මහමෙවුනා අසපුවට පිවිසෙන මාර්ගයේ අපූරු දසුනක්


සත්ත්ව ලෝකයේ වඩුකුරුල්ලා අපූරු ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

තෘණ පත්‍ර උපයෝගී කර ගනිමින් සුවිශේෂී හැඩයක්‌ සහ අලංකාරයක්‌ සහිත කූඩුවක්‌ ඉතා කෙටි කාලයක්‌ තුළ තනා නිම කිරීමට ඌට ඇත්තේ කදිම හැකියාවකි.

සාමාන්‍ය ශරීරයක්‌ සහිත සමූහවාසී කඩිසර පක්‍ෂියකු වන වඩු කුරුල්ලා බොහෝ විට හේන් කුඹුරු ආදී ධාන්‍ය වගා කරන කෘෂිකාර්මික ප්‍රදේශවල සුලභව දක්‌නට ලැබේ.

බඩල්කුඹුර බුත්තල මහා මාර්ගයේ හමුවන කළුදාමඩ "මහමෙව්නා අසපුව" ට පිවිසෙන මග පිහිටි වෙල්යායේ අද්දර උස්‌ පුවක්‌ ගසක ඉදිකර තිබූ වඩු කුරුලු කූඩු සමූහයයි මේ.

බදුල්ල - එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.