හුසේන්ගේ ඉල්ලීමෙන් හමුදා නිලධාරීන් 18 කට යුරෝපයේ දොර වැසේ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීම නිසා වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 18 කට යුරෝපා රටවල සංචාරය තහනම් වනු ඇත.

මෙම සම්මුතිය මත එම හමුදා නිලධාරීන් යුරෝපා රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමුකළ හැකි වේ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ජාත්‍යන්තර අධිකරණ සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වල අවසරයකින් තොරවය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ දක්‌වා නොමැත. මේ සම්මුතිය මත අත්අඩංගුවට ගත යුතු හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය කොටි ඩයස්‌පෝරාවේ ආධාරකාරියක වූ යස්‌මින් සුකා විසින් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ඉදිරිපත් කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.