මැතිවරණය පැවැත්විය හැක්‌කේ ලබන ජනවාරියේයි
- මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය මෙම වසරේ (2017) පැවැත්වීමට නොහැකි බවත් එය ලබන වසරේ (2018) ජනවාරි පැවැත්වීමට හැකි බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (12 වැනිදා) පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්‌කේ සෙනසුරාදා දිනයකදී බවත් මෙම වසරේ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් විභාග කොමසාරිස්‌වරයා ඊට අදාළ දින නියම කර ඇති නිසා දෙසැම්බර් මස පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පවත්වනවා නම් එය ජනවාරි මස 06, 20 හෝ 27 වැනිදා යන සෙනසුරාදා දිනයක පැවැත්විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට හැකි වේ නම් මැතිවරණ කොමිෂන් සභාවද එය අනුමත කරන බවත් එය ඉතාමත් හොඳ ක්‍රියාවක්‌ බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.