පකිස්‌තානයට ලොකු සතුටක්‌...


ලෝක කණ්‌ඩායම ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූ අයුරු
වසර අටකට පසුව ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පකිස්‌තානයේදී තරග වැදීම හේතුවෙන් එරට ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් සතුටට පත්ව තිබේ. ෆෆ් දූ ප්ලෙසිස්‌ගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්‌ඩායම සහ පකිස්‌තාන් කණ්‌ඩායම අතර තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය ඊයේ (12 දා) රාත්‍රියේදී ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.


තරගය සඳහා යොදා තිබූ දැඩි ආරක්‌ෂාව..
2009.03.03 දා ශ්‍රී ලංකා කණ්‌ඩායම රැගත් බස්‌ රථයට ලාහෝර් නුවරදී එල්ල වු ත්‍රස්‌ත ප්‍රහාරයේ පසුව ගතවු වසර කිහිපය පුරාවටම සිම්බාබ්වේ කණ්‌ඩායම හැර ලොව කිසිදු කණ්‌ඩායමක්‌ පකිස්‌තානයේ සංචාරය කිරීම ප්‍රතික්‌ෂේප කළේය. නමුත් ලෝක කණ්‌ඩායමක්‌ එරට ගෙන්වා තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පැවැත්වීම කෙරෙහි පකිස්‌තාන් ක්‍රිකට්‌ සභාපතියරයා පවසන්නේ, "අද පකිස්‌තානයට ලොකු දවසක්‌. මේක මේ විදිහට පැවැත්වුයේ නැතිනම් ආයෙත් පකිස්‌තානයට කවදා ජාත්‍යන්තර ක්‍රිකට්‌ ඒවිද දන්නෙ නැහැ." යනුවෙනි.


සිම්බාබ්වේ කණ්‌ඩායම හැරුණු කොට වෙනත් කිසිදු කණ්‌ඩායමක්‌ ඉකුත් වසර තුළදී පකිස්‌තානයේදී තරග කිරීම ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩාව බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.