ලලිත් - අනූෂගේ ඇප
ඉල්ලීම් අද සලකා බැලේ


ඒ. ඡේ. ඒ. අබේනායක

මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇපමත මුදාහරින ලෙසට විත්තිය කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී අද (14 දා) සලකා බැලීමට නියමිතය.එම විත්තිකරුවන් දෙදෙනාට පසුගිය 7 වැනිදා මහාධිකරණය විසින් නියම කළ වසර තුන බැගින් වූ සිරදඬුවම්, දඩ හා වන්දි නියෝග අවලංගු කර ඔවුන් සියලු අධි චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙස ඉල්ලා නීතිඥ නිරෝෂන් සිරිවර්ධන හා යසිදු ලොකුනාරංගොඩගේ යන මහත්වරුන් විසින් පසුගිය 11 වැනිදා අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් දෙකක්‌ ගොනුකර තිබුණි. එම අභියාචනා සමඟ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් අයෑදුම් පත්‍ර ද විත්තියේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්‌ට්‍රාර්වරියට භාරදී තිබූ අතර ඒ අනුව අද එකී තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදීම එම ඇප ඉල්ලුම් පත්‍ර ද සලකා බැලීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.