රජ රටට තවමත් ඉඩෝරය

එප්පාවල - රත්න බී. ඒකනායක

පුරා වසරකට වැඩි කාලයක්‌ තිස්‌සේ ඇදෙමින් පවතින රජරට නියඟය තවමත් නිමවී නැත. පසුගිය දින තුනකදී වැහි ඇලි කීපයක්‌ ලැබී ගස්‌වැල් පිබිදී ඇති නමුත් වැව්වලට දැනෙන්නට වතුරක්‌ එකතුවී නැත. වියළී ඉරිතලා පැවැති යාය වැව්වල සහ ගමේ වැව්වල පතුලේ ඉරි මැකී යමින් වතුර ටිකක්‌ වෑකන්ඩියේ මුලට එකතු වී ඇති නමුත් පිරිමහින තරමට වතුරක්‌ එකතු වී නැත. අනුරාධපුරයේ නුවරවැව, තිසාවැව, අභයවැව යන මහ වැව් තුනටම පිරිමහන්නට ජලයක්‌ එක්‌වී නැත.

බිනර මහේ 15 වැනිදායින් පසුව රජරටට වැහි උදාවන සමයයි. විශේෂයෙන් වප් මහේදී ඔක්‌තෝබර් වැව් පිරී උතුරා කඩවල හැදී ගං වතුර ගලන්නට තරම් වැහි ඇලි අතෝරයක්‌ නැතිව ලැබෙන නමුත් මෙවර මහ කන්නේ වැහි ගතිය තාමත් දකින්නට නැති බව පැරැණි ගොවියෝ කියති. පසුගිය මහකන්න මෙන් මෙදා මහකන්නත් ගැස්‌සී යාදොaයි ගොවියෝ සැකසංකා පහළ කරති.
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.