වාර්ෂික සීනි පරිභෝජනය
මෙටි්‍රක්‌ ටොන් හත්ලක්‍ෂ දහතුන්දහසක්‌


අජිත් අලහකෝන් - අකිත පෙරේරා

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජන අවශ්‍යතාව මෙටි්‍රක්‌ ටොන් හත්ලක්‍ෂ දහතුන් දහස්‌ හතළිස්‌ අටක්‌ පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්‌වේ.

මහ බැංකු වාර්තා අනුව 2016 දී සීනි මෙටි්‍රක්‌ ටොන් හයලක්‍ෂ පනස්‌ එක්‌දහසක්‌ ආනයනය කළ බව ද මෙටි්‍රක්‌ ටොන් හැටදෙදහස්‌ හතළිස්‌ අටක්‌ මෙරට නිෂ්පාදනය කරන බව ද එම ලේඛනයේ දැක්‌වේ.

වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් සියයට අනූවක්‌ මෙරටදී නිෂ්පාදනය කිරීමට නම් උක්‌ වගා භූමි ප්‍රමාණය හෙක්‌ටයාර දාහත් දහසේ සිට හෙක්‌ටයාර එක්‌ලක්‍ෂ තිස්‌දහස දක්‌වා ඉහළ දැමිය යුතු බව ද ඒ සඳහා නව කර්මාන්තශාලා දහයක්‌ පමණ අවශ්‍ය වන බව ද එම ලේඛනයේ දැක්‌වේ.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම ලේඛනය සභාගත කෙරිණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.