බුදු දහම හා බැදුණු ජ්‍යෙතිෂය

කේන්ද්‍ර පරීක්‍ෂාවේදී කේන්ද්‍රයක ග්‍රහපිහිටීම අනුව පුද්ගලයා ලෞකිකව දියුණු වන පුද්ගලයෙක්‌ද, ලෝකෝත්තරව දියුණු වන පුද්ගලයෙක්‌ද, ලෞකිකව පිරිහීමට පත්වන පුද්ගලයෙක්‌ද යන්න නිගමනය කිරීමේ හැකියාව ඇත. එම දැක්‌මට අනුව, කේන්ද්‍රයේ ග්‍රහපිහිටීම් තුළින් ලෞකිකව කෙසේ දියුණුවේද? කෙසේ පිරිහේද යන්න ජ්‍යෙdතිෂයට අනුව, එනම් කර්මානුරූපී බලපෑම කෙසේ ජන්මියාට බලපාන්නේද යන්න තීරණය කළ හැකිය. එහිදී ලෝකෝත්තර දිශාවට යොමුවන පුද්ගලයා එහි ඵල නෙළාගත් විට (මාර්ග ඵල ලැබූ විට) එනම් නිරුද්ධ වූ සංයෝජන ප්‍රමාණය අනුව ඵල ලබයි. එහිදී ඔහු කාලයට යටත් වන්නේ ඉතිරි වූ සංයෝජන ප්‍රකාශ වීම සඳහා ගතවන කාලඡේදය වේ. එනම් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරුවූ විට කාලයට යටත් වීමක්‌ සිදුනොවේ. මෙය එක්‌ එක්‌ ආකාරයට තථාගතයන් වහන්සේ අවස්‌ථානුකූලව ධර්ම කාරණාව ගෙන දේශනා කර ඇත. ඒ පිළිබඳ විග්‍රහ කිරීම සඳහා මෙම ලිපිය ලියන ලේඛකයා වශයෙන් මට හැකියාවක්‌ නොමැති බව මම ප්‍රකාශ කරමි.

එනම්, කාලයෙන් ඉවත්වන ආකාරය දේශනා කර ඇති ශාස්‌තෲන්වහන්සේ, තථාගතයන් වහන්සේම වන්නේය. නමුත් කෙලෙස්‌ සහිත පුද්ගලයන්ට සුගතිගාමී හෝ දුගතිගාමී වී සංසාරයේ පැවැත්ම ගෙනයැම වේදයට අනුව විග්‍රහ වන විෂය ජ්‍යෙdතිෂ්‍යය වේ. එනම් කාලයට යටත්වන්නා වූ පුද්ගලයන්ගේ පැවැත්ම පිළිබඳව එනම් දියුණුව, පිරිහීම, අධ්‍යාපනය, ලෙඩරෝග, විවාහ ජීවිතය, දරුඵල, ව්‍යාපාර, රැකියාව, ආදරය, සහෝදරයන් හා ඥතීන් පිළිබඳවද, සතුරන් හා මිතුරන් ආදී ජීවිතයට බලපාන සියලු කාරණා පිළිබඳවද කේන්ද්‍රයට අනුව විස්‌තර කළ හැකිය.

මෙහිදී පුද්ගලයාට දියුණුව සිදුවන්නේ කුමන මාර්ගයකින්ද යන්න මුලින් තීරණය කළ යුතුවේ.

ඒ අනුව ජ්‍යෙdතිෂවේදියාගෙන්, ඡන්ම පත්‍ර හිමියාට උපදෙස්‌ ලබාදිය යුතුවේ. උදාහරණයක්‌ ලෙස මාරක අපලයක්‌ දුටු පමණින් එය ඵල දෙන්නේ කෙසේද? එනම් රෝගයක්‌ මුල්කරගෙනද එසේ නැතිනම් හදිසි අනතුරක්‌ මගින්ද, එම මාරක තත්ත්වය නියත මාරක තත්ත්වයක්‌ද, අනියත මාරක තත්ත්වයක්‌ද යන්න තීරණය කළ යුතු අතර, ඒ සඳහා උපදේශනය, ජන්ම පත්‍ර හිමියාගේ සිතේ ස්‌වභාවය ඡන්ම පත්‍රය තුළින් අවබෝධකරගෙන ඔහුට හෝ ඇයට උපදෙස්‌ දිය යුතුවේ. මෙහිදී ජ්‍යෙdතිෂයට අනුව සෑම පුද්ගලයකුගේම ලෞකික ජීවිතයේ පැතිකඩවල් විග්‍රහ කළ හැකිය. එහිදී ජ්‍යෙdතිෂ්‍යවේදියාගේ අත්දැකීම් හා පරීක්‍ෂණ ඉතා වැදගත් වේ. ඒ අනුව පලාපළ කථනයට පෙර, ග්‍රහ සංයෝජනය, ග්‍රහ දෘෂ්ටි, ඵලදීමේ ස්‌වරූපය නිශ්චය කළයුතු අතර, ප්‍රථමයෙන් උපන් වේලාවට අනුව ඡන්ම පත්‍රය නිවැරදිද යන්න පරීක්‍ෂා කළ යුතුවේ.

තවද, ජ්‍යෙdතිෂවේදියා විසින් හස්‌ත රේඛා ශ්‍රාස්‌ත්‍රය ප්‍රගුණ කර තිබීම, කේන්ද්‍රයක නිවැරදිතාවය පරීක්‍ෂා කර ගැනීමට තවත් සාධකයක්‌ වේ. එසේම දේහලක්‍ෂණ විද්‍යාව පිළිබඳව දැනුමද ඉතා වැදගත් වන්නේය. මේ සියල්ලම පුද්ගලයකුගේ දැනටමත් සිදුවී ඇති කාරණා හා මතු සිදුවන කාරණා පෙන්නුම් කරන සාධකයන් වේ. මෙහිදී ජ්‍යෙdතිෂ්‍යය, හස්‌තරේඛා විද්‍යාව හා දේහ ලක්‍ෂණ විද්‍යාව එකිනෙකට බැදී පවතින විෂයක්‌ වේ. නමුත් ජොHdතිෂ්‍යයේදී ග්‍රහයන්ගේ බලපෑමද, හස්‌ත රේඛාවන් හා දේහ ලක්‍ෂණ වල පිහිටීම උප්පත්තියට අනුව සිදුවන අතර, එමගින් මෙම භවයේ කර්මානුරූපී බලපෑම ජන්මියාට කෙසේ ලැබෙන්නේද යන්න විග්‍රහ කළ හැකිය.

අසිත තවුසා සිද්ධාර්ථයන්ගේ පාද පරීක්‍ෂණයෙන් පසු, බුදුවීම පිළිබඳ අනාවැකි පළකළ අතර, අග්‍රාශ්‍රාවක වූ, ප්‍රඥවෙන් අග්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේට තථාගතයන් පිළිබඳව විග්‍රහ කිරීම නිවැරදිවම කළ නොහැකි බව උන්වහන්සේ (සැරියුත් රහතන් වහන්සේ) ප්‍රකාශ කර ඇත. එනම් තථාගතයන් වහන්සේ පිළිබඳ නිශ්චිතවම ප්‍රකාශ කළ හැක්‌කේ, තථාගතයන් වහන්සේට හෝ වෙනත් තථාගතයන් වහන්සේ කෙනෙකුට පමණි. එසේ වූ බුදුන් වහන්සේ පිළිබඳ අසිත තවුසාගේ අනාවැකිය මා ඉහත සඳහන් කළ විෂයන්ගෙන් හා ඔහු දියුණු කළ තෙවන ඇසින් ප්‍රකාශ කළ දෙයක්‌ වේ. මෙහිදී භාවනාව වේදයට අනුවත්, තථාගත දහමට අනුවත් දෙකක්‌ම වේ. සිද්ථාර්ථයන් ආලාර කාලාම තවුසා රාම පුත්‍ර උද්දක තවුසාගේ රූපාවචරය හා අරූපාවචරය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කළේය. එය නිරෝධයට අදාල කාරණාවක්‌ නොවන බව සිද්ධාර්ථයෝ වටහාගෙන පරම සත්‍ය අවබෝධ කර බුද්ධත්වයට පත්විය. මෙහිදී මාහට අවශ්‍ය වූයේ වේදය හා බුදුදහම අතර පවතින වෙනස පාඨක ඔබට අවබෝධ කර ප්‍රකාශ කිරීමටය. කෙනෙකුගේ ජ්‍යෙdතිෂයට අනුව ග්‍රහයන් ප්‍රබල වී ඇත්නම් ඔහු සංසාරේ පුණ්‍ය ශක්‌තිය පවතින පුද්ගලයකු වන අතර, බොහෝවිට ඔහු හෝ ඇය ලෞකික හෝ ලෝකෝත්තර දෙඅංශයටම දායකත්වය දක්‌වන පුද්ගලයකු වේ.

ඉහත සඳහන් කළ අසිත තවුසාගේ ප්‍රකාශය වේදයට අනුව සිදුවූවක්‌ වන අතර, එය සම්මතයට අනුව සත්‍යයක්‌ වේ. නමුත් එය පරම සත්‍ය නොවන බව වටහා ගැනීමට නම් පුද්ගලයකු මෙම පරම, දුර්ලභ දහම අවබෝධ කරගත යුතුවේ. එම පුද්ගලයාට එවිට මාර්ගයක්‌ හමුවේ. එම මාර්ගය නම් ආර්යය අෂ්ඨාංගික මාර්ගය වේ. හේතුව, තථාගත දහම විග්‍රහ වන්නේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය වන අතර නිරෝධයක්‌ දර්ශනය වූ පුද්ගලයකුට මාර්ගය හමුවේ. මෙය ඉතා ගැඹුරු කාරණාවක්‌ වන අතර මෙය නිවැරදි ආකාරයට විග්‍රහ කිරීමට මා ප්‍රතිබල නොවේ. එම විෂය තථාගතයන් වහන්සේට හා ආර්යයන්ටම විෂය වූ කරුණක්‌ වේ. ආර්යයා ප්‍රත්‍යක්‍ෂයෙන් හෝ අනුමානයෙන් හෝ ධර්ම කාරණාව ප්‍රත්‍යක්‍ෂම කරයි. බුදු දහම වේදයෙන් වෙන්වෙන්නේ ඉහත කාරණාව නිසාය. මෙහිදී ජ්‍යෙdතිෂය තුළින් පුද්ගලයකුගේ චරිතය හඳුනාගෙන, ඔහු කුමන ආකාරයකින් දියුණුවට පත්වේද යන්න විග්‍රහ කර ජීවිතය මනා ලෙස කළමණාකාරණය කරගත හැකිය.

සමහරෙක්‌ මෙම විෂය අසත්‍යයක්‌ බව පවසා ගරහන අවස්‌ථාද ඇත. එසේ නම් අවුරුදු දහස්‌ ගණනකට පෙර මනස දියුණු කර මෙම විෂය සොයාගත් සෘෂීන් විසින් ග්‍රහ චලිතය පිළිබඳව විග්‍රහය, එනම් සාපේක්‍ෂ චලිතය මුල්කරගෙන ගණනය කිරීම්, නූතන විද්‍යාවට අනුව අද ගණනය කිරීම් වලට සමාන වන්නේය. එම ග්‍රහ චලිතයේ බලපෑම් මත පෘථිවියටත්, පෘථිවියේ ජීවත්වන ජීවීන්ටත්, සිදුවන සිදුවීම් වලටත් ජ්‍යෙdතිෂයට අනුව ප්‍රකාශ වීම ගණිතය පදනම් කරගෙන සිදුවන්නෙකි. ජ්‍යෙdතිෂයට අනුව ගණිතයත්, භෞතික විද්‍යාව හදාරා ඇති සාපේක්‍ෂ චලිතය පිළිබඳව දන්නා වූ පුද්ගලයකුගේ ගණිතයත් අතර කිසිදු වෙනසක්‌ නොපවතී. නමුත් චලිතය පදනම් කරගෙන සිදුවන සිදුවීම් පිළිබඳ කිසිදු අවබෝධයක්‌ ජ්‍යෙdතිෂ්‍යය හදාරා නොමැතිව ප්‍රකාශ කළ නොහැක. මෙම ගණිතය පිළිබඳ යම් අවබෝධයක්‌ ඇති පුද්ගලයකුට මෙම විෂයේ ගැඹුරුතාවය තේරුම් ගැනීමට පහසු වේ. නමුත් පළාඵල කථනය සොයාගත් සෘෂින්වරුන්ගේ මනස කොයි මට්‌ටමක පැවතියේද යන්න සිතීමට පාඨක ඔබට භාර කරමි. මෙම විෂය සම්මතයට අනුගතව සත්‍යයකි. එනම් 1 යි 1 යි දෙක වේ. මෙයද සත්‍යයකි. නමුත් ඉහත සඳහන් කළ දේ පරම සත්‍ය නොවේ. එනම් එය නිරෝධයට කාරණා නොවේ. පරම සත්‍යයක්‌ පවතීද එය තථාගත දේශනාවම වේ. පරම සත්‍ය සොයා සසර සැරි සරන, මනස දියුණු සත්වයා වන මිනිසාට, මෙම විෂය තුළින් යහපත් ආකාරයට සැලසුම් කිරීමට මාර්ග උපදේශනයක්‌ ලබාගත හැකිවේ.

විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
0718602525, 0115248187

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.