17 න් පහළ 'බී' පැසිපන්දු ශූරතාවය
සිරිමාවෝ බණ්‌ඩාරනායක විද්‍යාලයට



ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය මගින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් පැසිපන්දු බාළිකා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහල සමත්විය. ගේට්‌වේ ජාත්‍යන්තර විදුහල් ක්‍රීඩා පිsටියේ පැවැති අවසන් තරගයේදී කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක විද්‍යාලය ලකුණු 53-22 ක්‌ ලෙස කොළඹ ජාත්‍යන්තර පාසල පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට බණ්‌ඩාරනායක විදුහල සමත්විය. මෙහිදී සිරිමාවෝව පිල වෙනුවෙන් ලියාරා මල්මි හෙට්‌ටිආරච්චි ලකුණු 31 ක්‌ද චමෝද්‍යා කාවින්දි ලකුණු 16 ක්‌ද ලබා ගනිමින් දස්‌කම් දැක්‌වූහ. පරාජිත පිළ වෙනුවෙන් ලයා හම්සා විසින් ලකුණු 12 ක්‌ ලබාගන්නා ලදී.

මෙම තරගාවලියේ 03 වන ස්‌ථානය සඳහා පැවැති තරගයෙන් කොළඹ ගේට්‌වේ ජාත්‍යන්තර පාසල ලකුණු 33-47 ලෙස පරාජය කරමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. මෙහිදී කොළඹ ජාත්‍යන්තර පාසලේ ලයා හම්සා දක්‍ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩිකාව ලෙසත් දක්‍ෂතම ආරක්‍ෂක ක්‍රීඩිකාව ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක විද්‍යාලයේ විනුලි අතුකෝරාල තේරීපත්විය. සෑම අතින්ම තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව වශයෙන් බණ්‌ඩාරනායක විදුහලේ ලියාරා මල්මි හෙට්‌ටිආරච්චි සම්මාන ලැබුවාය. මෙහි ත්‍යාග හා කුසලාන ප්‍රදානය පාසල් පැසිපන්දු සංගමයේ සහෝදර කාන්තන් පියතුමා අතින් ලබාදෙන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.