මාමස්‌මිගේ ගෝලයා රට ගිනිඅවියක්‌ සමග කොටුවේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

අහසට වෙඩි තබා ජනතාව බිය ගැන්වීමේ නිරත වූ මාලිගාවත්ත ප්‍රදේශයේ හිටපු පාතාල කල්ලියක නායකයකු වන මාමස්‌මිගේ සමීපතම ගෝලයකු විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් 0.38 වර්ගයේ ගිනි අවියක්‌ සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය පෙරේදා (11 දා) සමත්විය.

ලැබුණු තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස්‌ පදිංචි 39 හැවිරිදි සැකකරු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසලදී කොටුකරගෙන තිබේ.

මොහු අහසට වෙඩි තබා ජනතාව බිය ගන්වා ඇති බවට ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියටද පැමිණිලි රැසක්‌ ලැබී තිබිණි.

කොළඹ අපරාධ කොට්‌ඨාසය සැකකරු භාරයේ තිබී සොයාගත් ගිනි අවිය පාතාල කල්ලි නායක මාමස්‌මි භාවිතා කළ ගිනි අවිය බවටද හෙළිවී තිබේ.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.