රැඳවුම් භාරයේ සිටින දරුණු කොටි
100 කට වහා නඩු පවරන්න

- හුසේන් ශ්‍රී ලංකාවට කියයි

කීර්ති වර්ණකුලසූරිය

බිහිසුණු යුද අපරාධ සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 100 කට අදාළ නඩු වහාම විසඳන මෙන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

එසේම පැරණි ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට නව පනතක්‌ ක්‍රියාත්මක කරන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා ඇත.

ලයන් එයාර් යානාව විනාශ කිරීම ඇතුළු වෙනත් බිහිසුණු අපරාධ සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන්ගේ නාම ලේඛනය එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ලබාදී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.