ලොව අංක 1 ඩ්‍රයි ශැම්පු නාමය බැටිස්‌ට්‌
දැන් ශ්‍රී ලංකාවේ...



ඕනෑම වෙලාවක ඕනෑම තැනක දී ඔබේ කෙස්‌ කළඹ පිරිසිදු කර මනා පෙනුමක්‌ සහ සුවඳින් සරසන්නට, හඳුන්වා දෙන බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු ප්‍රමුඛ බෙදාහැරීමේ සමාගමක්‌ වන නැචුරල් වොන්ඩර්ස්‌ සමාගම හා ලොව සුපතල ගෘහස්‌ථ නිෂ්පාදන හා පුද්ගල සනීපාරක්‌ෂණ නිෂ්පාදන සමාගමක්‌ වන චර්ච් ඇන්ඩ් ඩ්වයිට්‌ සමාගම බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

වේගවත් සහ ඉතා පහසුවෙන්, සිත්ගන්නා සුළු කෙස්‌ කළඹක්‌ පාරිභෝගිකයන්ට හිමි කර දෙන්නට බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු ක්‍රියාකරයි. ප්‍රධාන ස්‌නානවාරයන් අතරතුර දී වතුර භාවිතයෙන් තොරව සැනෙකින් ඔබේ හිස කෙස්‌ නැවුම් ලෙසත් පිරිසිදුවත් තබන්නට බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු ඔබට සහය වේ.

මේ පිළිබඳව තම අදහස්‌ දැක්‌වූ නැචුරල් වොන්ඩර්ස්‌ සමාගමේ සාමාන්‍යාධිකාරී දීපන්කර් බැනර්ජි මහතා සඳහන් කළේ ගෘහාශ්‍රිත නිෂ්පාදන හා පුද්ගල සනීපාරක්‌ෂණ නිෂ්පාදන සඳහා ලෝක ප්‍රකට චර්ච් ඇන්ඩ් ඩ්වයිට්‌ සමාගම හා එක්‌ව කටයුතු කරන මේ අවස්‌ථාව නැචුරල් වොන්ඩර්ස්‌ සමාගමට ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ බවයි. බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු වැනි අද්විතීය නව නිෂ්පාදනයක්‌ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට නැවුම් අත්දැකීමක්‌ වනු ඇත. එහි කොටස්‌කරුවකු වීමට හා හිස කෙස්‌ සනීපාරක්‌ෂාව වඩාත් පහසු කරවීමට හැකි වීම පිළිබඳ අපි ඉතාමත් සතුටට පත් වෙමු.

ලන්ඩනයේ විලාසිතා ආභාෂය පෙරටු කරගත් බැටිස්‌ට්‌ මෙරට නව පරපුරේ හිසකේ ආරක්‌ෂණ පෙරළිය බවට පත්වනු ඇත. A C නීල්සන් දත්ත වාර්තා අනුව පසුගිය වසර 30 පුරා ලොව අංක 1 ඩ්‍රයි ශැම්පු වෙළෙඳ නාමය බවට පත්ව සිටින්නේ බැටිස්‌ට්‌ වෙළෙඳ නාමයයි.

චර්ච් ඇන්ඩ් ඩ්වයිට්‌ සමාගමේ දකුණු ආසියාව හා අග්නි දිග ආසියාව සඳහා අලෙවි හා වෙළෙඳ කළමනාකරු වන අශිෂ් සෙත් මහතා මෙසේ පැවසීය. බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු පෙරළියේ ප්‍රධානතම අංගය වන්නේ වතුර භාවිතයකින් තොර වූ සුවිශේෂී සංයෝගයක්‌ මගින් කිසිදු ආකාරයක අවශේෂයක්‌ හිස මත නොරැඳෙන සේ හිස කෙස්‌ පිරිසිදු කිරීමයි.

අධික තෙල් ගතිය, දුහුවිලි සහ ඇලෙන සුළු බව මග හරවා හිස කෙස්‌ මුල සිට අගටම පිරිසිදු කර තෙහෙට්‌ටුවට පත් ඔබේ කෙස්‌ කලඹට නව පණක්‌ ලබා දෙන්නට බැටිස්‌ට්‌ සමත් වේ. ඉතා සැනෙකින් ඔබේ කෙස්‌ කළඹ පිරිසිඳු කර දිදුලවන්නටත් එහි ප්‍රමාණය වැඩි කර පෙනවන්නටත් බැටිස්‌ට්‌ ඩ්‍රයි ශැම්පු හට හැකිය . මෙම ඉතා පහසු ක්‍රමය නිසා ඔබ හිසකේ ආරක්‌ෂණය සඳහා වැයකරන කාලය සහ අනෙකුත් හිසකේ නිෂ්පාදන අවම කිරීම මගින් රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරගත හැක මෙම නිෂ්පාදනය තුළ හානිදායක රසායන ද්‍රව්‍ය නොමැති අතර මෙම පරීක්‌ෂාවන් සඳහා සතුන් භාවිතා කර නොමැත.


***************************************************************************

නවෙස්‌ටා ෆාමසියුටිකල්ස්‌ මෙරට ප්‍රථම ප්‍රතිජීවක
නික්‌ෂේපණ ඖෂධ කර්මාන්තශාලාව විවෘත කරයි...




දේශීය ඖෂධ නිෂ්පාදන ක්‌ෂේත්‍රය තුළ නවමු සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් නවෙස්‌ටා ෆාමසියුටිකල්ස්‌ සමාගම, මෙරට ප්‍රථම ප්‍රතිජීවක නික්‌ෂේපණ ඖෂධ කර්මාන්තශාලාව හොරණ ප්‍රදේශයේදී පසුගියදා විවෘත කළේය.

යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන පිළිවෙත් (EU)GMP) සහ ඖෂධ පිරික්‌සුම් සහයෝගී යෝජනා ක්‍රමය (PIC$S) යන ප්‍රමිතීන්ට අනුගත මෙරට ප්‍රථම සමාගම වන නවෙස්‌ටා ෆාමසියුටිකල්ස්‌ සමාගම ඒ හරහා ලොව පුරා රාජ්‍යයන් රැසකට සිය ඖෂධ අපනයනය කිරීමේ පුළුල් වෙළෙඳපොළ අවස්‌ථාවන්ට හිමිකම් කියයි.

තවද, EU/GMP ප්‍රමිතිය යටතේ A සහ B ශේ්‍රණියේ නිෂ්පාදනාගාර සහ ක්‌ෂුද්‍ර ජීව විද්‍යාගාරයකින් ද මෙම නවතම කර්මාන්තශාලාව සමන්විත වන අතර, එමගින් කර්මාන්තශාලාව තුළදී ම පරිපූර්ණ සහ නවීන නිෂ්පාදන සහ පරීක්‌ෂණ ක්‍රමවේද ක්‍රියාවට නැංවීමේ හැකියාව පවතී. මේ අනුව, මින් පෙර මෙරටට ආනයනය කළ බීටා ලැක්‌ටම් කාණ්‌ඩයේ එක්‌ අංශයක්‌වන පෙනිසිලීන් කාණ්‌ඩයේ නික්‌ෂේපණවලට අයත් නිෂ්පාදනයන්ගේ දේශීය ඉල්ලුම සපුරාලීමට නවෙස්‌ටා ෆාමසියුටිකල්ස්‌ සමාගමට හැකි වේ. පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මෙම ඖෂධ කර්මාන්තශාලාව නිල වශයෙන් විවෘත කෙරිණි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සම්භාවනීය අමුත්තෝ රැසක්‌ ද ඊට සහභාගි වූහ.


***************************************************************************

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මානව සම්පත්
අංශයේ ප්‍රධානී රන් සම්මානයෙන් පිදුම් ලබයි...




ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඉන්ද්‍රdනි හිස්‌සැල්ල මහත්මිය, මානව සම්පත් ක්‌ෂේත්‍රයේ නායකත්වයේ විශිෂ්ටතා වෙනුවෙන් 2017 වසරේ හොඳම වෘත්තීමය සහ රැකියා ක්‌ෂේත්‍රගත කාන්තාවන් 50 දෙනාට හිමි රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවාය.

ජාතික හා ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කාන්තාවන් සහ ඔවුන්ගේ ජයග්‍රහණ, අත්දැකීම් මෙන්ම ආයතන මෙහෙයවීමේදී අනුගමනය කරන නිර්මාණශීලී ප්‍රවේශ හා එම වෘත්තීන් හා ව්‍යාපාර ඵලදායී හා විධිමත් අන්දමින් පැසසුමට ලක්‌කිරීම මෙම සම්මාන පිරිනැමීමෙන් සිදු කෙරේ.

'වුමන් ඉන් මැනේඡ්මන්ට්‌' සංවිධානය ලෝක බැංකුවේ සාමාජික සංවිධානයක්‌ වන 'ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස්‌ කෝපරේෂන් හා එක්‌ව සංවිධාන කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය 2017 ජුලි 14 වැනිදා කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණ.

කළමනාකරණ වෘත්තීය පිළිබඳ විසි වසරකට වැඩි අත්දැකීම් සතු හිස්‌සැල්ල මහත්මිය පසුගිය වසර දහයේදී මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර තිබේ. මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයකු ද වන ඇය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන මානව සම්පත් ප්‍රධාන නිලධාරී තනතුරෙහි දෙවසරක්‌ සපුරමින් ආයතනික කටයුතු, කාර්යක්‌ෂමභාවය හා ඵලදායීතාව ඇති කිරීමට මෙන්ම කළමනාකරණ කාර්යයන්වලදී සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කර තිබේ.

ප්‍රාදේශීය මෙහෙයුම්, ව්‍යාපෘති කළමනාකරණය, පුහුණු කිරීම්, මානව සම්පත් කළමනාකරණය ඇතුළු සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානවල ව්‍යාපාර කටයුතු පිළිබඳ හසල දැනුමක්‌ ඇය සතු වේ. විනය කමිටු, පාලක මණ්‌ඩල සහ සමාගම් ඇඳුම් පිළිබඳ කමිටුව යනාදියේ ප්‍රධානත්වය දරමින් පසුගිය වසර හයේදී ඇය සේවක සබඳතා කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකර තිබේ. තත්ත්ව සහ ඵලදායීතාව පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්‌ථානයේ ප්‍රකට කථිකයකු වන හිස්‌සැල්ල මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරයි. ඇය එම විශ්වවිද්‍යාලයේම ඉංජිනේරු පීඨයේ කර්මාන්ත පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවක ද වේ. මේ වන විට හිස්‌සැල්ල මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටී.


***************************************************************************

හේමාස්‌ 'පියවර සිඟිති දිරිය' වැලිකඩ
බන්ධනාගාර පරිශ්‍රයේදි ආරම්භ කරයි...



හේමාස්‌ අවුට්‌රීච් පදනම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලයේ හා වැලිකඩ බන්ධනාගාර අධිකාරියේ සහයෝගය ද ඇතිව වැලිකඩ බන්ධනාගාර කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ ජීවිත සාරවත් කිරීමේ අරමුණින් 'පියවර සිඟිති දිරිය' නමින් ව්‍යාපෘතියක්‌ පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී දියත් කරන ලදී. මෙම අවස්‌ථාව සඳහා හේමාස්‌ අවුට්‌ රීච් පදනමේ භාරකාරත්ව මණ්‌ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙක්‌ ඇතුළු පදනමේ සන්නාම තානාපති රොෂාන් මහානාම මහතා ද සහභාගි විය.

2002 වසරේ මුල් ළමාවිය සංවර්ධනය නඟාසිටුවීම අරමුණු කර ගනිමින් හේමාස්‌ හෝල්ඩින්ග්ස්‌ ආයතනය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්‌ව දියත් කරන ලද 'පියවර' ව්‍යාපෘතියේ තවත් එක්‌ සමාජ සත්කාරයක්‌ ලෙස වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සමඟ ජීවත් වන අවුරුදු 05 ට අඩු දරුවන්ගේ ජීවන තත්ත්වය හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් 'පියවර සිඟිති දිරිය' ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. දැනට වැලිකඩ බන්ධනාගාරයේ මාස 03 ත් අවුරුදු 05 ත් අතර වයසැති දරුවන් 15 ත් 20 ත් අතර ප්‍රමාණයක්‌ සිටින බව හේමාස්‌ අවුට්‌රීච් පදනම විසින් හඳුනාගෙන ඇති අතර ඉතා අඩු පහසුකම් යටතේ තම මවුවරුන් සමඟ වෙසෙන ඔවුන්ගේ වැඩෙන වයසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබෙන බව ද අවබෝධ කරගෙන ඇත. ඔවුන්ගේ වයසට ලැබිය යුතු නිසි පෝෂණ අවශ්‍යතා වෙනුවට අවාසනාවන්ත ලෙස එම කුඩා දරුවන්ට ද හිමි වන්නේ බන්ධනාගාරගතව සිටින තම මවුවරුන්ට ලැබෙන ආහාර වේලම වීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.


මෙම අහිංසක දරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා හේමාස්‌ අවුට්‌රීච් පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන සිඟිsති දිරිය ව්‍යාපෘතිය මඟින් ඔවුන් දැනට වෙසෙන කුඩා දරුවන් වෙනුවෙන් වූ බන්ධනාගාර වාට්‌ටුවේ සනීපාරක්‌ෂක පහසුකම් වැඩි දියුණු කරමින් ඒවා ප්‍රතිසංස්‌කරණය කිරීමත් ළමුන් සඳහා වාට්‌ටු පරිශ්‍රය තුළ සෙල්ලම් මිදුලක්‌ සෑදීමටත් කටයුතු කරනු ඇත. තවද මෙම දරුවන්ගේ දෛනික පෝෂ්‍යදායී අහාර අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන අතර හේමාස්‌ අවුට්‌ රීච් පදනමේ හා බන්ධනාගාර අධිකාරීන්ගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ හේමාස්‌ බේබි ෂෙරමි නිෂ්පාදන කට්‌ටලයන් ද මාසිකව ලබාදීමට කටයුතු කරයි.


***************************************************************************

Saveyourmonkey.com වෙතින් නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌
ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ කාඩ්පත් හිමියන්ට පොලී
රහිත පහසු ගෙවීමේ සැලසුම්...



(වමේ සිට දකුණට) නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් අංශයේ ප්‍රධානි, නිලුක ගුණතිලක මහතා, නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ උපාය මාර්ගික සබඳතා - සහකාර කළමනාකරු, ජෝයි ද අල්විස්‌, නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් සහ පාරිභෝගික බැංකු සේවා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ප්‍රියන්ත තල්වත්ත මහතා සහ Saveyourmonkey.com ප්‍රධාන විධායක නිලධාරි චතුර ජයතිස්‌ස, Saveyourmonkey.com හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී අමන්දා ජයතිස්‌ස, Saveyourmonkey.com ප්‍රධාන මූල්‍ය නිලධාරි ධනුෂ්ක ලියනගේ.

මූල්‍යමය අපහසුතාවන් පිළිබ`දව කනගාටු නොවී හොඳම රක්‌ෂණාවරණය ලබාගැනීමේ අවස්‌ථාව සිය පාරිභෝගිකයන්ට ලබාදෙමින් Saveyourmonkey.com නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව හා එක්‌ව ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ කාඩ්පත්හිමියන් සඳහා පොලී නොමැති පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වාදී ඇත. ඊට අමතරව නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ කාඩ්පත් හිමියන්ට රක්‌ෂණාවරණ මිලදී ගැනීමේදී Saveyourmonkey.com වෙතින් 10% ක්‌ දක්‌වා ඉතිරියක්‌ සහ තෝරාගත් දිනවලදී 25% ක්‌ දක්‌වා ඉතිරියක්‌ හිමිවේ. Saveyourmonkey.com කණ්‌ඩායම සහ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකු නිලධාරීන් මේ සඳහා වන නිල ගිවිසුමට පසුගියදා කොළඹ 02, නවම් මාවතේ පිහිටි නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකු ශාඛාවේදී අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ රක්‌ෂණ ක්‌ෂේත්‍රයට ඩිජිටල් විප්ලවය හඳුන්වාදෙමින් මීට මාස කිහිපයකට පෙර ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ Saveyourmonkey.com, ශ්‍රී ලංකාවේ පුරෝගාමී Insurtech සමාගමකි. රක්‌ෂණාවරණයක උපරිම ප්‍රතිලාභ නෙළා ගැනීමේ අවස්‌ථාව පාරිභෝගිකයන්ට ලබාදෙමින් රක්‌ෂණය පිළිබඳව සාම්ප්‍රදායික අදහස වෙනස්‌ කිරීමට අපේක්‌ෂා කරන Saveyourmonkey.com නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව සමඟ මෙම එකඟතාවට එළඹීම පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ගත් විශේෂ පියවරක්‌ ලෙස හැඳින්විය හැකිය.

මේ ඩිජිටල් යුගයේදී ඕනෑම දෙයක්‌ සම්බන්ධයෙන් වැදගත්ම සාධකය වන්නේ පහසුවයි. Saveyourmonkey.com හි අපේ බලාපොරොත්තුව රක්‌ෂණාවරණයක්‌ අන්තර්ජාලය ඔස්‌සේ ලබාගැනීම, වෙනත් ඕනෑම අන්තර්ජාල ගනුදෙනුවක්‌ තරමටම සරල කටයුත්තක්‌ බවට පත් කිරීමයි. ඇතැම් විට ගනුදෙනුකරුවන්ට මූල්‍යමය අසීරුතා නිසා හොඳම රක්‌ෂණාවරණය ලබාගැනීම නොහැකි වන බව අපි දන්නවා. නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව සමඟ ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ කාඩ්පත්හිමියන් වෙනුවෙන් ඇති කරගත් මේ සහයෝගිතාව නිසා ඒ මූල්‍යමය අපහසුතා මඟහරවා ගෙන හොඳම රක්‌ෂණාවරණය ලබාගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා" යෑයි මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් Saveyourmonkey.com හි ප්‍රධාන විධායක නිලධාරි චතුර ජයතිස්‌ස මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

 

***************************************************************************

HUTCH පාරිභෝගිකයින්ට HNB ATM ජාලය
ඔස්‌සේ පැය 24 පුරා රී ලෝඩ් පහසුකම්...



HUTCH කණ්‌ඩායම සහ HNB කණ්‌ඩායම අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අයුරු.
මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය වන HUTCH සිය පාරිභෝගිකයින් වෙත දින 7 පුරා පැය 24 තිස්‌සේ ක්‍රියාත්මක රීලෝඩ් සේවාවක්‌ හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා හැටන් නැෂනල් බැංකුව හා එක්‌ව මෙම රී ලෝඩ් සේවාව ක්‍රියාත්මක වෙයි. මේ යටතේ හැටන් නැෂනල් බැංකුවට (HNB) අයත් දිවයින පුරා විහිදී ඇති ATM, Cash Deposit Machines (CDM) සහ ණසදින යන්ත්‍ර ඔස්‌සේ මෙම රීලෝඩ් පහසුකම් ලබාගත හැකිවෙයි.

දිවයින පුරා පිහිටුවා ඇති 500 කට අධික HNB ATM යන්ත්‍ර ඔස්‌සේ මෙම රීලෝඩ් පහසුකම ලබාගත හැකි අතර HNB ගනුදෙනුකරුවන්ට පමණක්‌ සීමා නොවී HNB Cash Deposit Machines (CDM) සහ Kiosk යන්ත්‍ර හරහා ඕනෑම පාරිභෝගිකයෙකුට මෙම පහසුකම ලබාගත හැකිවෙයි. තවද HUTCH top up සහ බිල්පත් ගෙවීම් ද HNB online banking ඔස්‌සේ සිදු කළ හැකිය. මෙම ස්‌වයංක්‍රිය top up පහසුකම් පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් රාත්‍රී කාලයේදී සහ සති අන්ත දිනවලදී පාරිභෝගිකයින්ට මහත් පහසුවකි.

HUTCH හා HNB එක්‌ව ගෙන එන මෙම නවතම සේවාව පිළිබඳව අදහස්‌ දක්‌වමින් HUTCH ශ්‍රී ලංකා හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (බෙදාහැරීම්) මෙල්රෝයි තෝමස්‌ මහතා සඳහන් කළේ HUTCH නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයින්ගේ, ජංගම දුරකථන අත්දැකීම් පුළුල් කිරීම සඳහා කටයුතු කරන බවයි. සිය පාරිභෝගිකයින්ගේ කාර්ය බහුල ජීවන රටාව පහසු කරලීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දුන් බව ද හෙතෙම කියා සිටියේය.
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.