2015 අප්‍රේල් 25 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

19 ඇතුළේ මාධ්‍ය දඩයමක්‌
- මහාචාර්ය රජීව විඡේසිංහ

19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, මාධ්‍යවේදීන් සහ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමේ යෝජනාවක්‌ සඳහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විඡේසිංහ මහතා 'දිවයින'ට පැවැසීය.


තවදුරටත් බොරු එපා පාර්ලිමේන්තුව විසුරුවන්න
- දිනේෂ් කියයි

සුළුතරයක්‌ සහිත ආණ්‌ඩුවට තවදුරටත් රටේ පාලනය ගෙන යැමට ඉඩදිය නොහැකි බවත්  දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක නොකොට බොරු කළා සේ එම ක්‍රමය තවදුරටත් කරගෙන යැමට ඉඩදිය නොහැකි බවද.....

ස්‌වාධීන මාධ්‍යවලට 19න් බලපෑම් එල්ලවෙනවා
- නීතිඥ ගෝමින් දයාසිරි

භයානකම කරුණ වන්නේ මෙතෙක්‌ කල් රජයට හෝ රජයට අනුබද්ධ සංස්‌ථා සහ සමාගම්වලට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් චෝදනා පුද්ගලයන්ට විරුද්ධව වුවද ඉදිරිපත් කිරීමට හැකිවීමය.


Mobitel Innovation Center ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා අතින් විවෘත වේ


අතිනවීන තාක්‍ෂණයෙන් සපිරි මෙම මධ්‍යස්‌ථානය කොළඹ TRACE Expert City හි පිහිටා තිබේ.

දේශපාලනඥයා දූෂිතයෙක්‌ වංචාකාරයෙක්‌ සේම ආඥදායකයකු ද නොවිය යුතුයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බස්‌නාහිර පළාත් හමුවේදී කියයි

මා කෙරෙහි විශ්වාසය තබලා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා මම ජනතාවට දුන්නු පොරොන්දුව ප්‍රතිඥාව අබ පියල්ලකින්වත් මම කඩන්නේ නෑ කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන.

අල්ලස්‌ කොමිසම ළඟ උද්ඝෝෂණ කළ 27 දෙනෙකුට නොතීසි
මහා සංඝරත්නය සිව්නමයි; මන්ත්‍රීවරුන් 23 යි

බෙංගමුවේ නාලක, මුරුත්තෙට්‌ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්‌ස, ගලගොඩඅත්තේ ඥානසාර යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්‌. එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, බන්දුල......

මහ බැංකු අධිපති අස්‌කරන්නැයි සන්ධාන මන්ත්‍රීවරු අත්සන් කරති

අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා මෙවැනිම ලිපියක්‌ සන්ධා නයේ මන්ත්‍රීවරුන් විසින් භාර දෙන ලදී.

ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවණය කෙරේ

ප්‍රතිමාව නිරාවරණය කිරීම මහා සංඝ රත්නයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේද ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


නිළියන්ට මඩ වැදීම ගැන පරීක්‍ෂණයක්‌ කරන්න
- රවි-නන්දිමිත්‍ර ඇමැතිවරු පොලිස්‌පතිගෙන් ඉල්ලති

කිසිසේත් මෙම ජාවාරම්වලට සම්බන්ධ නැති අහිංසක චරිතවලට මෙසේ නින්දා කිරීම විශාල අපහාසයකි.

කොටකෙතන මව ඝාතනයේ සැකකාර පුතා යළි රිමාන්ඩ්

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

මානසික රෝගියෙක්‌ මෙල්ල කරන්න ගිය
කොස්‌තාපල්ට පිහියෙන් ඇනලා

පොලිස්‌ කොස්‌තාපල්වරයා සමග පොලිස්‌ සැරයන්වරයකු එහි ගොස්‌ ඇති අතර සැකකරු වන මානසික රෝගියා අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු පලාගොස්‌ තිබේ.

තිස්‌සමහාරාම විෂ්ණු - කතරගම දේවාල ප්‍රධාන බස්‌නායක නිලමේ ජනපති සොයුරු කපිල සිරිසේන

තිස්‌සමහාරාම පොසොන් මහා පූජෝත්සවය සහ රුහුණු පොසොන් මහා පෙරහැර මංගල්‍ය භාර තිස්‌සමහාරාම විෂ්ණු කතරගම දේවාලයන්හි ප්‍රධාන දේවාල බස්‌නායක නිලමේවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු කපිල ගාමිණී සිරිසේන මහතා පත් කර තිබේ.


ගිහින් වැඩ කරන්න ඔයගොල්ලන්ව මාරු කරලා දායි..
ඔල්වරසන් දුන් රෝහල් සේවකයන්ට හිටපු ජනපති කියයි


බැසිල් රාජපක්‍ෂ මහතාගේ සුවදුක්‌ බලා රෝහල් වාට්‌ටුවෙන් පිටතට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතාට රෝහල් කාර්ය මණ්‌ඩලය හා ජනතාව ආචාර කළ අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ

'හෙල්පින් හම්බන්තොට'
යළි අවුස්‌සයි
මහින්දට එරෙහිව රන්ජන් අල්ලස්‌ කොමිසමට හා සී. අයි. ඩී. යට යයි

'හෙල්පින් හම්බන්තොට' නමින් මෙම මුදල් තැන්පත් කිරීමේ සිද්ධිය පිළිබඳව එවකට කළ පැමිණිල්ල නිසි පරිදි විමර්ශනය නොකළ බවත් යළි එම විමර්ශන අපක්‍ෂපාතීව සිදු කරන ලෙසත්......


19 ඉල්ලා
ජවිපෙ පාරට බහී


ජනමතයට හිස නමනු, 19 වැනි සංශෝධනය සම්මත කරනු, 19 වැනි සංශෝධනය සම්මත කිරීමට බාධා කරන කුමන්ත්‍රණ පරදවමු යෑයි සටන් පාඨ......

විපක්‌ෂ සංශෝධන පිළිගන්නේ නැතිනම් 19 ට එජනිස සහාය නෑ

අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබිය යුතු බවත් යෝජිත ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට නියමිත වෘත්තිකයන් වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ යුතු බවත් සංශෝධනවල දැක්‌වෙන බව......

ගෑස්‌ ටෙන්ඩරය පිළිබඳ කුකුසක්‌

රජයේ ලිට්‌රෝ ගෑස්‌ සමාගම ගෑස්‌ ටොන් ලක්‍ෂ 2 ක්‌ මිලයට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ අවසාන දිනය ලෙස රජයේ නිවාඩු දිනයක්‌ නම් කිරීම නිසා ටෙන්ඩර් කරුවන් 31 ක පිරිස අතර දැඩි සැකයක්‌ මතු වී ඇත.

උතුරු පළාත් සභාවට වර්ධරාජා අතපොවයි!

උතුරු පළාත් සභාවේ කටයුතුවලට ආණ්‌ඩුකාරයා මැදිහත්වීම වළක්‌වමින් යෝජනාවක්‌ සම්මත කරන්නැයි උතුරු නැගෙන හිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් උතුරු පළාත් සභාවෙන් ඉල්ලා ඇත.

චක්‍රලේඛ ක්‍රියාත්මක නොකරන නිලධා රීන්ට වැඩ වරදියි

රජය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන හා නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ලේකම් සී. බී. අබේකෝන් මහතා ඊයේ (24 වැනිදා) අවධාරණය කළේය.

උතුර ගැන රහස්‌ කත

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව ලවා උතුරට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමේ රහස්‌ සාකච්ඡා කීපයක්‌ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු තිදෙනකු යුරෝපා නිලධාරීන් සමඟ පවත්වා ඇත.

නිවාඩු ලබා සිටි මහ බැංකු අධිපති රහසේම යළි සේවයට ඇවිත්

රජයේ කමිටුව මගින් ඔහුව නිදහස්‌ කළත් මේ බැඳුම්කර සිද්ධියට ඔහු සෘජුවම සම්බන්ධ බවට මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් මාධ්‍යයට තොරතුරු අනාවරණය විය.

බදු ආදායමේ 23%ක වර්ධනයක්‌ - මුදල් අමාත්‍ය රවි කරුණානායක

සුරා බදු දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ නොවැම්බර් මස අයකරගෙන ඇති බදු මුදල රුපියල් බිලියන 4.3ක්‌. එය මේ වසරේ මාර්තු මාසය වෙද්දී රුපියල් බිලියන 9.5 දක්‌වා 123% කින් පමණ ඉහළ ගිහින් තියෙනවා

  • උතුරේ සිදුවන්නේ කුමක්‌ද?

    යාපනයේ ඇත්තේ අපේ ආණ්‌ඩුව යෑයි මහ ඇමැති විග්නේශ්වරන් මෑතකදී ප්‍රකාශ කර තිබුණි. මේ පසුබිම මැද යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ ඉල්ලන්නේ ද්‍රවිඩ ජනතාවගේ යහපත උදෙසා නොව ස්‌වයංපාලනය නැමැති බෙදුම්වාදී සංකල්පයේ ඉලක්‌ක එකින් එක සපුරා ගැනීම සඳහායි.

  • රට වටේ ක්‍රිකට්‌ ලොක්‌කෝ
    අද කොළඹදී හමුවෙති

    ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට හිමිවිය යුතු මුදල් නොලැබුණහොත් ක්‍රීඩා සමාජවලට මුදල් ගෙවීමට නොහැකි වන තත්ත්වයක්‌ මතුව ඇතැයි 'දිවයින' ට වාර්තා වේ. එම හේතුව සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා සමාජ ප්‍රධානීහු අද (26 දා) කොළඹදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමට නියමිතව තිබේ.
     


Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.