ජනපති වයඹත් තනතුරු ගලවයි
අධ්‍යාපන ඇමැති ධුරයෙන් සන්ධ්‍ය කුමාර හැලෙයි

ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල



වයඹ පළාත් සභාවේ අධ්‍යාපන විෂය භාර අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්‌ෂ මහතා ජනපති නියමයෙන් එම ධුරයෙන් ඉවත්කර ඇත.

6 වැනි පළාත් සභාවේ අධ්‍යාපන සංස්‌කෘතික ක්‍රීඩා හා තාක්‌ෂණික විෂය භාර ඇමැතිවරයා ලෙස වසර දෙකක්‌ පුරා සේවය කර ඇති ඒ මහතා පුත්තලම දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එ. ජ. නි. ස. යෙන් තරග කර වයඹ පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. සන්ධ්‍ය කුමාර රාජපක්‌ෂ මහතාගේ අමාත්‍ය ධුරය ඉවත් කළ මොහොතේ හෙතෙම විදේශගතවී සිටියේය.

අධ්‍යාපන විෂය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ අමාත්‍යාංශයට යොමුකර ඇත.

පුත්තලම දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන (එ.ජ.නි.ස.) වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පියසිරි රාමනායක මහතා අභිනව අමාත්‍යවරයකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර ඇත. සමුපකාර, සංස්‌කෘතික, ක්‍රීඩා සහ තාක්‌ෂණික අමාත්‍යාංශය රාමනායක මහතාට පවරා ඇත.

මෙතෙක්‌ සමුපකාර විෂය දැරූ ගුණදාස දෙහිගම මහතාගෙන් එම විෂය පමණක්‌ ඉවත් කර ඇත.

 


 

 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.