ආරක්‌ෂක මණ්‌ඩලය උතුරු
කොරියාවට සම්බාධක පනවයි...


* තෙල් සැපයුම නතර වෙයි
*උතුරු කොරියානු රෙදිපිළි අපනයනය තහනම්



සයවැනි වරටත් න්‍යෂ්ටික පිපිරවීමක්‌ සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

මේ අනුව උතුරු කොරියාවට තෙල් සැපයීම සහ උතුරු කොරියාවේ රෙදිපිළි ආනයනය තහනම් වේ.

ඇමෙරිකාව ඉදිරිපත් කළ සම්බාධක යෝජනාවට චීනය හා රුසියාව ද පක්‌ෂව ඡන්දය භාවිත කර ඇත.

2008 වසරේ සිට ආරක්‌ෂක මණ්‌ඩලය උතුරු කොරියාවට පැනවූ නවවැනි සම්බාධක තීන්දුව මෙයයි.

උතුරු කොරියාව සෑම වසරකම ස්‌ටර්ලින් පවුම් මිලියන 520 ක රෙදිපිළි රටවල් රැසකට අලෙවි කරයි.

උතුරු කොරියාවේ 2 වැනි අපනයන වෙළෙ¹ම රෙදිපිළි වේ.

මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් න්‍යෂ්ටික පිපිරවීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කැඳවා උත්සවයක්‌ පවත්වා ඇත. මෙහිදී ඔහු පවසා ඇත්තේ උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික පිපිරවීම් සිදුකරන බවයි.




**************************************************************************

අවි ආයුද සම්මුතියට රටවල්
රැසක්‌ අත්සන් කර නැහැ...

-ස්‌විස්‌ විදේශ ඇමැති


අවි ආයුද වෙළෙඳාමට අදාළ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීමට රුසියාව, චීනය, ඉන්දියාව, සවුදි අරාබියාව සහ පාකිස්‌තානය අත්සන් කර නැත.

මේ බව රුසියානු විදේශ ඇමැති ඩිවියර් බර්ක්‌හෝල්මන් ප්‍රකාශ කර ඇත.

මෙම සම්මුතියට ඇමෙරිකාව අත්සන් කර ඇතත් එය ක්‍රියාත්මක කරන්නේ ද යන්න තහවුරු කර නැත.

ස්‌විට්‌සර්ලන්තය මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.

මේ අතර ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන්නේ ස්‌විට්‌සර්ලන්ත සමාගම් ද විශාල ලෙස අවිආයුද අලෙවිකිරීමේ යෙදී සිටින බවයි.


**************************************************************************

ඇමෙරිකාවේ විශාලතම
මියාමි ගුවන්තොටුපළ වසාදමයි...

ගුවන් ගමන් සියල්ල අවලංගු කෙරෙයි


ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළට බරපතළ හානි සිදුවීම නිසා වසාදමා ඇත.

ප්ලෝරිඩාහි විශාලතම ගුවන්තොටුපළ වූ මියාමි ගුවන්තොටුපළට හානි සිදුවී ඇත්තේ ඉර්මා කුණාටුව නිසාය.

මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.

මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක්‌ ගතවනු ඇති බවට වාර්තාවේ.

මෙම විශාලතම ගුවන්තොටුපළේ ධාවන පථවලට ද හානි සිදුවී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.