දකුණු අප්‍රිකාවේ ඔටුනු තුනම ප්ලෙසිස්‌ට



දකුණු අප්‍රිකානු එක්‌දින ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව නායකයා ලෙස ෆෆ් දූ ප්ලෙසිස්‌ පත්කිරීමට එරට ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ. ඒ අනූව 2019 ලෝක කුසලාන වෙනුවෙන් ප්ලෙසිස්‌ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව සහභාගි වීමට නියමිතව තිබේ.

නිත්‍ය එක්‌දින කණ්‌ඩායම් නායකයා වූ ඒ.බී. ඩිවිලියර්ස්‌ සිය තනතුරින් ඉල්ලා අස්‌වීමෙන් පසු ප්ලෙසිස්‌ට අදාළ තනතුර හිමිව ඇත. "ප්ලෙසිස්‌ පළපුරුදු ක්‍රීඩකයෙන්. ඔහුට දකුණු අප්‍රිකානු එක්‌දින පිල ඉදිරියට ඇදගෙන යා හැකියි." යනුවෙන් ඩිවිලියර්ස්‌ පවසා තිබේ.

33 හැවිරිදි ප්ලෙසිස්‌ ඉකුත් වසරේ දකුණු අප්‍රිකානු ටෙස්‌ට්‌ නායකත්වයට පත්විය. ඒ අනූව දකුණු අප්‍රිකාවේ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ආකෘති ත්‍රිත්වයේම නායකත්වය ප්ලෙසිස්‌ට හිමිව තිබේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.