ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට
දඬුවම් කරන රටක්‌
මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත්කරයි

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට

ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට දඬුවම් කරන රටක්‌ ලෙස මානව හිමිකම් කවුන්සිලය ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.

රටවල් 21 ක්‌ මේ සඳහා නම්කර තිබේ.

මින් 14 වැනි රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇත.

ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට දඬුවම් කරන රටක්‌ ලෙසට මුල්වරට ප්‍රකාශයට පත්කළ අවස්‌ථාව මෙයයි.

මේ බව සහකාර කොමසාරිස්‌ ඇන්ඩෲ ගිල්මෝ ඊයේ (22 දා) සවස ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන්ට දඬුවම් කරන රටවල් අතරින් 09 ක්‌ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වෙයි.

ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද මෙම චෝදනාව එල්ල කර ඇත.


 


 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.