2017 සැප්තැම්බර් 13 බදාදා

 
 

 

 
    Divaina Editor
    contact webmaster

ජනපති අරුන්දිකගේ ඇමැති පට්‌ටම ගලවයි

නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ තමාට දුකක්‌ කනගාටුවක්‌ නැති බවත් කොහොමත් ලබන 20 වැනිදා තමන් එම ධුරයෙන් ඉවත් වීමට සිටි බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා 'දිවයින'ට පැවසීය.


පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම
අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා
- නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක

නීතිඥ අනුජ ප්‍රේමරත්න අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි ඉල්ලීමක්‌ කළේය. එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක්‌ එම තොරතුරු ලබාදීමට හැකියාවක්‌ නැතැයි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

මහින්ද වගකීම භාරගැනීමෙන්
සිල් රෙදි බෙදීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ බව පැහැදිලි වෙනවා
- විජිත හේරත්

19 වැනි ව්‍යවස්‌ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්‍ෂට කියනවා. මහින්ද රාජපක්‍ෂ කියනවා මේක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියක්‌ අනුව ක්‍රියාත්මක වුණා කියලා. ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියක්‌ නම් එය අයවැය ප්‍රකාශයට ඇතුළත් විය යුතුව තිබෙනවා.


රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් වංශ ටෝක්‌ දමන අය වැඩිවෙලා
- ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා

අපි ලලිත්, අනූෂ මහත්වරුන් ගැන අනුකම්පාවෙන් බලනවා. ඒක වෙනම කතාවක්‌. නමුත් අධිකරණය, ව්‍යවස්‌ථාදායකය අභියෝගයට ලක්‌ කරමින් ක්‍රියා කරන්න අපි සූදානම් නැහැ. විපක්‌ෂ දේශපාලකයෝ මේ සමාජය වැරැදි දිසානතියකට තල්ලු කරනවා. ගෞරවනීය ස්‌වාමින් වහන්සේලාත් අද මේ වැඩවලට ඉදිරිපත් වෙලා.

ව්‍යාජ ලොතරැයි ගැන බන්දුලගෙන් ප්‍රශ්න කරයි

ව්‍යාජ ලොතරැයි පත් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම තවත් වැදගත් කරුණු කීපයක්‌ සම්බන්ධ යෙන් බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව......


කැලණි ගඟ සංවර්ධනය නොකර බස්‌නාහිර පළාත් ව්‍යාපෘති සාර්ථක කිරීම සිහිනයක්‌
ඇමැති පාඨලී චම්පික රණවක

පහුගිය කිසිම රජයකට අතගසන්නට නොහැකිවූ කැලණි ගඟ සංවර්ධනය කිරීමේ යෝධ ව්‍යාපෘතියක්‌ වත්මන් රජය මගින් සැළසුම් කරන බවත්  බත්තරමුල්ල පාර්ලිමේන්තු පාර හරහා බොරැල්ල දක්‌වා සැහැල්ලු දුම්රිය සේවාවක්‌ යෙදවීමට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මැතිවරණය පැවැත්විය හැක්‌කේ ලබන ජනවාරියේයි
- මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පවත්වනවා නම් එය ජනවාරි මස 06, 20 හෝ 27 වැනිදා යන සෙනසුරාදා දිනයක පැවැත්විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

යෝෂිත ඊයේ|
එෆ්සීඅයිඩී නොඑයි

ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ ඊයේ පෙරවරු 10.00 ට පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්‌ෂ මහතාට මීට ඉහත දැනුම් දී තිබිණ.


ගෑස්‌ මිල නැංවීමේ මලික්‌ගේ යෝජනාවට කැබිනට්‌ රැස්‌වීමේදී විරෝධය

ගෑස්‌ මිල ඉහළ නැංවීම මේ මොහොතේ කිසි ලෙස නොකළ යුත්තක්‌ බව එහිදී කැබිනට්‌ ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූ බව කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ 'දිවයින' ට පැවසීය.


බදු පැනවීම නිසා දුම්වැටි භාවිතය 46% කින් අඩුවෙලා
- සෞඛ්‍ය ඇමැති

දුම්වැටි භාවිතය තවදුරටත් අවමකරලීම සඳහා පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කිරීම, තනි දුම්වැටිය අලෙවිය තහනම් කිරීම, තනි සුදු පැහැති දුම්වැටි පැකට්‌ටුවක්‌ හඳුන්වා දීම වැනි නීති රීති ඉදිරියේදී ගෙන එන බව....


රැඳවුම් භාරයේ සිටින දරුණු කොටි 100 කට වහා නඩු පවරන්න
- හුසේන් ශ්‍රී ලංකාවට කියයි

ලයන් එයාර් යානාව විනාශ කිරීම ඇතුළු වෙනත් බිහිසුණු අපරාධ සම්බන් ධව රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන්ගේ නාම ලේඛනය එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ලබාදී තිබේ.


හුසේන්ගේ ඉල්ලීමෙන් හමුදා නිලධාරීන් 18 කට යුරෝපයේ දොර වැසේ

මෙම සම්මුතිය මත එම හමුදා නිලධාරීන් යුරෝපා රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමුකළ හැකි වේ.


බැංකු ගිණුම් වාර්තා ඉල්ලා සීඅයිඩිය ඇලෝසියස්‌ගේ නිවසට යයි

දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා හමුවීමට රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි.


රජ රටට තවමත් ඉඩෝරය

අනුරාධපුරයේ නුවරවැව, තිසාවැව, අභයවැව යන මහ වැව් තුනටම පිරි මහන්නට ජලයක්‌ එක්‌වී නැත. මෙවර මහ කන්නේ වැහි ගතිය තාමත් දකින්නට නැති බව පැරැණි ගොවියෝ කියති.


යාපනය හා කිළිනොච්චියේ
සියදිවි නසා ගැනීම් වැඩිවෙලා

සමීක්‍ෂණ වාර්තාව අනුව වැඩි වශයෙන්ම සියදිවි හානි කරගෙන ඇත්තේ අවුරුදු 40 ත් 55 ත් අතර කාන්තාවන් බවයි.  යුද්ධයේදී සිය ස්‌වාමිපුරුෂයන් හා ඥතීන් අහිමි වී යැමද, සියලුම දේ යුද්ධයෙන් විනාශ වී යැමද.....


ධාන්‍ය, අල වර්ග යොදාගෙන
ගම්පහ ඉංජිනේරුවකු ගෙන් පොලිතින්වලට විකල්පයක්‌

වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා මෙම පොලි තින් වෙනුවට භාවිත කළහැකි නිමැවුම සොයාගෙන ඇත. දැනටමත් පොලිතින් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර මේ සඳහා යොදා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කළේය.


බැංකු කාඩ් රහස්‍ය අංක සොයා රාත්‍රි කාලයේදීම මුදල් අරන්
හොර කණ්‌ඩායමක්‌ නිසා අතුරුගිරියේ ජනතාව බියෙන්

මෙම සොර කණ්‌ඩායම රාත්‍රි කාලයේ නිවැසියන් නිදි අතරේ නිවෙස්‌ තුළට රිංගා එහි තිබූ දේපළ සොරකම් කර ඇති අතර බැංකු කාඩ්, බැංකු පොත් සමගම රැගෙන ගොස්‌ රහස්‍ය අංකය සොයා.....


මහමෙවුනා අසපුවට පිවිසෙන මාර්ගයේ අපූරු දසුනක්

සත්ත්ව ලෝකයේ වඩුකුරුල්ලා අපූරු ගෘහ නිර්මාණ ශිල්පියෙකි. "මහ මෙව්නා අසපුව" ට පිවිසෙන මග පිහිටි වෙල්යායේ අද්දර උස්‌ පුවක්‌ ගසක ඉදිකර තිබූ වඩු කුරුලු කූඩු සමූහයයි මේ.


හලාවත හුරුලු මාළු අස්‌වැන්න තරවේ

මේ දිනවල හලාවත ධීවරයන්ට හුරුල්ලන් බහුලව හසුවෙයි. කරවල වෙළෙඳුන් හුරුල්ලන් කූඩ ගණන් මිලදී ගෙන කාන්තාවන් ලවා හුරුල්ලන් ශුද්ධ කරවන අයුරුයි මේ.


ගල්කිස්‌සේ හෝටලයක මියගිය
කෝටිපතියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්‌

මියගිය අය ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නියුතු කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ බිරිඳ එවකට සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල අමාත්‍ය වරයකුගේ ඥති දියණියකි.


මුහුද රළු වෙයි ;
මාළු මිල ඉහළ යයි

දකුණු දිග වෙරළ තීරයේ මුහුද තවමත් රළු වී ඇති නිසා ධීවරයන් අසරණ වී ඇති අතර වෙරළ ආශ්‍රිත ධීවර කර්මාන්තය තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

මාමස්‌මිගේ ගෝලයා රට ගිනිඅවියක්‌ සමග කොටුවේ

අහසට වෙඩි තබා ජනතාව බිය ගැන්වීමේ නිරත වූ මාලිගාවත්ත ප්‍රදේශයේ හිටපු පාතාල කල්ලියක නායකයකු වන මාමස්‌මිගේ සමීපතම ගෝලයකු විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් 0.38 වර්ගයේ ගිනි අවියක්‌ සමග

කටුකුරුන්ද සණස සභාපතිනියට
ඇසිඩ් ගැසූ සැක කරුවෝ යළි රිමාන්ඩ්

කටුකුරුන්ද සණස සමිතියේ සභාපතිනියට ඇසිඩ් ගැසූ බව කියන සැකකරුවන් දෙදෙනා මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ හෙයින්.....

කළුතර - අලුත්ගම බසයක බෝම්බ

බස්‌ රථය පිරිසිදු කරමින් සිටියදී කළුපාට බෑග යක තිබූ අත් බෝම්බ දෙකක්‌ දැක පොලිසියට දන්වා ඇත.


  • ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම

    යස්‌මිත් සුකා යනු ඉතාමත් කපටි ගැහැනියෙකි. ඇය මේ වන විට සාවද්‍ය යුධ අපරාධ වාර්තා 15 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා තිබේ.  එසේම යුද අපරාධ නඩු පවරණ සූක්‍ෂම ක්‍රමවේදය ඇය දනී. එක්‌සත් ජාතීන්ගේ විශ්ව සම්මුතිය ක්‍රියාත්මක වන අයුරුද සූකා දන්නා නිසා.

  

  • ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ,
    ප්‍රශ්නයට විසඳුම සාකච්ඡාවයි...

    ක්‍රීඩා ඇමැති කියයි

    අපි 15 වැනිදා ක්‍රිකට්‌ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්‌ බත්තරමුල්ලේදී පවත්වනවා. ඒකට සියලුම දෙනාට ආරාධනා කරල තියෙනවා. එහෙම සාකච්ඡා කරල මේකට විසඳුම සොයා ගත යුතුයි. එහෙම නැතිව අතුරු කමිටු පත් කළා කියල විසඳුමක්‌ නැහැ. නිලවරණය තිබ්බෙ අතුරු කමිටු පත්කරන්න නෙමෙයිනේ." යනුවෙන් පැවසීය.

  

 






 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.