ආසියානු ගෘහස්‌ථ සහ සටන් කලා
ක්‍රීඩා උළෙලේ ඉසව් පහකට 21 ක්‌ යති...



පස්‌වැනි ආසියානු ගෘහස්‌ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකු තුර්ක්‌මෙනිස්‌ථානයට යෑවීමට ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටුව පියවර ගෙන තිබේ. කණ්‌ඩායම ලබන 15 වැනිදා පිටත්ව යැමට නියමිතය.

අදාළ ක්‍රීඩා උළෙල සඳහා රටවල් 65 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000 කට ආසන්න සංඛ්‍යාවක්‌ තරග වදින බව වාර්තා වේ. ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා ඉසව් 21 ක්‌ ඇතුළත්ව තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන්නේ ටයිකොන්ඩෝ, ගෘහස්‌ථ මලල ක්‍රීඩා, චෙස්‌, බර එසවීම සහ මල්ලවපොර ක්‍රීඩා ඉසව් සඳහා පමණක්‌ බව වාර්තා වේ.

තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්‌ඩායම

බර එසවීම - ඊ.ඒ.ඩී.කේ.ඩී. එගොඩවත්ත, සී.එස්‌.එස්‌.පී. විඡේසුරිය, ඩබ්.පී.යු.චාරක, පී.කේ.එන්.දයාන් (පුහුණුකරු)

මල්ලවපොර - සී.ඩී.ප්‍රනාන්දු, ඩබ්.සී.එච්.පෙරේරා, ටී.කේ.එස්‌. මධුරංග, එන්. කරුණාසේන, එම්.ඩී.මධුෂානි, ඩී.ඩී.කේ.වීරබාහු, එන්.කේ.ඡේ. ප්‍රියන්ත (පුහුණුකරු)

ටයිකොන්ඩෝ - ටී.බී.කේ.අනුර බණ්‌ඩාර, එල්.සී.සම්පත් ලියනගේ, එම්.කේ.රොමේෂ් (පුහුණුකරු)

මලල ක්‍රීඩා - හිමාෂ ඒෂාන්, ඉඳුනිල් හේරත්, මංජුල කුමාර, අමිල ජයසේකර, ගයන්තිකා අබේරත්න, විදූෂා ලක්‌ෂානි, සජිත් ජයලාල් (පුහුණුකරු)

චෙස්‌ - රංජිත් සේනක කළුගම්පිටිය, රොමේෂ් චන්ද්‍ර, මොහොමඩ් ෂෙයිනාබ්, ධනුෂි හංසිකා, බුද්ධි නිරුක්‌ෂි පනාගොඩ (පුහුණුකරු)


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.