මහේන්ද්‍රන් 19 දා බැඳුම්කර
කොමිසම හමුවට කැඳවයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සාක්‌ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට ලබන 19 වැනිදා පැමිණෙන ලෙස කොමිසම විසින් සිතාසියක්‌ මඟින් දන්වනු ලැබ ඇත. කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා විසින් නිකුත් කළ එම සිතාසිය පිස්‌කල් හරහා මහේන්ද්‍රන් මහතාට ලබාදීමට කොමිසම පියවර ගෙන ඇත. කොමිසම මඟින් විභාග කරන කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන මහේන්ද්‍රන් මහතාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.