මීළඟ ව්‍යවස්‌ථා සංශෝධනයට පෙර
මා හිරේ දැමීමට රතු පැටව් ටික දත කනවා
විමල් වීරවංශ

යුරෝපා සංගමයට අවශ්‍ය ලෙස බදු සහන කප්පාදු කරනවා

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ, සේපාලි ගුණසිංහ - වාද්දුව

මීළඟ ව්‍යවස්‌ථා සංශෝධනයට පෙර මමත් මැගසින් බන්ධනාගාරයේ ඉන්න පුළුවන්. රතු පැටව් ටික ඒ සඳහා දැන් ලැයිස්‌තු හදනවා යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළුතරදී පැවැසීය.

කළුතර නගර ශාලාවේ පැවැති ජනහමුවක්‌ අමතමින් තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අප රටේ ඉරණම තීරණය කිරීමේ කාර්ය භාරය අධිරාජ්‍යවාදීන්ට පැවරීමට රජය කටයුතු කරනවා. යුරෝපා සංගමයට අවශ්‍ය විදියට බදු සහන කප්පාදු කරනවා. මාතෘ භූමියේ ඉරණම් කතාව ලියන්නේ අධිරාජ්‍යවාදීන් බව කියන්න ඕනෑ.

සිරිසේන රනිල් කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ දෙකක්‌. මේ අධිරාජ්‍යවාදීන් රට අල්ලාගෙන බෙලහීන කරනවා. ආර්ථිකය දේශපාලනය සංස්‌කෘතිය බෙලහීන කරනවා.

පන්සල්වල පිං කැටවලට ඉබ්බෝ දමනවා. භික්‍ෂුවගේ බලය බිඳීමට කටයුතු කරනවා. ඒ තුළින් රජයට එල්ලවන බලපෑම් අවම වෙනවා.

රටේ ඒකීය භාවය පණ මෙන් රැකගන්නා සෑම පන්සලකම භික්‍ෂුවකගෙන්ම ප්‍රතිරූපයට ගයනවා.

පාර්ලිමේන්තුවෙන් අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන්න බටහිර ඩයස්‌පෝරාව සැලසුම් කරනවා. මෙයින් සියලුම බලතල පළාත් සභාවලට දෙන්න යනවා. එවිට උතුරේ වෙනම රාජ්‍යයක්‌ ගෙන යන්න පුළුවන් ඉඩම් බලය, පොලිස්‌ බලය ඇතුළු සියලුම බලතල පළාත් සභාවලට නව ව්‍යවස්‌ථාවෙන් දෙන්න යනවා. එවිට මධ්‍යම ආණ්‌ඩුවට නිදාගන්න පුළුවන්. සිල් රෙදි දෙනවා කියන්නේ පිං අතේ වැඩක්‌. 2014 ගත් තීරණයක්‌ අනුවයි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් වීරතුංග හා අනුෂ පැල්පිට හිරේ දැමීම සාධාරණය කරන්න රතු පැටව් සහෝදරයන් උත්සාහ කරනවා. දැන් හදන්නේ විපක්‍ෂයේ නායකයින් හිරේ දමන්නයි.

රනිල් වික්‍රමසිංහ ළඟට ගොස්‌ හිඟකා මන්ත්‍රීකම ලබාගෙන ඇමැති වූ කැලණිය හිඟන්නා භික්‍ෂූන් වහන්සේ විවේචනය කරනවා. භික්‍ෂූන් වහන්සේට චීවරධාරියා කියා අපහාස කරනවා. මේ හිඟන්නා ගැන ජනතාව තීරණයක්‌ ගනිවී.

මහින්ද රාජපක්‍ෂ යුගයේ ණය බර අඩුවී තිබුණා. අද ණය බර වැඩිවී තිබෙනවා. රුපියල බාල්දුවී තිබෙනවා.

නව ව්‍යවස්‌ථාව උසාවියට ඉදිරිපත් කරන විට ඒකීය භාවය එහි තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට සංශෝධන මගින් ඒකීය භාවය ගිලිහී යනවා. ෙµඩරල් රාජ්‍යයක්‌ එමඟින් බිහි වෙනවා යෑයිද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවැසීය.

කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා නව බදු සංශෝධන පනත නිසා මළ ගෙදරටත් බදු ගහනවා. ඒ අවමංගල්‍ය සමිතියට බදු අය කරනවා. ඒ පමණක්‌ නොවෙයි බූරුපිටියටත් බදු ගහනවා.

2015 ජනවාරි 8 වැනිදා මේ රට ගිලගන්න කළුතර ජනතාව ඒ ගිල ගැනීමට සම්බන්ධ වුණේ නැහැ. සිරිසේන, රනිල් හම්බන්තොට වරාය තුට්‌ටු දෙකට විකුණා දැමුවා නම් රට වනසන යහපාලන රජය ඉතාමත් ඉක්‌මනින් පරාජය කරන්න ඕනෑ.

ඉන්දියාව ගුවන් යානා නැවැත්වීමට සුදුසු රටක්‌ ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදී තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා විදේශීය රටවලින් කිරි පිටි ගෙන්වීම සීමා කළා. කිරිපිටි වලටබදු අය කළා. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කළා.

දේශීය කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගත්ත දේශීය ගොවියාගේ නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කළා.

අද දේශීය කිsරි නිෂ්පාදනය පමණක්‌ නොවෙයි සෑම දේශීය නිෂ්පාදනයක්‌ම බිඳ වැටී තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා තිරිඟු කිරි පිටි ගෙන්වීම සීමා කළේ බදු ගැසුවේ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමටයි. පාන් පිටි වර්ග කෑම නිසා ජ නතාව රෝගීන් වෙනවා. එහෙත් මේ රජය තිරිඟු පිටිවලට බදු සහන ලබා දුන්නා. ඒ ලබාදුන්නේ ප්‍රීමා පිටි සමාගමට බව කියන්න ඕනෑ යෑයිද පැවැසීය.

ලක්‌ වනිතා සංවිධානයේ සභාපතිනි හෂිත සිල්වා මහත්මියද මෙම රැස්‌වීමේ මුලසුන ඉසිලීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.