උතුරේ සෞඛ්‍ය සංවර්ධන
ව්‍යාපෘති 68ක්‌ ජනතා අයිතියට


ඒමන්ති මාරඹේ

ගෝලීය අරමුදල විසින් උතුරු පළාතේ ඉදිකරන ලද සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ක්‌ ජනතා අයිතියට පෙරේදා (24දා) පවරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතීන්ගෙන් බහුතරය ප්‍රජා මූල සෞඛ්‍ය මධ්‍යස්‌ථාන වන අතර මේ සඳහා වැය කර ඇති මුළුÊමුදල රුපියල් මිලියන 1824 කි.

මෙම ව්‍යාපෘතීන්වල ඉදිකිරීම් කටුයතු කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු හේතුවෙන් අතරමග නතර කර තිබූ අතර ඒවායින් ව්‍යාපෘති 13 ක්‌ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කර අවසන් කර ඇත.

මෙම සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතීන් ජනතා අයිතියට පැවැරීම සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.