නේ මේ අයුරිනි.

"තඹ රටේ වාසය කරන ධර්මකීර්ති නම් මහ තෙරුන් වහන්සේ ඉතා සිල්වත් වූ බවද උන්වහන්සේ පි`ඩුසිඟා වඩින විට දිනෙක ඉදිරි මාර්ගයෙහි පියුමක්‌ පිපුණේ යෑයි ද අසා සතුටට පත්වූ රජතුමා දළදාවෙන් ස්‌පර්ශ කරන ලද සුව`ද සඳුන් කළල් ආදිය හා දහම් ප`ඩුරු ද යවා උන්වහන්සේ ලක්‌දිවට වැඩමවා රහතන් වහන්සේ නමකට මෙන් උපස්‌ථාන කළේය"යනුවෙනි. මෙසේ මේ ගණවැසි රාජ වංශයෙහි උපන් ශීලවංශ ධර්මකීර්ති හිමියන් ගම්පොළ මාලතීසේලා රාමය, අලවතුරේ විහාරය, ගඩලාදෙණියේ සද්ධර්මතිලක විහාරය යන මේවා මෙම හිමියන් විසින් ඇති කරන ලද විහාරයෝය. මාලතීමාල සේලයෙහි වෙසෙමින් ජනානුරාග චරිතය ද අලවතුරේ විහාරයෙහි වෙසෙමින් පාරමිතාසතකය සහ සූවිසි විවරණ කාව්‍ය ද කළහ. උන් වහන්සේ කළ සියලු පිංකම් පිළිබ`ද තොරතුරු පද්‍යයට න`ගා පොතක්‌ තැනූ බව සද්ධර්මාලංකාර නිගමනෙයෙහි කියා ඇතත් එය මේතාක්‌ හමුවී නැත. සද්ධර්මාලංකාරයෙහි මෙම විහාරය පිළිබ`දව ගාථාවකින් දක්‌වා ඇත්තේ

මානුඤේඤේ මලය දේසේ- කදෝඝ ඉති විස්‌සුතේ

ගාමකේ ළෙන පබ්භාර- භාසුරේ සුර නන්දනේ යනුවෙනි.


කදෝඝ යනු අලවතුර යන්නෙහි පාලි රූපයයි. පාරමිශතකයට අනුව ගනේගොඩ විහාරය කරවා ඇත්තේ විජයබාහු රජ සමයේ දී ය. මෙකල සිටි එකම විජයබාහු නම් කුරුණෑගල රජ කළ පස්‌වන විජයබාහු (1335-1341) ය. ගඩලාදෙණි විහාරය ඉදිකළ ප්‍රධාන ශිල්පියා වූ ස්‌ථපතිගණාධිපති ගණේශ්වරාචාරීන් මෙම විහාරයෙහි ද නිර්මාණ ශිල්පියා ලෙස සැලකේ. ශාසනවංශ ප්‍රදීපය රචනා කළ මැද උයන්ගොඩ විමලකීර්ති හිමි මෙහි කුඩා සෑයක්‌ හා බෝධියක්‌ ගැන සඳහන් කළ ද මෙහි එවැනි සෑයක්‌ වර්තමානයෙහි දැකගත නොහැක. මෙම විහාරයට පඤ්ච ඵල රුහ බෝධින්වහන්සේ නමක්‌ ලබාදුන් බව පඤ්ච ඵල රුහ බෝධි කාණ්‌ඩයෙහි දක්‌වා ඇති අතර එහි අලවත්තය යනුවෙන් දක්‌වා ඇත්තේ අලවතුර විහාරයයි. ගණේගොඩ විහාර භූමියෙහි එවැනි බෝධියක්‌ නැතත් පහළ වෙල්යාය අසල රෝපණය කර ඇත්තේ එම බෝධීන් වහන්සේ බව සැලකේ. මෙම විහාරයේ ඇති ගල් කැටයම් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති අලංකාරම ගල් කැටයම් බව එච්. සී. පී. බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ ස`දහන් කර ඇත. මෙහි ඉදිරිපස වේදිකාව ගොඩන`ගා ඇත්තේ දකුණු ඉන්දීය කාංචිවරම් කෝවිල් සම්ප්‍රධායට අනුවය.

පියගැටපෙළ තරණය කර ඉහළ මළුවට පිවිසෙත්ම ඇති කොරවක්‌ගල සුවිශේෂි කොරවක්‌ ගලකි. මෙහි ව්‍යාඝ්‍ර රුවට සමාන සිංහ රුවක්‌ නිර්මාණයකර ඇත. ගෙල පිටු පසට හරවාගෙන සිටින අතර මුවින් සො`ඩක්‌ සේ නික්‌මෙන හැඩගන්වන ලද අත්වැලකි. මොහු වල්ගය ඉහළට ඔසවාගෙන කවාකාරව සිය පිටුපස පාදය මත තබාගෙන සිටී. ගෙලෙහි කේශර දක්‌වා ඇත. කොරවක්‌ ගලට ආධාරක ලෙස මුරගලක්‌ හෝ ස`දකඩ පහණක්‌ දැකගත නොහැක. මෙහි වූ ස`දකඩ පහණ යමෙකු විසින් ගලවාගෙන ගොස්‌ ඇති බව ගැමියන් කියති.

බෙල් මහතා විසින් ඔයට බසින පඩිපෙළ අසල තිබී ඉහළ වේදිකාව මත තැම්පත්කළා යෑයි පැවසෙන ව්‍යාඝ්‍ර රූ කැබලි හයක්‌ වේදිකාව මත තැම්පත්කර ඇත. එයට පහළ වේදිකාවේ නාටිකාංගනාවන්ගේ සහ බෙරවයන්නන්ගේ රූ පෙළ දක්‌වා ඇත. දෙපසින් බෙරවයන්නන් හතර දෙනකු ද පරිවාර නළ`ගනන් දෙදෙනකු ද දක්‌වා මැද ඇති නර්තන රුව ඉරියවු තුනකින් කාන්තා රූ තුනක්‌ වන ලෙස කැටයම් කර ඇත. ඇතැම් විට දෘත ලයෙන් නටන කාන්තා රුව මේ ආකාරයට එක්‌ රුවකින් දැක්‌වීමට නිර්මාණශිල්පියා ගත් උත්සාහයක්‌ සේ මෙය උපකල්පනය කළ හැකිය. මෙය ඉතා සජීවී ආකාරයකින් කැටයම් කළ කැටයම්කරුවාගේ හැකියාව විශ්වකර්ම හැකියාවක්‌ සේ පැවසීම යුක්‌ති සහගතය.

ඉන්දීය දේවාල රැසක මෙවනි වූ නර්තන රූප සහ වාදනයෙහි යෙදෙන කාන්තා රූප දැකගත හැක. මෙහි ඇති රුව උඩුකය නිරුවතින් ද පුන් පයෝධර ඉදිරියට දක්‌වමින් සිහින් ඉ`ගටියෙන් හා පළල් උකුලින් යුත් මනා නර්තන ලාලිත්‍යයයෙන් හෙබි කාන්තා රුව ශෘංගාරාත්මකය. මෙය කාම දෙවියාට කරන රංගනයක්‌ වැනිය. මෙහි විහාරයට ඇතුල්වන උළුවස්‌ස සම්පූර්ණයෙන්ම ගලින් කරන ලද්දකි. මෙය ද අලංකාර ලෙස කැටයම්කර ඇත. මෙහි දැව දොරටුව සවි කිරීමට උළුවස්‌සේ ඉහළ හතරැස්‌ කොටුවක්‌ සහ රවුම් කැපුමක්‌ යොදා ඇත. මෙහි විශ්මය දනවන තවත් කරුණක්‌ නම් ශිලා පුවරු එක්‌කොට තැනූ සිවිලිමයි. හරි හතරැස්‌ ගල් පුවරු දහතුනකින් මෙහි සිවිලිම සකස්‌කර ඇත. චෝල සම්ප්‍රදායට අයත් සේ සැලකිය හැකි ගල්කණු කිහිපයක්‌ මෙහි දැකගත හැකිය. මෙහි ගෘහයෙහි වැඩහිඳින බුදුහිමිගේ ප්‍රතිමාවකි. එහි සිරස්‌පත බි`ද දමා ඇති අතර නේත්‍රාවලටද නිධන් සොරුන් විසින් හානි සිදු කර ඇත. එහි ආසනය කැටයමින් සරසන ලද තනි කළුගලින් කරන ලද්දකි.

හරි හතරැස්‌ ගල් පුවරු දහතුනකින් මෙහි සිවිලිම සකස්‌කර ඇත. චෝල සම්ප්‍රදායට අයත් සේ සැලකිය හැකි ගල්කණු කිහිපයක්‌ මෙහි දැකගත හැක. මෙහි ගෘහයෙහි වැඩහිඳින බුදුහිමිගේ ප්‍රතිමාවකි. එහි සිරස්‌පත බි`ද දමා ඇති අතර නේත්‍රාවලටද නිධන් සොරුන් විසින් හානි සිදුකර ඇත. එහි ආසනය කැටයමින් සරසන ලද තනි කළු ගලින් කරන ලද්දකි.

මෙහි විහාර භූමිය වටා සීසීකඩව විසිරගිය පැරණි විහාරයට අයත් රූකම් සහිත ගල්කණු සහ ගලින් කරන ලද පියස්‌සේ කොටස්‌ විසිරී පවතී. හරි මැදින් ගල් බැම්ම ගිලා බැසීමට ලක්‌ව ඇති අතර එය කුමන හෝ මොහොතක ඇදවැටේයෑයි සිතෙන තරමට අවදානමක පවතී. අතීතයේ ඉහළ ගල් පර්වතයේ තිබූ ගල් කැබැල්ලක්‌ මෙයට වැටී විනාශයට පත්වූ බවට ද මතයක්‌ පවතී.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ ගණේගොඩ විහාරය තුළ තිබී හමුවී ඇතැයි කියන සන්නසයි. මෙය හඳුන්වන්නේ ගණේගොඩ සන්නස නමිනි. මෙම සන්නස පිළිබ`දව තතු දන්නෝ නොමැති තරම්වන නිසා එය මෙසේ දැක්‌විය හැකිය.

ස්‌ව

1. ස්‌වස්‌ති ශ්‍රී වෛස්‌වත මනුසංඛාත මහා සම්මත පරම්පරානු යාන. සූයHර්වශොත්හැක සුමිත්‍ර රාඡ පුත්‍ර පවිත්‍ර ගොත්‍රාහි.

2. ජාත මහාරාධිරාජ ත්‍රි සංහලාධීර නනවරත්නාධිපති ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී සකල කලා සාහිත්‍ය පඬි

3. න බුවනෙකබාහු චක්‍රවර්ත ස්‌වාමීන් වහන්සේට පස්‌විසි වැන්නෙන් මතු අවුරුදු වෙසඟ පුර.

4. ස්‌තිය මදිවාලිප්පු ආරච්චියා භුවනෙකබාහු මහා රඡ්ජුරුවන් වහන්සේ ගේ (අදහස්‌ වූ) නියාවට දුක්‌ගෙ.

5. න සිටි නිසා (වෙල්පිට) ආසන්නයේ වලයතුර යන ගම මෙකුන්ට සිතා වදාළෙන් මෙම ගමට නිම් නැගෙනහිරින් පෙත්

6. තා පනික්‌කියා ගේ ඔවිට ඉම හා දකුණු දිගින් කෙමෙනි (කඩ) ඉම හා බස්‌ (නා) හිරින් පෙරුමා පණික්‌කියා ගේ කුඹුරේ ඉම.

7. හා බස්‌නාහිරින් පාලකුට්‌ටි මනන්නාගේ වත්තේ ළිඳ ඉම හා මෙකී සතර මාහිමට ඇතුළත් වූ ගම මුදල ගෙවතු සනි.

8. ගස කොල කුඹුරු ඔවිටිවල් විලි ඇතුළු වූ සියල්ලක්‌ම ජයවර්ධන පුරප්පුරවරයෙහි විචිත්‍ර චිත්‍රකූට මණ්‌ඩපයෙහි.

9. මකරතොරනා (ධවලාත) පත්‍රයෙන් සමලංක්‍රිතා වූ සිංහාසනයෙහි ඇමැති ගණ පිරිවරා දේවේන්ද්‍ර

ලීලාවෙන් වැඩ හිඳගෙ (ණ)

10. වලතුරෙයයි යන ගම මදියප්පුලි ආරච්චියාගේ දරු මුණුqබුරු පරම්පරාවට චන්ද්‍රd කර්කයායිව ස්‌වස්‌තිරව පඩ

11. නිනා පණටත් අනිකුත් කෝරළය කරනන් අතුකෝරළයන් යනබ (ඡ) ත්‍ර සේවා බාලයන් ඇත්තලයන් (අස්‌ස) ලයන්

12. සොන්බද්දන්, දඩ වැද්දන් , එෙŒරයන් , බලු වැද්දන් , ආදී වූ කරවන රුපි කෙනෙකුත් ගෙයිවත් අතානත්තුවක්‌ බහාවි.

13. ධානයක්‌ නොකියන නොකරන නිකායෙන් නියම කොට තඹ පතක්‌ දෙන්නේ යෑයි වදාළ මෙහෙව

14 . රින් වෙහෙසෙන්නා වූ පත්‍රය ලියාදුන් බවට සන්හස්‌ තිරු වරහන් පෙරුමාළුම් හ.


යනුවෙනි. මෙය ඉතා කෙටියෙන් දක්‌වතොත් zබුවනෙකබාහු රජු පැමිණි පස්‌ විසි වැන්නෙන් මතු අවුරුදු වෙසඟ පුර විසෙනිය. මදියාප්පුලි ආරච්චියා බුවනෙකබාහු රජුගේ දුක්‌ ගෙන සිටි නිසා (වෙල්පිට) ආසන්නයේ වලයතුර යන ගම දුණි. එයට මායිම් නැගෙනහිරින් පෙත්තා පණික්‌කියාගේ කෙමෙනි (කඩ) ඉම හා උතුරෙන් පාලකුට්‌ටිගේ මනන්නා ගේ වත්තේ ළිඳ ඉම වෙයි. එදා වලයතුර අද අලවතුර යෑයි සිතා ගත හැකි මුත් මෙහි මායිම් කොහි පිහිටියේ දැයි නොදනිමු.

මෙම විහාරයෙහි ඇති වැදගත්කම නම් මෙහි හින්දු දේව වන්දනය හා කෝවිල් සම්ප්‍රදායට අයත් ගොඩනැඟිලි පිළිබ`දව සාධක මෙම භූමියෙන් දැකගතහැකි වීමයි. මෙම ග්‍රාමය දමිළ පිරිසක්‌ හට ලබාදුන් බව ස`දහන් වුවත් වත්මනෙහි මෙම ග්‍රාමයට ආසන්නයේවත් දමිල පිරිස්‌ දැකගත නොහැක. මෙම විහාරයෙහි ඉහළ ගල් කටාරමට ආසන්නව පැරණි චිත්‍ර සාධක රැසක්‌ දැකගත හැක. මෙම විහාරය පිළිබ`දව මේතාක්‌ කැණීමක්‌ හෝ ශාස්‌ත්‍රීයව කරන ලද ගවේෂණයක්‌ හමුනොවීම විමතියට කරුණකි. දිනෙන් දින පුරාවස්‌තු මංකොල්ලකරුවන් සිතැ`ගි පරිදි මෙම විහාරස්‌ථානය විනාශ කිරීම්වලට ලක්‌කරනු ලබන බව වරක්‌ දෙවරක්‌ මෙහි ගමන් කරන්නෙකුට අවබෝධ කරගත හැක.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.