ඉන්ටර්පෝල් සමුළුවට
පොලිස්‌පති චීනයට...


හේමන්ත රන්දුණු


ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුවට සහභාගි වීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (25 වැනිදා) අලුයම චිනය බලා පිටත් වූ අතර ඒ මහතා නැවත පැමිණෙන තුරු වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා පත්කර ඇත.

ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුව අද (26 වැනිදා) සිට ලබන 29 වැනිදා දක්‌වා චීනයේ පැවැත්වෙන අතර රටවල් ගණනාවක පොලිස්‌පතිවරුන් සහ කොමසාරිස්‌වරුන් එම සමුළුවට පැමිණීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොලිස්‌පතිවරයා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාද චීනය බලා ගොස්‌ තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.