The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

p16 1ශ්‍රී ලංකාවේ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‌ෂතාවයන් උරගා බැලෙන 62 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (23දා) කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලබන 26 වැනිදා දක්‌වා පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2700 කට ආසන්න සංඛ්‍යාවක්‌ තරග වදින අතර එය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථය එළීමෙන් පසු පවත්වන ලද පළමු ප්‍රධාන පෙලේ මලල ක්‍රීඩා තරගාවලිය වශයෙන්ද සටහන් වේ.

මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දක්‌වන දක්‌ෂතාවන්ට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි තුනක්‌ සඳහාවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්‌ඩායම මෙන්ම මලල ක්‍රීඩා සංචිතය තෝරා ගැනීමද මෙහිදී සිදුවීමට නියමිතය.

මැයි මස 5 සහ 6 යන දිනයන්හිදී කොළඹදී පැවැත්වීමට යෙදී තිබෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ජුනි මස 7 දා සිට 10 දා දක්‌වා ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ජූලි මාසයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය යන තරගාවලීන් ඒ අතර වේ.

ඒ හේතුවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වඩාත් තරගකාරිත්වයකින් යුතුව පැවැත්වෙනු බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

වයස අවු. 16 න්, 18 න්, 20 න් සහ වයස අවුරුදු 23 න් පහළ වශයෙන් වයස්‌ කාණ්‌ඩ හතරක්‌ යටතේ අවසාන මහා තරග 150 ක්‌ වෙනුවෙන් බාලක බාලිකාවෝ පදක්‌කම් වෙනුවෙන් කරට කර සටනක නියෑලීමට නියමිතය.

මුල්පෙළ වයස්‌ කාණ්‌ඩ තුනට සාපේක්‌ෂව වයස අවුරුදු 23 න් පහළ වයස්‌ කාණ්‌ඩය සඳහා මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය පැහැදිලි ලෙස අඩු තත්ත්වයක පවතින බවට වාර්තා වී තිබේ.

කෙසේ නමුත් අද (23දා) පෙ.ව. 9.00ට සමාරම්භක උළෙල පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පෙ.ව. 10.00 ට රිටි පැනීම, උස පැනීම, දුර පැනීම, යගුලිය, කවපෙත්ත විසි කිරීම යන ඉසව්වන්හි අවසන් තරග 5 ක්‌ විවිධ වයස්‌ කාණ්‌ඩයන්ගෙන් පැවැත්වෙනු ඇත.

ගයාශාන් විතානආරච්චි
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles