සබරගමුවට තරග කරන්න
හේෂා මැතිසබයෙන් අස්‌වේ!


කුෂාන් සුබසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී සබරගමුව පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරග කිරීමට තමන් තීරණය කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා 'දිවයින' ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

පක්‍ෂයේ සබරගමුව පළාත් මහ ඇමැති අපේක්‌ෂකයා ලෙස කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තමන් තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වන බවත් තම එම අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීය.

එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී තමන්ගේ නම ඒ සඳහා යෝජනා කර ඇති බවත් සබරගමුවට ගැලපෙන හොඳම අපේක්‌ෂකයා තමන් බව එහිදී කතෘHdධිකාරී මණ්‌ඩලය තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

තමන් කෙරෙහි විශ්වාසය තැබූ පක්‍ෂය තමන්ට සබරගමුව පක්‍ෂ කණ්‌ඩායමේ නායකත්වයද ලබා දුන් බවත් පක්‍ෂය තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු නොකර ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.