මහත්තයා මරු කළාම නෝනා අවලංගු කරගෙන

අකිත පෙරේරා

නිසි අවසරයකින් තොරව ආනයන අපනයන දෙපාර්තමේන්තුව වෙත සුඛෝපභෝගී වාහන තිහක්‌ මිල දී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් පසු මාරුකර යෑවූ ආනයන අපනයන පාලකවරයාගේ මාරුවීම රාජ්‍ය සේවා කොමිසමේ සේවය කරන ඔහුගේ බිරිඳ විසින් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

ආනයන අපනයන පාලන ජනරාල්වරියද මෙම චෝදනාවට ලක්‌ව දැනට සේවා ස්‌ථාන මාරු ලබා සිsටියි. ඉහත නිලධාරියාගේ ස්‌ථාන මාරුව අවලංගු කිරීමට ඇයගේ බිරිඳ කටයුතු කිරීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැමිණිලි කිරීමට ද අපෙක්‌ෂා කරන බව ඉහත රාජ්‍ය නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.



 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.