විස්‌සට එරෙහි වූ බස්‌නාහිර
තුනකගේ පට්‌ටම් ගලවයි


චමින්ද සිල්වා

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුගේ තනතුරු ඊයේ (13 දා) ඉවත් කරන ලදී.ඒ අනුව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ මෙරිල් පෙරේරා යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර ඇත.

එසේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ සභානායක ධුරයට හෙක්‌ටර් බෙත්මගේ සහ ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට චන්දන ජයකොඩි යන මහත්වරුන් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් කර ඇත.

ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ධුරයට පසුව මන්ත්‍රීවරයකු පත්කිරීමට පියවර ගන්නා බව මහඇමැතිවරයා පැවසීය.

20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීම පසුගිය 11 වැනිදා සිදුවූ අතර එහිදී වැඩි ඡන්ද 17 කින් යෝජනාව සම්මත විය.

මේ අතර පළාත් සභාවේ සභාපති සුනිල් විෙ-රත්න මහතා සම්බන්ධයෙන් ද ඉදිරියේදී යම් තීරණයක්‌ ගනු ඇතැයි පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.