ධාන්‍ය, අල වර්ග වැනි ස්‌වාභාවික දේ යොදාගෙන
ගම්පහ ඉංජිනේරුවකුගෙන් පොලිතින්වලට විකල්පයක්‌

කල්එළිය - චන්ද්‍රවීර වික්‍රමරත්න

2017 සැප්තැම්බර් පළවැනිදා සිට නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනයන් සඳහා විකල්ප නිෂ්පාදනයක්‌ ගම්පහ ප්‍රදේශයේ සිවිල් ඉංජිනේරුවරයකු විසින් සොයාගෙන ඇත.

වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා මෙම පොලිතින් වෙනුවට භාවිත කළහැකි නිමැවුම සොයාගෙන ඇත. කලක සිට කළ පර්යේෂණයක්‌ සහ ඒ සඳහා විවිධ රටවලට ගොස්‌ ලබාගත් ජාත්‍යන්තර දැනුම තුළින් මෙම පොලිතීන් වෙනුවට භාවිත කළහැකි නිමැවුම සොයාගත් බවට ඔහු ප්‍රකාශ කළේ ගම්පහ දිස්‌ත්‍රික්‌ ජනමාධ්‍යවේදීන් හමුවේදීය.

එහිදී තම නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කරමින් ඔහු පැවැසුවේ, මේ සොයා ගැනීම තුළින් තවත් අයෙකුට අවශ්‍ය උපදෙස්‌ දැනුම වගේම අමුද්‍රව්‍ය සොයා ගැනීමට තොරතුරු ලබාදීමටත් තමා සූදානම් බවත්, දැනටමත් පොලිතින් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර මේ සඳහා යොදා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම මෙය සෞඛ්‍යයට හිතකර ලෙස නිපදවා ඇති බවත් ඒ සඳහා ධාන්‍ය, අල වර්ග වැනි ස්‌වාභාවික දේ යොදා ගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.