විදුලි සේවක නිවාඩු අවලංගු කරයි

ලංකා විදුලිබල මණ්‌ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ලබන 20 දා තෙක්‌ අවලංගු කිරීමට එම පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය සේවා අඛණ්‌ඩව පවත්වාගෙන යැමේ අරමුණින් මෙලෙස නිවාඩු අවලංගු කරන බවත් හදිසි අවශ්‍යතා මත අදාළ ශාඛාවට අනුයුක්‌ත පළමු පංතියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියකුගේ අනුමැතිය මත පමණක්‌ සේවකයන්ට නිවාඩු ලබා දිය හැකි බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය කියයි.

කුමන තත්ත්වයක්‌ මත වුවද රටට අඛණ්‌ඩව විදුලිය සැපයීම ජාතික වගකීමක්‌ වන බැවින් ඊයේ (13 දා) සිට ලබන 20 දා දක්‌වා මෙලෙස විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

විදුලිබල මණ්‌ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක්‌ ඊයේ දහවල් සිට දින දෙකක්‌ අඛණ්‌ඩ වැඩ වර්ජනයක නිරත වන බවට දැනුම් දී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.