සංස්‌කරණය - ජගත් කණහැරආරච්චි

ආහාර ස්‌වෛරීබව රකින පරිසර ගොවිතැන

මහ පොළොව පුජනීය වස්‌තුවකි, සුරැකිය යුතු සම්පතකි, සුවපත් නිරෝගී මහ පොළොව මිහිමත ජීවීන්ට සුවය සැපත සලසයි. ගොවිතැන සඳහා ගොවියා ගනුදෙනු කරනු ලැබුවේ මතුපිට පසත් සමඟ පසේ ප්‍රති උත්පාදනය හා පසට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින් පද්ධතිය සංචරක අතර අන්තර් සම්බන්ධතාව හා එහි බහු කාර්ය ස්‌වභාවය වර්ධනය වන ආකාරයට මහා විද්‍යාවක්‌ සහිතව ගොවිතැන් කෙරූ බවට වසර 3,000 ක මෑත ඉතිහාසය අපට සාක්‌ෂි සපයයි. අපේ ගොවිතැන තුළදී මෙය පූජනීය වස්‌තුවක්‌ ලෙස සුරකිමින් පෝෂණය කරමින් සුවපත් කරමින් නිවහල් ගොවිතැනක යෙදුන බවත්. එම ගොවිතැන තුළින් පිරිසිදු නැවුම් රසයෙන් හා ගුණයෙන් අනූන සෞඛ්‍යයට හිතකර එළවළු, පලතුරු, පලා සමඟ ප්‍රාථමික මට්‌ටමේ ඖෂධ ලබාගෙන ඇති අතරම මේවා අනාගත පරම්පරාව වෙත උරුම කර දෙමින් පසත්, ජලයත්, ජාන විවිධත්වයත් මැනවින් සංරක්‌ෂණය කරමින් "පුනර්ජනනීය ගොවිතැනක" නිරත වී ඇත.

හැටේ දශකයේ අග භාගයේදී හරිත විප්ලවය නම් මහා බොරුව මගින් හරිත විප්ලව තාක්‌ෂණය හා එම තාක්‌ෂණ කට්‌ටලයත් 1977 න් පසුව කැඳවාගත් විවෘත ආර්ථිකයත් හේතුවෙන් පසු කාලීනව ගොවිතැන විකෘතියක්‌ බවට පත් විය. එය වාණිජ කෘෂිකර්මයක්‌ බවට පත්වුණේ ලාභය මුල්කර ගනිමින් ය. යාන්ත්‍රිකරණය හා රසායනිකකරණය ද සමඟින් විදේශ සමාගම්හි යෙදවුම් මත යෑපෙන පරපුටු ගොවිතැනක්‌ මේ තිරසර පුනර්ජනනීය ගොවිතැනට ආදේශක විය.

සමාජමය වශයෙනුත්, ආර්ථික වශයෙනුත්, දේශපාලනමය වශයෙනුත්, දැවැන්ත අර්බුදයක්‌ බවට වර්තමාන කෘෂිකර්මය පත්ව ඇත. හරිත විප්ලවය නම් වූ මහ බොරුවට රැවටුණු ලාංකීය ගොවියා වකුගඩු මාරයාගේ ගොදුරක්‌ වෙමින් මරණ සහතිකයක්‌ අතේ තබාගෙන ඇවිදින මළමිනි බවට පත්ව ඇත. එදා සුපිරිසිදුව පැවතුනු මහ පොළොව දූෂිත වී රෝගී බවට පත්ව මියෑදෙමින් පවතී. තරුණ පරපුර ගොවිතැන ප්‍රතික්‌ෂේප කරති. කෘෂිකර්මය පාඩු ලබන මහා කරුමයක්‌ බවට පත්ව ඇත. ආහාරයට වස විස අඩුවක්‌ නැතිව එකතු වී ඇත. ජල පෝෂක, ජල දහරා, වැව් ඇතුළු සියලු වැව් ජල මූලාශ්‍රයන්ට වස විස එක්‌වී විනාශ වෙමින් පවතී. ආහාර සුරක්‌ෂිතතාව හා ස්‌වෛරීභාවයේ මුල් සිඳී ඇත. මහ ෙ€දවාචකයකට රටත්, ගොවියාත්, සමස්‌ත ජනතාවත් මුහුණදී ඇත. ග්‍රාමීය ගොවිතැනින් ගොවීන් ඉවත් වෙමින් පවතී. කෘෂිකර්මය මාරාන්තික බැවින් එය වහා වෙනස්‌ කරගත යුතු බව වැඩි දෙනාගේ අදහස වී ඇත. රටට අවශ්‍ය රටම ඉල්ලා සිටින්නේ ද අනාගත පරපුර වෙනුවෙන් තිරසර යුගයක්‌ උදෙසා "පුනර්ජනනීය ගොවිතැන" නැවත ප්‍රතිස්‌ථාපනය කළ යුතු බවයි.

ග්‍රාමීය ආර්ථිකය ශක්‌තිමත් කළ හැකි හොඳම විකල්පය පුනර්ජනනීය ගොවිතැනයි. ජීව පූර්ණ ගෙවත්ත එහි එක්‌ අංගයකි. මෙම ගොවිතැන් ක්‍රමයෙහි මූලික පදනම පසට හානියක්‌ නොකර ගොවිතැන් කිරීමයි. පසෙහි තත්ත්වය වැඩිදියුණු කර ගනිමින් සාර්ථක ගොවිතැනක යෙදුන බවට වූ අත්දැකීම් සහිත සාක්‌ෂි ඉතිහාසය පුරාවටම දැකගත හැකිය.

ගොවිතැන පිළිබඳව ලාංකීය අපට ඇත්තේ ප්‍රෙෘඪ ඉතිහාසයකි. ඒ බවට ලාංකීය මානව ඉතිහාසය ගැන ප්‍රජා විද්‍යාත්මක සාධක සහිතව මහාචාර්ය රා- සෝමදේවයන් විසින් පෙන්වා දෙන්නේ අවුරුදු 125,000 කට පෙර තිබුණු මානව ඉතිහාසය තුළ හොමෝ සේපියන් විදියටම මේ රට තුළ පරිණාමය වෙමින් සංවර්ධනය වුණාය කියන එකට සාධක තිබෙන බවත් අවුරුදු 125,000 ක ඉතිහාසය තුළින් සොයාගත් සෑම පුරාවිද්‍යාත්මක සාක්‌ෂි මගින් ධාන්‍ය, අල වර්ග සහිත මංජුසා සොයාගත් බවත් ඒවා තුළ තුත්තිරි ඇට, ඇපල් ඇට තිබෙන බවට පර්යේෂණ වලින් ඔප්පු කරගත් බව පෙන්වා දේ. මෙවැනි අතීත පුරාවිද්‍යා සාක්‌ෂිත් මෑත කාලීන ලිත සාක්‌ෂිත් සහිතව මේ භූමිය තුළ කාබනික ගොවිතැන පිළිබඳ අතීත අධ්‍යාත්මික සබඳතාව අවුරුදු 3,000 ඉතිහාසයක්‌ බවට අප හමුවේ ඔප්පු වී ඇත.

මහා ගොවි බිම් පිළිබඳව නටබුන් නැති වුණාට ඒවාට උරදීපු වාරි කර්මාන්ත වල නටබුන් ඕනෑ තරම් රට පුරා දක්‌නට ඇත. ඒ අතුරින් ලොවම මවිතයට පත් කළා වූ යෝධ ඇළ, බිසෝ කොටු, මඩ සොරොව්ව වැනි වාරි ශිෂ්ටාචාරයක නටබුන් අදටත් ඉතිරිව තිබේ. එයින් ගම්‍ය වන්නේ මේ වාරි කර්මාන්තයන්ට සමගාමීව ගොවිතැනත් තිබුණු බවයි. ලෝකයේ අදටත් වාරි කර්මාන්ත සමඟ බද්ධ වුණු කෘෂිකර්මාන්තයන් ඇත. එහෙත් රට පුරාවටම විසිරුණා වූ වාරිකර්මාන්තයන් සමඟ කෙරෙන්නා වූ ගොවිතැනක්‌ තිබෙන ලෝකයේ එකම රට ලංකාව පමණයි. මේ වාරිමාර්ගයන් සියල්ල නිර්මාණය වී තිබෙන්නේ. විද්‍යාත්මක පදනමක සිටයි. එහෙත් 1960 දී මේ සියලු චිරස්‌ථායි පදනම් දෙදරා ආරම්භ වූ හරිත විප්ලවය තුළින් ඉතිරිව ඇත්තේ කුමක්‌ද? හරිත විප්ලවය සමඟින් ආරම්භ වූ කෘෂිකර්මය අද දවස වනවිට කරුමයක්‌ බවට පත්වී නොමැතිද? පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන එන ලද පාරම්පරික දැනුමත්, රටටත්, ජනතාවටත්, සතා සිවුපාවටත් හිතකර බීජ හා රෝපණ ද්‍රව්‍යයන් හඳුනාගෙන ඒවා වගාකර ගනිමින් ඒවා ස්‌වභාවික ක්‍රමයට වැඩිදියුණු කර ගනිමින් එහි ගුණය ඖෂධීය අගය හා ශක්‌ති ප්‍රභවයන් හඳුනාගනිමින් වගා කළා වූ 3,000 කට අධික බීජ වර්ගයන් අපට උරුමව තිබිණි.

මේ සියල්ල සොරාගැනීම හා කොල්ලකාගැනීම මොවුන්ගේ ප්‍රධාන ඉලක්‌කය විය. එම ඉලක්‌කය සපුරා ගනිමින් ඔවුන් ජයග්‍රහණය කළ අතර අප පරාජය වී ඇත. ගොවිතැනට වසවිස එකතු කරනු ලැබුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. මේ තුළින් සමාගම්හි ලාභය දෙගුණ තෙගුණ නොව දහපහළොස්‌ ගුණයකින් වැඩි කර ගැනීමේ ගමන් මඟ පාදාගෙන ඇත. මේ වන විට ඔවුන් සාර්ථක වී ඇති බව පෙන්වමින් අපට උරුමව ඇති බීජවල ජානයන් ද දැන් අපට අහිමි කරමින් පවතියි. කුඩා බිම් කැබැල්ලක වගා කරන බෝග ගණන එකකට දෙකකට සීමා කර ඇත. මේවාත් අධික වසවිස සහිත රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක යන යෙදවුම් නොමැතිව වගාකර ගත නොහැකි තත්ත්වයකට පත්කර ඇත. මෙම කුඩා බිම් කැබලි වලින් තමන්ගේ පවුලට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නවා වෙනුවට විවිධ වූ සමාගම්වල මහ ධනස්‌කන්දයන් උපයන මාර්ග බවට නතුකර ගනිමින් වකුගඩු රෝගය, දියවැඩියාව හා පිළිකා, හෘදයාබාධ වැනි අකාලයේ මරුවා වැළඳගන්නා වූ බෝනොවන වසංගතයක්‌ පමණයි මෙයින් අවසානයේ ඉතිරිව ඇත්තේ. අපේ ආහාර රටාව විෂම කර මුළුමනින්ම උඩු යටිකුරු කර ඇත.

අනාගත ලෝකය දිනාගත හැකි හා ආහාර සුරක්‌ෂිතභාවය සමඟ ආහාර ස්‌වෛරීභාවය සහතික කරගත හැකි එකම ගොවිතැන් ක්‍රමය "පුනර්ජනනීය ගොවිතැන" වේ. එය හෙට ලොවට අවශ්‍ය තිරසර දැක්‌ම පෙන්වා දෙනු ඇත. මේ සියලු විනාශයන් පිටුදකිමින් සහනයක්‌ වන්නටත් හෙට නියත වශයෙන් උදාවන්නා වූ තිරසර යුගයට අවශ්‍ය ගොවිතැන් ක්‍රමය මෙය වනු ඇත. අවිද්‍යාත්මක මූලධර්මයන් මත පදනම්ව ආරම්භ කෙරුණු රසායනික කෘෂිකර්මය වෙනුවට මනා ජල කළමනාකරණයත් සමඟ බද්ධ වුණු හිරු එළිය හා සඳ එළිය එක්‌ක බැඳිච්ච මහ පොළොවේ හෘදස්‌පන්දනය ගැන දන්න ක්‌ෂුද්‍ර ජීවීන් හා ගනුදෙනු කරමින් දැවැන්ත විද්‍යානුකූල පදනමක්‌ මත කෙරෙන තිරසර ගොවිතැන් ක්‍රියාවලියක්‌ වූ පුනර්ජනනීය ගොවිතැන නැවත ඇතිකර ගනිමින් ග්‍රාමීය ගොවියන් තුළ පැළපදියම් කර ඇති ඒක බෝග මනසින් ඉවත් කර සමස්‌ත ජෛව විවිධත්වයම වැළඳගන්නා සබුද්ධික ධාර්මික ගොවියෙක්‌ බවට පත්කර ගත යුතුව ඇත.

චින්තක සී. ගුණදාස
උපදේශක
වසවිස නැති රටක්‌ ජාතික වැඩසටහන
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා)
ජනාධිපති කාර්යාලය

*******************************************

අරුමයක කරුමය - 05
පළිබෝධ නාශකවල රුව, ගුණ
ඉරණම පිළිබඳ විමසා බැලෙන ලිපි පෙළ


රුව ගුණ වරුණ 03

ඕගැනෝ ක්‌ලෝරින් කාණ්‌ඩයේ පලිබෝධ නාශක ක්‍රියාත්මක වන්නේ කෘමියාගේ ස්‌නායුවල සෝඩියම් පරිවහන මාර්ගවලට බාධා කිරීමෙනි. රෑවි පද්ධතිවල සෝඩියම් හා පොටෑසියම් යොදා ගනිමින් එහි පටල හරහා පරිවහන ක්‍රියාවලියක්‌ සිදුවේ. මෙම පරිවහන ක්‍රියාවලිය සරෑල තුලට යම් යම් ද්‍රව්‍ය රැගෙන යාමටත් අනවශ්‍ය ද්‍රව්‍ය සරෑල වලින් පිටතට රැගෙන ඒමටත් උදව් වේ. ඕගැනෝ ක්‌ලෝරින කාණ්‌ඩයේ පලිබෝධ නාශක මගින් ස්‌නායුවල මෙම පටල පරිවහනයට බාධා කරනව. එමගින් කෘමියාගේ මරණය ළගා කිරීමට කටයුතු කරයි. ඕගැනෝ ක්‌ලෝරින් කාණ්‌ඩයේ සංයෝග අතර DDඔ ව්‍යqත්පන්න රාශියකි.මෙතොක්‌සික්‌ලෝර්, ඩයිකොපොල්, ක්‌ලෝරෝ බෙන්සිලේට්‌ ඒ අතර ප්‍රමුඛය. එතිලැන් මෙන්ම බෙන්සින් ව්‍යqත්පන්නයන්ද මෙම කාණ්‌ඩයට අයත්ය. බි.එච්.සි., එන්ඩි්‍රන්, ඩිඑල්ඩි්‍රන්, ක්‌ලෝඩේන් වගේ විශාල ප්‍රමාණයක්‌ මේ කාණ්‌ඩයේ ව්‍යqත්පන්න ලෙස තිබෙනවා. කෙහොම වුවත් මෙම කාණ්‌ඩයේ පවතින විෂ ස්‌වභාවය පරිසරයට සිදුවන හානිය එහි දිගු කාලින පැවැත්ම වැනි කරුණු නිසා බොහෝමයක්‌ ඕගැනෝ ක්‌ලෝරීන් භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා.

දෙවැනි මහා ලෝක යුධ සමයට ආසන්න කාලයේ ජර්මානු විද්‍යාඥයන් පිරිසක්‌ විසින් නව සොයා ගැනීමක්‌ කලා. ඒ මානව ස්‌නායු ක්‍රියාකාරිත්වය අඩපණ කරන ස්‌නායුක විෂ වායු වර්ග පිළිබදවයි. ඔබේ ස්‌නායු පද්ධතියේ ස්‌නායු දෙකක්‌ මුණ ගැහෙන තැන ක්‍රියාකාරිත්වයේ අපුරු බව ඔබ අසා තිබෙනවාද? මේ ස්‌නායු මුණ ගැසෙන සන්ධිය අපි හඳුන්වන්නේ උපාගමයක්‌ කියලා. එක්‌ ස්‌නායුවක සිට ඊළඟ ස්‌නායුවට පණිවුඩ යවන්නේ මේ උපාගමය ඔස්‌සේ ඇසිටයිල් කෝලින් කියන එන්සයිම වර්ගය හරහා. ඉහත විෂ වර්ගය මේ එන්සයිම ක්‍රියාවලිය අඩපණ කරලා ජීවියා මරණයට පත් කරනවා. දෙවැනි ලෝක යුද්ධයේ කාණ්‌ඩයේ ආයුධ ලෙස සෙයින්, සෝමන්, ටැබුන් වැනි ස්‌නායුක විෂ වායු සොයා ගත්තා. මේ සෑම සංයෝගයකම පොස්‌පරස්‌ තිබීම විශේෂත්වයක්‌. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයට පසුව ඇමෙරිකාව විසින් මේ සුවිශේෂි සංයෝග කාණ්‌ඩය හරහා පැරතියෝන් නම් පලිබෝධ නාශකය වානිජ මට්‌ටමෙන් ලොවට ඉදිරිපත් කළා. ඕගැනෝපොස්‌පේට හෙවත් පොස්‌පරස්‌ අඩංගු පලිබෝධ නාශක කාණ්‌ඩයේ ජන්මොත්පත්තිය සිදුවන්නේ ඔය ආකාරයටයි. ඇත්තටම පලිබෝධ නාශක පවුලේ මද්දුමි ඕගැනෝ පොස්‌පේට්‌ යෑයි කීම වරදක්‌a නම් නොවේ.

මේ කාණ්‌ඩයේ විශේෂත්වයක්‌ වන්නේ මේවා වැඩි කාලයක්‌ පරිසරයේ පවතින්නේ නැහැ. ඒ වගේම ජලය, හිරු එළිය වැනි කාරණා නිසා ඉක්‌මනින්ම වියොජනය නැත්නම් වෙනත් දේවල් බවට පත්වෙලා යනවා. එනම් ක්‌ලෝරින් අඩංගු පලිබෝධ නාශක වගේ පරිසරයේ බොහෝ කල් රැදෙන්නේ නැහැ.

මධ්‍යධරණීය පලතුරු මැස්‌සාගේ හානිය වළක්‌වන්න මෙන්ම බටහිර නයිල් වෛරසය පතුරුවන මදුරු මර්දනයට මෙය බෙහෙවින් ඉවහල් වුණා. ලංකාවේ මදුරු මර්දනයට සුප්‍රසිද්ධ මැලතියෝන් පළිබෝධ නාශකය මේ කාණ්‌ඩයට අයත්. ඩයසිනෝන්, ක්‌ලෝපිපෝස්‌, පොස්‌මේට්‌, පොරේට්‌ වැනි පලිබෝධ නාශක මේ වර්ගයේ විශේෂයෙන් ප්‍රසිද්ධ අය. ඩයසිනෝන් සහ ක්‌ලෝපයිපෝස්‌ ලංකාවේත් ජනප්‍රියයි.

ඕගැනෝපොස්‌පේට කාණ්‌ඩය මීමැස්‌සාන්ට, වනජීවීන්ට මෙන්ම මානවයන්ට විෂ සහිත බව පෙන්වල දීල තිබෙනවා.ඇමෙරිකානු පාරිසරික ආරක්‌ෂණ ඒජන්සිය (ඹී Eබඩසරදබපැබඒක ඡරදඑeජඑසදබ Aටැබජහ) විසින් ගෘහස්‌ථ කටයුතු සදහා යොදා ගැනීම නවත්වලා තිබෙනවා. නිර්දේශ කරනනේ කෘෂි කාර්මික කටයුතු සදහායි.

දිගු කාලින භාවිතය මොනවගේ වෙයිද? පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ හෘද සනාල රෝග මෙන්ම ස්‌වසන ආබාධ සඳහා ද හේතුවිය හැකි බවයි. එසේම පිළිකාකරක ගුණයත් නොඅඩුව තියෙනවා කියලයි ෂ්RC හෙවත් අන්තර් ජාතික පිළිකා පර්යේෂණ ආයතනය මේ ගැන පවසන්නේ. නොමේරූ දරු උපත් මෙන්ම මොලයේ ක්‍රියාකාරිත්aවයට බලපෑම් කරන්නත් හේතු විය හැකියි. ඒ වගේම ADHD නම් දරුවන්ට වැළඳෙන මානසික රෝගි තත්ත්වයට මේ එක්‌ හේතුවක්‌ ලෙස පෙන්වල දිලා තිබෙනවා. ADHD ලංකාවේත් දැකිය හැකි අපි උනන්දුවිය යුතු රෝගි තත්වයක්‌. මතකය දුර්වල කරන්න, සිතේ එකඟකම අඩුකරන්න හිසරුදා තත්ත්වයන් මෙන්ම දුර්වල ප්‍රතිචාර දැක්‌විමත් මේ පලිබොධ නාශකවලට නිරාවරණය වීම තුළ උදාකර ගන්න පුළුවන් ප්‍රතිඵල වෙනවා. ඉන්දියාවේ මදුරෙයි විශ්ව විද්‍යාලය මැදිහත්වීමෙන් සිදු කළ පර්යේෂණයක්‌ මගින් හෙළි වූයේ පොස්‌පරස්‌ සහිත පළිබෝධ නාශක සහ දියවැඩියාව අතර සබඳතාවයක්‌ ඔවුන් විසින් නිරීක්‌ෂණය කළ බවයි.

රුව ගුණ වරුණ - පොඩි අක්‌කා සහ චූටි ගැන ඊළඟ සතියේ.....

රන්සිළු වටවල


 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.